Thursday, May 21, 2020

ආධාර ලබා ගැනීම සඳහා උත්සහ දැරීමේදී තෙරපීමෙන් මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනෙකු මියයි

 ව්‍යාපාරිකයෙකුගේ ආධාර බෙදා හැරීමේදී මලිගාවත්තේදී  කාන්තාවන් 3 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.මෙසේ මරණයට පත්ව ඇත්තේ තෙරපීම නිසාවෙනි.

රම්සාන් උපවාසයේ 27 වන දිනය නිමිත්තෙන්  ඔහු මෙලෙස ආධාර බෙදා දී ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන්  ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ටය.

පොලීසිය විසින්  පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ද  ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධාර බෙදා දුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 06ක් ය .

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තම ජිවනඋපායන් අහිමි ගිය ජනතාව වෙනුවෙන් විදිමත් ක්‍රමවේදයක් සැකසීමට අපෝසත් වූ ආණ්ඩුව මෙලෙස ජනතාව ආහාර මල්ලක් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබීමට තල්ලු කර ඇත.මෙලෙස ජනතාවට ආහාර නොමැති තත්වයක් තුළ ඇතැම් ප්‍රදේශ වල ජනතාවට තම වගා අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.

0 comments:

Post a Comment