ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩූටන් මහතා කියා සිටියේ, පසුගිය මාසයේදී එම යාත්‍රාව ඉන්දීය සාගරයේ ඔස්ට්‍රේලියාවට අයත් කුඩා දිවයිනක් වන කොකෝස් දිවයිනට ඔබ්බෙන්වූ මුහුදේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට ගත් බවයි.
පසුගිය මාස 18 ක කාලය තුළ ලංකාවෙන් ඔස්ට්‍රේලියාව බලා ගිය 13 වන යාත්‍රාව මෙය ලෙස සැලකෙයි.
ඔහු පැවසුවේ, මෙලෙස පැමිණෙ බෝට්ටු නතර කිරීම අරමුණු කර ගනිමින් මැතිවරණයෙන් පසු සිය පළමු සංචාරය ලෙස තමා ලංකාවේ සංචාරය කිරීම සඳහා තෝරාගත් බවයි.
මෙය සැබෑ තර්ජනයක් බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔස්ට්‍රේලියාවේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය අනුව නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා බෝට්ටු මගින් පැමිණෙන සංක්‍රමණිකයින් නැවතත් ඔවුන් පැමිණි රටටම මුහුදු සීමාවේදී හරවා යැවෙයි.
ඔස්ට්‍රේලියානු භූමියකට ඇතුළුවන සංක්‍රමණිකයින් පැපුවා නිව්ගිනියාව, නාවුරු යන දූපත්වල පිහිටි රැඳවුම් මධ්‍යස්ථාන වෙත යවනු ලබන බව රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ ය.
0 comments:
Post a Comment