Tuesday, January 18, 2022

සුජීව අමරසේනගේ පැටිකිරිය කියන්න අන්තරේ යළිත් අධ්‍යාපන අමාත්‍යාංශයට යයි


සුජීව අමරසේනගේ පැටිකිරිය කියන්න අන්තරේ යළිත් අධ්‍යාපන අමාත්‍යාංශයට යයි..

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේනගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අන්තරේ සිසුහු අදත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගියහ. මින් පෙරත් අවස්ථා ගණනාවකදී සුජීව අමරසේන උපකුලපති විසින් රුහුණ සිසුන් මත හෙළා ඇති නින්දිත මර්දනය පිළිබඳව අධ්‍යාපන ඇමති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති හමුවී දැනුවත් කිරීම් සිදු කළ ද මෙතෙක් ඒ සඳහා කිසිඳු අවධානයක් යොමු වූයේ නැත. ඒ වෙනුවට මේ උම්මන්තක මර්දකයා නැවතත් උපකුලපති පුටුවේ වාඩි කරවීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරමින් සිටියි. 

මේ අතර සුජීව අමරසේනගේ මර්දනීය වැඩපිළිවෙළට අමතරව ඔහුගේ දූෂණ, අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව අන්තරේ පසුගිය 11 දින මාධ්‍ය හමුවක් පවත්වමින් සාක්ෂි සහිත අනාවරණයක් සිදුකරන ලදී. උපකුලපතිගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ආචාර්යවරු, අනධ්‍යයන සේවකයින්, සිසුන් විශාල පිරිසක් තවදුරටත් කරුණු අනාවරණය කිරීමට සූදානමින් සිටින බව පවසන අන්තරේ මේ සියලු දෙනාට ආරක්ෂිතව කරුණු දැක්වීම් සිදු කළ හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත්, ඒ සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කළ යුතු බවත් අවිශිබම පවසයි. මේ පිළිබඳව ඉදිරි සටන් ක්‍රියාමාර්ග ගණනාවක් සිදු කිරීමට සූදානම් බවත් ආරම්භයක් ලෙස අද අමාත්‍යාංශයට පැමිණ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කොට දැනුවත් කිරීම් සිදු කළ බවත් අවිශිබම සඳහන් කරයි.

0 comments:

Post a Comment