Wednesday, April 15, 2020

තවත් කියුබානු වෛද්‍ය සහ හෙද කණ්ඩායමක් ඉතාලියට...


කියුබානු වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ දෙවන කණ්ඩායම ගෙන්වා ගැනීම සමග කොරෝනා වෛරසයෙන් ඉතාලී ජාතිකයන් ගලවා ගැනීමට කියුබාව පෙරටුගාමි කාර්‍යභාරයක් සිදු කිරිමට සැරසේ. කියුබානූ වෛද්‍යවරුන් 21 සහ හෙදියන් 16 සමග ඉතාලියට පැමිණි පුර්ණ කියුබානු වෛද්‍යවරුන් සහ හෙදියන් 90 දෙනෙක් වශයෙන් සටහන් වේ. විශේෂඥ වෛද්‍යවරු, වසංගත රෝග විශේෂඥයවරු, දැඩි සත්කාර ඒකකයන් සදහා පුහුණු කරන ලද හෙදියන් එම කණ්ඩායමට අයත් වේ.

දෙවන වෛද්‍ය කණ්ඩායම ඉතාලියේ දැනට 3000ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති ලොම්බාඩියා ප්‍රාන්තයේ  වැඩිදුයුණු කළ රොහල් සදහා අනියුක්ත කර ඇත. එමෙන්ම මේ  වන විට කියුබාව ලොව පුරා රටවල් 17 කට වෛද්‍යවරුන් සහ හෙදියන් 900 කට අධික සංඛ්‍යාවක්  සේවය සදහා පිටත්කර  යැවීමට කටයුතු කර තිබේ.

0 comments:

Post a Comment