Wednesday, September 4, 2019

ජන බලවේගය හමුවේ හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම් උදර්පන පනත් කෙටුම්පත අකුලා ගනී


 හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම්, ආන්දෝලනාත්මක උදර්පන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අද නිවේදනය කළේ ය.

ඒ, මාස පහකට අධික කාලයක් පැවති ජනතා විරෝධතා මධ්‍යයේයි.

ආන්දෝලනාත්මක පනත් කෙටුම්ත සකස් කර ඇත්තේ දේශපාලන නඩු විභාග කිරීම, චීනයට පවරමිනි.

මේ යටතේ එවැනි නඩුවලට පෙනී සිටින සැකකරුවන් චීනයට උදර්පනය කිරීමට යෝජනා වී තිබිණ.

ඊට එරෙහිව ජනතා විරෝධතා ආරම්භ වූයේ පසුගිය මාර්තු මස 31 වැනිදායි.

එහි ප්‍රතිඵලයක් ලෙස උදර්පන පනත් කෙටුම්පත තාවකාලිකව ඉවත් කරගන්නා බව, හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම් පසුගිය ජුනි 15 වන දා ප්‍රකාශ කළා ය.

එහෙත් පනත් කෙටුම්පත ස්ථිරව ඉවත් කර, කැරී ලැම්ට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ජනතාව අඛණ්ඩ විරෝධතාවයේ නිරත විය.

ඒ අනුව  අදාළ පනත් කොටුම්පත ඉවත් කරගන්නා බව කැරී ලැම් අද නිල වශයෙන් නිවේදනය කළේය.


0 comments:

Post a Comment