Sunday, June 14, 2020

දීමනා නොදී ආර්පිකෝ සේවකයන්ගෙන් වැඩ ගනී


කොරෝනා වසංගතයට මුවා වී කම්කරුවන්ගේ වැටුප් කප්පාදුව දිගින් දිගටම සිදු වෙමින් පවතී මෙහි අලුත්ම ගොදුර බවට පත් වී ඇත්තේ ආර්පිකෝ ආයතනයේ සේවකින්ය ,

ආර්පිකෝ ආයතනය තමන්ගේ හිමිකම් ඉතා දරුණු ලෙස කප්පාදුවකට ලක් කොට ඇතැයි
එම ආයතනයේ සේවකයෝ ප්‍රකාශ කරති.

රට පුරා විහිදී ඇති  ආර්පිකෝ වෙළඳසල්වල හා නිෂ්පාදන අංශවල සේවයේ නියුතු සේවකයන් හට දීමන කිසිවක් ලබා නොදී  ඔවුන්ගේ මූලික වැටුප පමණක් ගෙවා ඇත..

බහුතරයකගේ මූලික වැටුප වන්නේ රුපියල්  12, 000 ත් - රු. 18, 000 .අතර සච්චමකි

පැමිණීමේ දීමනාව හා  රාත්‍රී වැඩ මුරය සඳහා කරන ලද ගෙවීම් ද නවතා ඇත.

සේවකයන්ට ලබා දෙන ඉලක්ක සැපිරීමෙන් අනතුරුව ඔවුන්ට ගෙවනු ලබන දීමනා මෙන්ම, වාර්ෂික වැටුප් වර්ධකය ගෙවීම ද අත්හිටුවා ඇතැයි සේවකයෝ තව දුරටත් කියා සිටිති.

ඇඳිරී නීතිය පැවැති දිනයන් හී දී සේවය සඳහා යෙදවූ මෑන්පවර් ආයතන වලින් ගෙන්වා ගත් සේවකයින්ට දිනක වැටුප ලෙස ගෙවා ඇත්තේ, සාමාන්‍යයෙන් ආයතනයේ සේවකයෙකුට දිනකට ගෙවනු ලබන වැටුපෙන් හරි අඩක් පමණි.

0 comments:

Post a Comment