Monday, May 4, 2020

ග්‍රීසියේ කම්කරුවන් සමාජ දුරස්තභාවය පවත්වාගනිමින් ජාත්‍යන්තර කම්කරු දිනය සමරයි.


ග්‍රීසියේ රජය විසින් ජාත්‍යන්තර කම්කරු දිනය සදහා රැලි සහ පාගමන් සංවිධානය තහනම් කර තිබූණි.නමුත් එය නොතකමින් සොඛ්‍ය අංශ සේවකයින්,අනෙකුත් ක්ෂේත්‍ර වල කම්කරුවන් සහ ශිෂ්‍යන් ඇතන්ස් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල එදිරිපිට ඒකරාශී විය.එහිදී ඔවුන් සෞඛ්‍යාරක්ෂිත මුහුණු ආවරණ , අත්වැසුම් පැළද සමාජ දුරස්තකරණය පවත්වා ගනිමින් වර්ණවත් ධජ පතාක ප්‍රදර්ශ්ණය කරමින් විරෝධතාවයේ නිරත විය.

ධනපතියන්ගේ ලාභ අරමුණු වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරාවට සූරාකෑමට සහ බරපතල සමාජ අසමානතාවයෙන් පීඩා විදිමින් සිටි කම්කරුවන් වෙතම මෙම කොරෝනා වසංගතය විසින් ඇතිකරන ලද සමාජ ආර්ථික පීඩනය ද මුදාහරීමට පාලකයන්, කටයුතු කරමින් සිටියි.ඇතන්ස් වල පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස් වූ ග්‍රීක කම්කරුවන් විරෝධතා පාඨ කියමින් හඩනැගුවේ ""No sacrifice for the bosses".(ලොක්කන් වෙනුවෙන් කැපකිරීම් නොමැත)" යනුවෙනි.











0 comments:

Post a Comment