Tuesday, May 5, 2020
"කම්කරුවා කබලෙන් ලිපට" Chas P Hayleys කම්හලේ සේවකයෝ අප්‍රේල් මස වැටුප් ඉල්ලති!
කොරෝනා වෛරසයට ජාති,ආගම් සහ පංති බේදයක් නොමැති වුවද කොරෝනා වෛරසය ව්‍යාප්ත වන අප සමාජය තුළ බරපතල පංති විෂමතාවයක් පවතී.එම නිසා වෛරසයට ගොදුරුවීමේ අවදානම මෙන්ම වෛරස ව්‍යාප්තිය සමග අඩාල වූ ආර්ථිකය හමුවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන්ගේ පීඩාවටද ගොදුරුව තිබේන්නේ ලොව පුරා වැඩකරන ජනතාවයි.
උදාහරණයක් ලෙස වෛරස අවදානම පැමිණි මොහොතේ ආර්ථික හැකියාවක් ඇති සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂණ ද්‍රවය සහ අත්‍යවශ්‍ය ආහර පාන තොග පිටින් රැස් කරගත් අතර සාමාන්‍ය ජනතාවට ඒවා සපයා ගැනීමට නොහැකිවිය.මැදි හා ඉහළ ආදායම්ක් සහිත අයවලුන් තම පෞද්ගලික වාහනයකින් සුපර් මාකට් එක වෙත පැමිණ මීටරයේ පරතරයෙන් පෝළිමේ හිද එකම වහළක් යටින් බඩු ටික රැගෙන ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවා සෞඛ්‍ය ආරක්ෂිතව නිවස කරා ගියද එදාවේල සොයාගෙන ජීවත් වූ පහළ පාංතික ජනයා උකස් බඩු කඩ සහ බැංකු වල පෝළිමේ හිද තියෙන සොච්චම් මුදලින් දරුවන්ගේ බඩ පිරවීමට ප්‍රමාණවත් දෙයක් මිළදී ගැනීමට තොග කඩ වලට,මාකට් වල පොරකමින් දෙයක් එකතු කරගෙන පොදු ප්‍රවාහන සේවයේ නිවස වෙත යාමට සිදුවීම තුළ දැඩි සෞඛ්‍ය අවධානමකට මුහුණදෙමින් සිටී.
එපමණක් නොව ව්‍යසනය විසින් ඇති කල ආර්ථික අර්බුධයේ ප්‍රථිවිපාක විදීමට සිදුව ඇත්තේද කම්කරුවා වෙතය..කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකමින් මේතාක් ලාභ කදු ගොඩගැසූ ධනපතියන් ව්‍යසනය නිසා අඩාල වූ ආර්ථිකය විසින් ඇති කල පාඩුව පියවා ගැනීම සදහා තම ලාභ කදු කඩා වැටීමට නොදී කම්කරුවන්ගේ වැටුප් නොගෙවීම සහ කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග වලට පටහැනිව යමින් සේවයේ යෙදවීම වැනි සිදුවීම් මේ වන විටත් ලොව පුරා සිදුවෙමින් පවතී..ඇමරිකාව තුල පමණක් මේ කාලය ඇතුළත මිලියන 20 ගණනකගේ රැකියා අහිමිකර ඇත.
මෙම අර්බුධයේ ප්රකාශනයන් මෙරටින්ට මතුවීමට පටන්ගෙන තිබේ..උදාහරණයක් ලෙස අද දිනයේ වතුගහමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක කම්කරුවන් සිදු කරන ලද විරෝධතාවය දැක්විය හැක..ඉකුත් මාසයේ වැටුප නොගෙවීමට සහ මේ මස සිට වැටුප් අඩකින් අඩු කිරීමට පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය දකිවමින් ඔවුන් මෙය සිදු කරන ලදී.මාර්ගය අවහිර කරමින් විරෝධතාඅව්යේ නිරත වූ ඔවුන් තම ඉල්ලීම් වලට සාධාරණ පිළිතුරක් ලැබෙන තුරු අකණ්ඩව රැදීසිටින බව ප්‍රකාශ කලේය.
ලෝක බැංකු වාර්ථා ප්‍රකාශ කරන්නේ මෙම තත්වය තුළ ලොව පුරා කම්කරුවන් අඩකගේම රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බවයි.මේ සියළු පීඩාවන්ට මුහුණ දීම සදහා කම්කරුවන්ට ඇති එකම විකල්පය වන්නේ ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් කම්කරු ප්‍රජාවක් ලෙස සංවිධානාත්මක බලයක් ගොඩනගා ගැනීමයි..එවැනි සහයෝගීතාවයකින් අපව පීඩාවට පත්කරනු ලබන මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් කිරීමය. එසේ නොවී හුදකලා වුවහොත් සිදුවන්නේ විනාශ වී යාමටය..
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment