Tuesday, July 9, 2019

අන්ත‌‌රේ පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප්‍රහාර



න්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කොට ඇත.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ විරෝධතා පා ගමන,ඇද හැලුනු දැඩි වර්ෂාවද නොතකා කොල්ලුපිටිය මං සංධිය  දක්වා ගිය අතර,කොල්ලුපිටිය මං සංධියෙදී රඳවා තිබු  පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය  පා ගමන විසුරුවා හැරීමට මෙලෙච්ඡ  ලෙස  කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී.


-ජන්ද ගුණ්ඩු එපා. අධ්‍යාපනය විකුණන මඩකලපුව උපාධි කඩය වහා අහෝසි කරනු!

- නාගානන්ද සිබා NSBM කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරනු!

-තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය කිරීමේ මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමවු!

-ජනතාවනි,
නිදහස් අධ්‍යාපනය වනසන නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වදිමු!

- ජාතික ආගමික පදනමින් පාසල් - සරසවි එපා!

- සිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට ගෙනඑන ප්‍රති ත්‍රස්ත පනත වහා හකුලා ගනු!

- සිසු නිදහස තහවුරු කරනු. අන්තවාදයට මුවාවී කරන මර්දනය නවතනු!

යන සටන්පාඨය ඇතුළු ඉල්ලීම් 07ක් මුලික කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණ.


0 comments:

Post a Comment