
කල් මැරුවා ඇති, අංග සංපූර්ණ නව කළමනාකරණ පීඨ සංකීර්ණය වහා ලබා දෙනු..!
-නව දෙපාර්තමේන්තු හඳුන්වා දෙනු..!
-ශිෂ්‍ය බදවාගැනීම් ඉහළ දමනු..!
-අධ්‍යාපනයට දළ දේශීය නිශ්පාදිතයෙන් 6% ක් වත් වෙන් කරනු..!
යන සටන් පාඨ මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි. විරෝධතා පාගමන උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන්කළ අතර එහිදී අමාත්‍යංශ ලේකම්වරයෙකු සමග සාකච්චාවක් ලබාදීමට සුදානම් වුවත් එය සිසුන් ප්‍රතික්ෂේප කරන ලදී. එහිදී සිසුන් ප්‍රකාශ කලේ මිට පෙරත් අවස්ථා ගණනාවකදී අමාත්‍යංශ ලේකම් සමග සාකච්චා කර තිබුනත් ඒ කිසිදු අවස්ථාවකදී ගැටලුව විසදීම සඳහා සාධනීය මැදිහත්වීමක් නොවූ තත්වයක් තුල තව දුරටත් ලේකම් සමග සාකච්චා කිරීමට තමන් සුදානම් නොමැති බවයි.
0 comments:
Post a Comment