
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරීම හේතුවෙන්, එම විශ්වවිද්‍යාලය සඳහා නිසි බලධරයෙකු පත් කළ බවයි.
එලෙස පත් කර ඇත්තේ, මහාචාර්ය කදිර්කොමනාදන් කන්දසාමී මහතායි.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලදරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය බණ්ඩාර හේරත් මහතා පත් කර තිබේන අතර , ධුරයෙන් ඉවත් කළ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරිය වෙනුවට විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත කුමාර් තිරුණාවුකරසු නිසි බලධරයා ලෙස පත් කර ඇත.
0 comments:
Post a Comment