Tuesday, January 18, 2022

තෙල් නැතිව කැලණිතිස්ස විදුලි බලාගාරය නවතියි


ඉන්ධන නැතිව කැලණිතිස්ස විදුලි බලාගාරය නවතියි

අද (18) සවස 05.00 වන විට සියලු ඉන්ධන සංචිත අවසන්වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි. කැලණිතිස්ස බලාගාරය අක්‍රීය වීමත් සමඟ මෙගාවොට් 300 ක්  රටට අහිමි වන බවත් එහෙයින් අද දින සිට පැය එකහමාර ඉක්මවූ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් අද (18) දිනයෙන් අවසන් වන බව විදුලි වෘත්තීය සමිති මීට පෙර සිටම සඳහන් කර තිබුණි. අද දිනයෙන් පසු විදුලිය ලබා දෙන්නේ කෙසේද යන්න තීරණය වන්නේ ඉන්ධන ලැබෙන නොලැබෙන තීරණය මත බවද ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පැවසීය. මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 35% දක්වා පහත බැස ඇති බවත් නැවත සැළකියුතු වර්ෂාපතනයක් අප්‍රේල් මැයි මාස වන තෙක්ම නොලැබෙනු ඇති බවට කාලගුණ අංශ විසින් පුරෝකතන කර ඇති බවත්, දැනට ජලාශවල පවතින ජල මට්ටම් ද වේගයෙන් අඩුවන හෙයින් මෙම තත්ත්වය මත තව මාසයක් දෙකක් යන විට තත්ත්වය ඉතාම අවදානම් මට්ටමකට පත්වීමට නියමිත බවක් ඔවුන් වැඩිදුරටත් පවසයි.

0 comments:

Post a Comment