කොරෝනා වෛරස ආසාදනය රට පුරා අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ සනීපාරක්ෂාව සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා ප්‍රංශ ගුරු සංගම් අඟහරුවාදා රටපුරා විරෝධතා හා වැඩ වර්ජන දිනයක් පැවැත්වීය.පාසල් වසාදම්මින් දිවයින පුරා ගුරුවරුන් සහ ශිෂ්‍යන් විශාල ප්‍රමාණයක් මෙම විරෝධතාවන්ට එක්ව සිටි අතර ඔවුන් පවසා සිටියේ කොවිඩ් දෙවන රැල්ල පැතිරයාමත් සමග පාසල් වලට ලබාදී තිබෙන සෞඛ්‍ය පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් එමගින් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ජීවිත බරපතල අවධානමකට හෙළා තිබෙන බවයි.
මුහුණු ආවරණ ඇතුළු අනෙකුත් පෞද්ගලික සෞඛ්‍යාරක්ෂණ පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙසත් ජනාකීර්ණ පංතිකාමර සහ ආපනශාලා මගින් වෛරස ව්‍යාප්තිය අවධානම වැඩි කරන බැවින් කඩිනමින් නව පිරිසක් බදවාගෙන කාර්ය්ය මණ්ඩල පුළුල් කර සිසුන් 30කට අඩු පංති කාමර ඇතිකර දුරස්ථභාවය ඇති කරමින් අධ්‍යන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එරට ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.
0 comments:
Post a Comment