Thursday, June 11, 2020

ඇමෙරිකානුවන් මිලියන 44 විරැකියා ගොඩට එකතු වෙද්දී බිලියනපතියන්ගේ වත්කම ඇ .ඩොලර් බිලියන 565 කින් ඉහළට



ලොව සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 7,145,400 වාර්තා වී ඇති අතර දැනට වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 408,025

කොවිඩ් වසංගතය නිසා රට අකර්මණ්‍ය කිරීම බොහෝ අමෙරිකානුවන්ට ආර්ථික පීඩා ගෙන දුන්නත් මාර්තු 18 වන දා සිට මේ දක්වා කාලය තුළ එරට බිලියනපතියන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 565 කින් ඉහළ ගොස් ඇතැයි ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණ කර තිබේ.

මෙම තත්ත්වය උදාවී ඇත්තේ ඇමරිකානුවන් මිලියන ගණනින් විරැකියාවට ඇද වැටෙන මොහොතකය
මිලියන  1.5 ක් පමණ පසුගිය ගෙවුණු සතියේ විරැකියා රක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ බව එරට කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
රැකියාවෙන්  දොට්ට දදැමු ඇමෙරිකානුවන්ගේ  අයගේ එකතුව පසුගිය සති 12 තුළ මිලියන 44.1ක් බව ඇමෙරිකානු වාර්තා සදහන් කරයි

0 comments:

Post a Comment