Sunday, April 12, 2020

ඇ.ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්මවා යයි..



ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්මවා ගොස් තිබෙයි.පසුගිය  08 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.95ක් ලෙසත් දැක්විණි.

මහබැංකුව තරදුරටත් සදහන් කර තිබුණේ, මෙම වසරේ ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 09 වනදා දක්වා ගත වූ කලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 9.1%කින් අවප්‍රමාණය වී ඇති බවයි..

තවද පෙබරවාරි මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වූ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අඩු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත්  සඳහන් කලේය.

0 comments:

Post a Comment