මේ වනවිට රටේ මතුව ඇති තත්වයද පාවිච්චි කරමින් ආයතන හිමියන් සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවී්ම් පැහැර හරිමින් ඇත. එමෙන්ම රැකියාවලින් ඉවත් කරමින් පවතී.ආණ්ඩුවද මෙම ව්‍යසනය උපයෝගී කරගනිමින් ජනතාව මත එහි බර පටවමින් ධනපතියන්ගේ බර සැහැල්ලු කරමින් සිටි.ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය එරෙහිව කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් අද දින දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල වලට ගොස් තම ඉල්ලීම් ඉදිරිපත් කර විරෝධය පල කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් දුමින්ද නාගමුව සහෝදරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ පසුගිය දිනයන්හි ද කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධන සමග මේ සම්බන්ධව සාකච්ජා සිදු කරනු ලැබූ අතර එම සාකච්ඡවේදී ඇමති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ කිසිදුු හේතුවක් හමුවේ මේ තත්වය තුළ වැටුප් නොගෙවා හැරිය නොහැකි බවත් රැකියා අහිමි කිරීම් කළ නොහැකි බවත් ය.තවද ඒ පිළිබද අදාළ අංශ දැනුවත් කරන බවයි.
නමුත් විශාල වශයෙන් වැටුප් නොගෙවීම් හා රැකියාවලින් ඉවත් කිරීම් මේ වනවිට ද වාර්තා වේ.ඇතැම් ආයතන වැටුප් ගෙවා නැති අතර සමහර ආයතන වැටුපෙන් අඩක් ගෙවීමට කටයුතු කරමින් සිටි.මෙසේ සිදු කරනු ලබන්නේ මෙම සමාගම් අධික ලාබයක් ගන්නා අතර තුරයි.
මෙලෙස වසංගතයට මුවා වී සිදු කරන වැටුප් නොගෙවීම් හා රැකියා අහිමි කිරීම්වලට එරෙහිව කම්කරු අරගල මධ්‍යස්ථානය අද දින නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේනතුවට සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටි දිස්ත්‍රික් කම්කරු කොමසාරිස් කාර්යාල වලට ද සේවක ගැටලු ඉදිරිපත් කරනු ලැබූ බවත්,
මෙම සියලු ගැටලු මීට පෙර කම්කරු දෙපාර්තමේන්තුවට ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කළ බවත් ප්‍රකාශ කළ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපයේ මේ පිළිබද සාධාරණයක් නොවන්නේනම් අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාමාර්ගවලට අවතීර්ණ වන බවයි.
0 comments:
Post a Comment