Monday, August 10, 2020

බ්‍රසීලයේ රැකියා අහිමිව පාරට වැටුණු ජනයා පදිංචිවීමෙන් ලෑලි නිවාස නගරයක් නිර්මාණයවේ.

කොරෝනා වෛරසය පිළිබදව පවතින සමාජ අවධානය අඩුවී පැවතියද වෛරස ව්‍යාප්තියේ මෙන්ම එමගින් ඇති කරනු ලැබූ සකල විද සමාජ - ආර්ථික අර්බුදයන්ගේ ද නිමාවක් නොමැත. 2008 ලෝක ආර්ථික අර්බුධයේ පටන්ම ගෝලීය වශයෙන් ධනේෂවර ආර්ථිකය පැවතියේ කඩාවැටෙමින්ය.වසංගතය විසින් එය ත්‍රීවෘ කරන ලදී.සුපුරුදු ලෙසම කඩාවැටෙන ආර්ථිකයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට ධනපතීන් කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙස ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මේ වන විටත් රැකියා අහිමිවීම්,වැටුප් කප්පාදුව නිසා පීඩාවට පත්ව ඇත.

බ්‍රසීලය ද දරුණු ආර්ථික අර්බුධයකට මුහුණදෙමින් සිටින අතර විශාල ප්‍රමාණයකට රැකියා අහිමිවගොස් ඇත.ජීවනෝපායන් අහිමිවීමේ ප්‍රථිපලයක් ලෙස නිසාව කුලී ගෙවාගත නොහැකිව මහ මගට වැටුණු ජනතාව විසින් "ෆැවේලා" ලෙස හදුන්වන කුඩා තාවකාලික් ලෑලි නිවාස ඉදිකරගෙන පදිංචිවීම නිසා "සාඕ පවුලෝ" නගරය ආසන්නයේ විශාල"ෆැවේලා" ජනාවාස සංකීරණයක් වර්ධනය වෙමින් පවතී.

බ්‍රසීලයේ පවතින බොල්සොනාරෝගේ අන්ත දක්ෂිනාංශික පාලනාධිකාරිය විසින් ජනතාවගේ මෙම ගැටළු වලට කිසිදු විසදුමක් ලබාදීමට අපොහොසත්ව ඇති අතර ඔවුන් තවදුරටත් අත්තනෝමතිකව ක්‍රියාත්මක කරමින් යන නව ලිබරල් ආර්ථික ප්‍රථිපත්තීන් විසින් අර්බුධය තව තවත් ත්‍රීවෘර කර ඇත.

"ෆැවේලා" නිසවක ජීවත්වන කාන්තාවක් දැක්වූ අදහස්,

"මගේ මහත්තය ට්‍රක් රථ රියදුරෙක්.කොරෝනා නිසා එයා රස්සාවෙන් අස්කලා.ඊට පස්සෙ අපිට ගෙවල් කුලී ගෙවාගන්න බැරිව ගියා.දරුවොත් එක්ක පාරට වැටිල ඉද්දි යාලුවෙක් තමයි මේ "ෆැවේලා" ගැන කිව්වෙ.මුල් දවස් ටිකේ  වහලයක් වත් නැතිව දරුවො එක්ක තෙමි තෙමි අපි ගොඩක් දුක්වින්දා.."




0 comments:

Post a Comment