Thursday, May 21, 2020

ජනතාව ධවල මන්දිරය ඉදිරිපිට මරණ ගොඩගසා ට්‍රම්ප් පාලනයට විරෝධය දක්වයි


ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා මගින් පෙන්වා දෙන්නේ  ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින  ඉහළ යමින් පවතින බවයි. මේ වන විටත් කොරෝනා රෝගීන් 1,581,903 ප්‍රමාණයක් අමෙරිකාවෙන්  වාර්තා වී අතර මරණ 93,806 ලෙසින් සදහන් වේ. නමුත් ට්‍රම්ප් පාලනය දිගින් දිගටම ආර්ථිකයට ප්‍රමුකත්වය දෙමින් කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ගනු ලැබුවේ මන්දගාමී පිලිවෙතක්ය 

වෛරසය ආරම්භවීමෙන් අනතුරුව ට්‍රම්ප් සිය පළමු කැබිනට් රැස්වීම පසුගිය සදුදා පළමුවරට පැවැත්වූ අතර එහිදී ඔහු කියා සිටියේ  ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම ගෞරවයක් බවයි.

ට්‍රම්ප් රජයේ හැසිරීම  ඇමරිකා එක්සත් ජනපදය තුළ COVID19 පාලනය කිරීමට  අපොහොසත් වීම හේතුවෙන් කෝපකාරී වූ ඇමෙරිකානුවන්  ධවල මන්දිරය ඉදිරිපස අවමගුල් පෙරහැරක ස්වරූපයෙන් විරෝධතා පවත්වනු ලැබුහ .‍
මෝටර් රථ සිය ගණනක් පැමිණ  ජනාධිපති වරයාගේ නිල නිවස ඉදිරිපිට වීදි පුරා සැරිසරමින්, නලා හඬවමින් මළසිරුරු පාලන බෑග් උද්‍යානයේ තැනින් තැන තබමින්, ධවල මන්දිරයේ ඉදිරිපිට පැවැත්වූ මෙම විරෝධතාවය අමුතුම හැඩයක් ගෙන තිබුණා.
මෙම විරෝධයට එක්වුවන් විරෝධාතා පුවරු වල
“එක් ජනාධිපතිවරයෙකුට සොහොන් කියක් හාරාගත හැකි ද?” යන්න සඳහන් කරමින් තම විරෝධය ප්‍රකාශ කරනු ලැබුහ.එසේම මෙම විරෝධතා කරුවන් මෙම  විරෝධතාවය නම් කර තිබුණේ “වැලපීමේ දිනය” ලෙසිනි.




0 comments:

Post a Comment