සමීර කසුන්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. කවියෙන් කවිය එකතු කරලා ඔහු පොප්ලර් සිහිනය නමින් පොතක් එළිදක්වනවා. ගිනිසිළුව අපි පොත ලියූ ඔහුත් එක්ක කතා කරන්න හිතුවා.
අපි හැමෝගෙම ජීවිතවල මොනාම හරි බලාපොරොත්තු තියනවා. මේකත් ඒ වගේ පුංචි බලාපොරොත්තුවක්. ජීවිතයේ තදින් ම කා වැදුණු මතක සටහනක්. මට මතක් වෙන්නේ ගුරු ගීතයේ දුයිෂෙන්ගෙ චරිතය. ස්ටෙප්ස් තණබිම් හරහා හමා ගිය ඒ ජීවිතයේ ගැඹුරු ම හඬ මට තාම මතකයි. එදා දුයිෂෙන් අල්තීනායි එක්ක ඈත පොප්ලර් නිඹුල්ලුන්ට ජීවිතය දුන්නා. මටත් ඕනි ඒ වගේ ජීවිතවලට පණ දෙන්න. හරියට දුයිෂෙන් වගේ. ඒ සිහිනය තමයි ‘පොප්ලර් සිහිනය’ විදියට මගෙන් ලියවුණේ.
කවියෙක් වෙන්න හිතුවෙ ඇයි?
විශේෂ හේතුවක් නෑ. කුඩා කාලයේ ඉඳන් ම ලේඛන කටයුතුවලට විශේෂ ඇල්මක් තිබුණා. ඒ නිසා ම වෙන්න ඇති කවියෙක් වෙන්නත් කවියට යොමු වෙන්නත් හේතුව.
කවිවලට අමතරව වෙනත් නිර්මාණවලට යොමුවෙන්න අදහසක් තියෙනවද නැත්නං දැනටමත් යොමුවෙලාද ඉන්නේ?
කවියට අමතරව ඉතින් සංගීතයට තමයි මුල් තැනක් දෙන්නේ. ගීත අනුවාදනවලින් අලුත් නිර්මාණ ටිකක් කරගෙන යනවා. ඉදිරියට කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම විවිධ පර්යේෂණ කටයුතු වලත් නිරත වෙමින් ඉන්නවා මේ දිනවල.
ඉදිරි වැඩකටයුතු කොහොමද වෙන්නේ තව පොතකින් අපිට සමීරව හම්බවෙනවද ?
පොප්ලර් සිහිනය හැබෑ කරගන්න, ඒ අරමුණට යන එක තමයි මගේ අරමුණ. මිනිස් ජීවිතවල ලේඛනය තුළින් අලුත් මාවතකට රැගෙන යාමත්, කලාව තුළින් සමාජයට අලුත් දෙයක් දෙන්නත්. අනිවාර්යයෙන් ම. මේ දවස්වල නවකතාවක් ලියවෙමින් තියෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා
0 comments:
Post a Comment