අද උදෑසන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා හෙට සිට රට නැවත විවෘත කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කරනු ලැබීය.ප්‍රදේශ කිහිපයක පමණක් හුදකලා කරමින් නැවත රට විවෘත කරනුයේ වසංගත රෝග අංශය සහ ඝ්MOඇ අනතුරු අගවන තත්වයක් මත වීම විශේෂත්වයකි. වසංගත රෝග අංශයේ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන පරිදි නැවත රට විවෘත කිරීමෙන් වසංගතය ව්‍යාප්තිය මීටත් වඩා අවධානම් මට්ටමකට වර්ධනය විය හැකි බවයි.
එමෙන්ම අලුතෙන් ඇතිවී තිබෙන පොකුරු ටික කොයිතරම් දුරකට කළමනාකරණය කරගන්නවාද කියන කරුණ මත රට ඉදිරියේදී වහනවද නැතිනම් සීමා ලිහිල් කරනවාද යන්න තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.ඔහු පවසන්නේ දැනට කෙරවළපිටිය කර්මාන්තශාලාවක 106කගේ පොකුරක්, පොලිස් පොකුර, බන්ධනාගාරය තුළ යනුවෙන් අලුත් අනු පොකුරු නිර්මාණය වී ඇති බවයි.තවද මේ වනවිට දිනකට මරණ 4-5 වාර්ථාවෙමින් පවතී.එම කොවිඩ් මරණ සමාලෝචන ක්‍රියාවලියක් වහාම ආරම්භ කළයුතු බවත් ඊළඟ මරණය වළක්වන්න හැකිවන්නේ එවැනි සමාලෝචන ක්‍රියාවලියකින් පසු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද රට තුළ ඇත්තටම කොවිඩ් පැතිර පවතින ප්‍රදේශ මොනවාද තාක්ෂණය හරහා එක සිතියමකට රැගෙන එය දිනපතා යාවත්කාලීන කරමින් ජනතාවට වාර්ථාකරණ ක්රමව්වේදයක් කඩිනමින් සකස්කිරීමේ වැදගත් කමද අණාවරණය කලේය.
විෂයේ ප්රවීණයන්ගේ අදහස් එසේ වෙද්දී ආණ්ඩුව ඒ සියල්ල නෑසූනාක් මෙන් බල්ලගේ වැඩේ බූරුවාට බාරදී හමුදාති සහ මිලිටරි යාන්ත්‍රණය හරහා කොවිඩ් මර්ධන මෙහෙයුමක් දියත් කරමින් සිටින්නේ වෙන කිසිවක් නිසා නොව ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ ආරක්ෂා කිරීම වෙනුවෙන් නිශ්පාදන ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් බව මනාව තහවුරුවේ.
PCR පරීක්ෂණ කිසිසේත් ප්‍රමාණවත් නැත.මිනිසුන් ආසාධිතයකුද පවා නොදැනම නිවෙස් වල, මහමග හිටි හැටියේ මැරී යන තත්වයක් උදාවී ඇත.ලක්ෂ 22කට වඩා අධික පිරිසකට මේ වන විටත් වෛරසය ආසාදනය වී ඇතැයි පැවසේ.පෞද්ගලික අංශ පවරාගෙන හෝ PCR පරීක්ෂණ වැඩිකර හැකිතාක් කඩිනමින් ආසාධිතයන් හදුනාගෙන තවදුරටත් රෝග ව්‍යාප්තිය අවම කිරීමට කිසිදු වැඩපිළිවෙලක් උනන්දුවක් ඇතිබවක් පෙනෙන්නට ඇත.ඒ කිසිත් නොමැතිව හමුදාව යොදාගෙන ජන්ඩිපාට් දමමින් රට කඩිනමින් විවෘත කර ධනපතියන් රැගැගැනීමට ආණ්ඩුවට ඇත්තේ පුදුම කඩිකුලප්පුවකි.එය අපට නම් පුදුමයක් නොවේ.තනි කේවල මිනිසාගේ සිට සමස්ත ලෝක ගෝලයම ප්‍රාග්ධන සමුච්චකරණ වුවමනාවන් වෙනුවෙන් පමණක්ම සංවිධානය කර පවත්වාගෙන මේ ධනේෂ්වර සමාජ ක්‍රමය තුල අපේ ජීවිත යනු උන්ගේ ලාභ සෙවීමට පාවිචි කරන යන්ත්‍ර පමණකි.එම නිසා උන්ගේ ලාබ අහිමිකරගනිමින් අපේ ජීවිත රැකීමේ උවමනාවක් ඔවුන්ට කිසිදාක ඇතිවන්නේ නැත.උඹලා මැරෙනකන් අපේ ලාභය වෙනුවෙන් වැඩකරල මැරිල පලයන්...ධනවාදයේ තියරිය එයයි..මේ වෙනුවට "මිනිසාගේ සහ පෘතුවිගෝලයේ යහපැවැත්ම එමක අරමුණ කරගත්"සමාජ ක්‍රමයක් අප විසින් ගොඩනගාගන්නා තුරු අපේ ඉරණම එයයි.එබැවින් මොන අසීරි කොන්දේසි යටතේ වුවද අපගේ විමුක්තිය දිනාගැනීමේ එම අරගලය ශක්තිමත් කරමු.
0 comments:
Post a Comment