Sunday, August 25, 2019

ජීවන වියදම දරන්න බෑ වැටුප් 10000 කින් වැඩිකරනු! කෑගල්ල රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක..




ජීවන වියදම දරන්න බෑ වැටුප් 10000 කින් වැඩිකරනු! කෑගල්ල රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක..




කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සතියට පැය 48ක් වැඩකරයි. අමතර පැය 8ට වැටුපෙන් 1/30 ක දීමනාවක් ලබාදෙනු. යන සටන් පාඨය ඇතුළු පහත සටන් පාඨ 09  මුල්කරගනිමින්  කෑගල්ල රෝහල ඉදිරිපිටදී (2019/08/23) දින පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණය.. 


  •  කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සතියට පැය 48ක් වැඩකරයි. අමතර පැය 8ට වැටුපෙන් 1/30 ක දීමනාවක් ලබාදෙනු.
  • අතිකාල රේට් ක‍්‍රමයට ගෙවනු.
  • නිල ඇදුම් දීමනාව 15000ක් කරනු.
  • ජීවන වියදම දරන්න බෑ වැටුප් 10000 කින් වැඩිකරනු.
  • ස්ථිර නොකළ ආදේශක සේවකයින් ස්ථිර කරනු.
  • විශ‍්‍රාම වැටුපට අත නොතබනු - දායක විශ‍්‍රාම වැටුප් ප්‍රෝඩාව හකුළාගනු.
  • රෝහල් තුළ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හි`ගය වහා පියවනු.
  • සියලූ සෞඛ්‍ය සේවකයින්ට පැය 6ක වැඩ දිනයක් දින 5ක වැඩ සතියක් ලබාදෙනු.
  • සෞඛ්‍ය සේවා පෞද්ගලීකකරණය වහා නවතනු.


 සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය (ACHWU)

සම්බන්ධීකරණය - චමින්ද නිලන්ත / 0719869242 ටැම්පිටියේ සුගතානන්දහිමි 0718371089








0 comments:

Post a Comment