Wednesday, June 10, 2020

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් ජනාධිපති බොල්සොනාරෝට නියෝගයක්...



බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ජනාධිපති බොල්සොනාරෝට නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ Covid-19 වසංගතයට අදාල දත්ත යටපත් කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග පසෙකලා ඊට අදාල සියලු සංඛ්‍යා ලේඛන හා දත්ත නැවත ප්‍රකාශයට පත් කරන ලෙසයි.

මෙලෙස නියෝග කර සිටියේ වසංගතයට අදාල දත්ත පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් Covid 19 වසංගතය නිසා මිය යන සංඛ්‍යාව,  ආසාදිත සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීම නවත්වන ලෙසට බොල්සොනාරෝ රජය පසුගිය සෙනසුරාදා දින ප්‍රකාශයට පත්කළ නිවේදනයක් නිසාය. වසංගතය නිසා ජීවිත 37000කට වඩා අහිමි වී ඇති බ්‍රසීලයේ බරපතලකම සැගවීමට බොල්සොනාරෝ පාලනය පියවර ගනිමින් සිටින බව විචාරකයන් දක්වයි.

0 comments:

Post a Comment