Friday, June 12, 2020

මිහින් ලංකා ගනු දෙනුව හෙළි කළ රජීව ජයවීරගේ වෙඩි වැදී මියගිය සිරුර නිදහස් චතුරශ්‍රයේ



නිදහස් චතුරස්ය අසල දී සොයා ගනු ලැබූ මළසිරුර මිහින් ලංකා ආයතනයේ සිදු වූ අක්‍රමිකතා හෙළි කළ රජීව ජයවීරගේ බව අනාවරණය වී ඇත.

 64 හැවිරිදි රජීව, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර  ඔහුගේ මළසිරුර නිදහස්  චතුරශ්‍රයට පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැත.

 සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන කටයුතු සිදු කරනු ලබයි

මිහින් ලංකා ආයතනයේ කුප්‍රකට ‘එයාබස් ගනුදෙනුව’ පිලිබඳ කරුණු හෙළි කරනු ලැබුවේ ඔහු විසිනි.

මෙම ගනුදෙනුව හරහා සිදු වූ වංචාවන් සම්බන්ධව  වෙබ් අඩවිවලට ලිපි ලියු රජීව ජයවීර කිසියම් අරමුණකින් වෙඩිතබා ඝාතනය කර තිබේ.

 ඔහු ඊයේ රාත්‍රියේ පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර ගෙනවිත් දමා ගොස් තිබෙන බවට සැක මතු වේ

 රාජපක්ෂවරුන්ට ඇති වංචා දූෂණ පිලිබඳ කරුණු හෙළි කිරීම නිසා ඔහු බලපෑම්වලට ලක් වී සිටියේය. රජීව ජයවීර මිහින් ලංකා ආයතනයේ සේවය කර තිබෙන නිසා ඒම ආයතනයේ ගනුදෙනු හා ක්‍රියාමාර්ග සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු රැසක් දන්නා, අයකු ලෙසද සැලකේ.

මේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස හුවා දැක්වීමට  ඇතැම් පාර්ශව  ප්‍රචාර ගෙනයන නමුත් රාජගිරියේ පදිංචි ඔහුගේ සිරුර නිදහස් චතුරශ්‍රය අසලට ගෙ ආ බවට වාහන සලකුණක් නොමැති බැවින් ඔහුව  ඝාතනය කර සිරුර  ගෙනත් දමා ඇති බවට සැකයක් ඇත.

0 comments:

Post a Comment