Saturday, August 10, 2013

සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද?







උද්ඝෝෂණයක් මෙහෙයවීම නිසා ඇප කොන්දේසි කඩලා. අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු සංජීව බණ්ඩාර රිමාන්ඞ් භාරයට!

අ.වි.ශි.බ.ම කැඳවුම්කරුට විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම අධිකරණය මඟින් තහනම් කරයි!

දුමින්ද සිල්වාට විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර!

ස්ත‍්‍රී දූෂණ ශතකය සමරන්න පාටි දැමූ ප‍්‍රාදේශීය සභා සභාපතිට ඇප!

පාසැලකට කඩා වැදී ගුරුවරිය දණ ගැස්වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීට ඇප!

රුසියන් තරුණිය කන්‍යාවියක්. මන්ත‍්‍රීට එල්ල කළ ස්ත‍්‍රී දූෂණ චෝදනාව බොරු. අධිකරණයේ දී හෙළිවෙයි!

සිසු පාගමන නවතන්න අධිකරණ නියෝගයක්!


සමාජවාදය ගැන මාතෘකාවක් දාලා මේ කියන්නේ මොනවද කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඔව්. අපි සමාජවාදී සමාජයකදී නීතියට මොකද වෙන්නේ කියන සාකච්ඡුාව ආරම්භ කරන්නේ ඉහළින් සඳහන් කරපු ප‍්‍රවෘත්ති ඇසුරෙන්. ඉහත සිදුවීම්, උසාවි තීරණ ඉතාමත් මෑත කාලයේ ඔබ අපි අත්දැකපු, අහන්න ලැබුණු ඒවා. නීතිය, අධිකරණය වර්තමානයේ ක‍්‍රියාත්මක වෙන ආකාරය ගැන හොඳ සාකච්ඡුාවක් ඒ හරහා සිදු කරන්න පුළුවන්. ‘ධනවාදයේ දී’ ගැන වැඩියෙනුත්, ‘සමාජවාදයේදී’ ගැන අඩුවෙනුත් තමයි අද සාකච්ඡා කරන්නේ. ඒ මේ මාතෘකාවේ ස්වභාවය නිසා.

අපි පුංචි කාලේ ඉඳලා කව්රුත් අපිට කියනවා ‘නීතිය’ කියලා දෙයක් ගැන. නීතිය රකින එක මිනිහෙක් අනිවාර්යෙන්ම කරන්න  ඕන බවත්, නීතිය හැමදෙනාටම සමාන බවත්, නීතිය තියෙන්නේ සියල්ලටම ඉහළින් බවත් අපිට මතක ඇති කාලෙක ඉඳන් හැම තැනකින්ම ඇහෙනවා නේද? නීතියක් නැතිව සමාජයකට පවතින්න බැරි බවත් ඒ එක්කම කියවෙනවා. ඔබත් එහෙම හිතනවා ඇති. අපි මේ ධනේශ්වර සමාජය ඇතුළේ අහන දකින හැම මාධ්‍යයකින්ම ඒ කතාව වක‍්‍රාකාරව හරි කියනවා. ත්‍සකප, ඔැකසාර්ප් ඇතුළෙ පවා එහෙමයි. ත්‍සකප එකේ මුල් පැය දෙකේදිම  ඕන තරාතිරමක කෙනෙක් මොන ජාතියේ ඹචිැඑ වැඩ කළත් අන්තිම පැය භාගයේදී කොහොම හරි නීතියට ඔ්ජනකැ වෙනවා. මොන ජගතෙකුටවත්         වැරැුද්දක් කරළා බේරෙන්න ලැබෙන්නේ නම් නැහැ. අපිටත් හරි සන්තෝසයි. හැබැයි ආපහු ඇත්ත සමාජය ඇතුළේ ඉහත දක්වලා තියෙන ප‍්‍රවෘත්ති ටික දැක්කම පොඩි නොගැලපීමක් තියෙනවා නේද? නීතිය උත්තරීතරයි කියලා අපිට කියපු අය හොයාගෙන ගිහින් ‘‘ෂුවර්ද?’’ කියලා අහන්න හිතෙනවා නේද?

අපිට මේක නම් ෂුවර්. නීතිය උත්තරීතරයි නම් පොලිසියත් උත්තරීතරයි. පාර්ලිමේන්තුවත් උත්තරීතරයි. හමුදාව, අමාත්‍යාංශ, විධායකය එහෙමත් උත්තරීතරයි. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂගේ සිට දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, එතනින් එහාට ගියාම උඩ ප‍්‍රවෘත්ති ටික මවපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු එහෙමත් උත්තරීතරයි. මොකද මේ සියල්ලම එක බූවල්ලෙකුගේ අ`ඩු පද්ධතියක් නිසා. එක අණ්ඩක් මාරයි නම් අනිත් අ`ඩුත් මාරයි තමයි. මේ සියල්ලම ‘රාජ්‍යය’ කියන බූවල්ලගේ අ`ඩු. සියලූම උත්තරීතර මනුෂ්‍යත්වයන් එක මිටකට අරගෙන සේල් දාලා විකුණන මේ ධනේශ්වර සමාජයේ පාලනය පවත්වා ගැනීම සඳහා, ඒ කියන්නේ ඔබ අපි පාගගෙන තියාගන්න ව්‍යාජ ‘උත්තරීතරකම්’ නිර්මාණය වෙලා තියෙන්නේ ඒ නිසා. මේ සියල්ලම ධනේශ්වර රාජ්‍යයේ උවමනාවන්.
නීතිය යනු පාලකයාගේ කැමැත්තයි...

ඒ තමයි නීතිය. මිනිස් සමාජය පහු කරගෙන ආපු සියලූම සමාජ ක‍්‍රමයන් ඇතුළේ වගේම ඉදිරියට පවතින සමාජ ක‍්‍රමයන්හිදී පවා එය පරම සත්‍යයක්. වහල්හිමි, වැඩවසම්, ආසියාතික, ධනේශ්වර යනාදී මේ සියලූම සමාජ ක‍්‍රමයන් වලදී ඒ බව තහවුරු වෙනවා. මානව ඉතිහාසයේ ‘රාජ්‍යය’ ගොඩනැගෙන්නේ පංති සමාජය බිහිවීමත් සමඟමයි. ප‍්‍රාථමික සාමුහික සමාජයේ ඉඳලා දීර්ඝ ඓතිහාසික තත්වයක් හරහා වහල් හිමි සමාජය ගොඩනැෙඟනවා. අපි පරමයි කියලා හිතාගෙන ඉන්න පෞද්ගලික දේපල ක‍්‍රමය පැන නැඟීමත් ඊට සමාන්තරයි.

රජයක් අවශ්‍ය වෙන්නෙම පංති සහිත, සූරාකෑමක් සහිත සමාජයකට. හමුදා, සිරගෙවල් විතරක් නෙමෙයි සදාචාරය, සංස්කෘතිය ගැන පාලක පංතියේ මතවාද රාශියකුත් නැතිව සුළුතරයකට බහුතරයක් සූරාකන්නත්, පාලනය කරන්නත් බැහැ. ඒ ගැන ලෙනින් මෙහෙම සඳහන් කරනවා.

‘‘රාජ්‍යය සැමදා පැවති දෙයක් නොවන බව සටහන් කරගත යුත්තේය. රාජ්‍යය නොපැවති කාලයක් විය. සමාජය පංතිවලට බෙදීම දක්නට ලැබෙන සෑම තැනකම, සූරාකන්නන් හා සූරාකනු ලබන්නන් දක්නට ලැබෙන සෑම තැනකම, එය දක්නට ලැබේ.’’
‘‘සමාජය පංතිවලට බෙදීමට පෙර රාජ්‍යය නොපැවති බව ඔබට පෙනෙනු ඇත. නමුත්, සමාජයේ පංති බෙදුම උද්ගත වී තදින් තහවුරු වීම සමඟ, පංති සමාජය උද්ගත වීම සමඟ රාජ්‍යය ද උද්ගත වී තදින් තහවුරු විය’’
-රාජ්‍යය-ලෙනින්

සමාජයේ විකාශනය ගැන දීර්ඝ විස්තරයක් මේ ලිපිය හරහා සිදු කරන්න අපහසු නිසා සහ මේ ධනේශ්වර අධ්‍යාපනය ඇතුළේ එහි සැබෑ තොරතුරු ව්‍යාකූල කරලා තියෙන නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා එංගල්ස් විසින් රචිත ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය ඇතිවූ සැටි’ කෘතිය සහ ලෙනින් රචනා කළ ‘රජය’,‘රජය’ හා විප්ලවය යන කෘති වැඩිදුරටත් අධ්‍යයනය කරන්න කියලා. එහෙම පැන නැගුණ රාජ්‍යය තමයි සමාජ ක‍්‍රම රාශියක් ඇතුළේ සිදුවුනු දීර්ඝ විකාශනයකින් පස්සේ අද මේ වෙද්දී ධනේශ්වර ක‍්‍රමය ඇතුළේ දැන් තියෙන හැඩය අත්පත් කරගෙන තියෙන්නේ. නමුත් එහෙම හිතන්නේ නැතිව එකවරම වත්මන් සමාජය දිහා විතරක් බැලූවම මේ සත්‍යය අපෙන් ගිලිහෙනවා. ඒක තමයි පාලකයන්ට අවශ්‍ය.

නීතිය ඇත්තේද රාජ්‍යය තුළය!
නීතිය, අධිකරණය කියන්නෙත් රාජ්‍යය ඇතුළේ තියන එක් ව්‍යුහයක්. ඒ නීති සමාජ ක‍්‍රමයෙන් ක‍්‍රමයට වෙනස්. එක් එක් සමාජ ක‍්‍රමය ඇතුළේ පවතින සමාජ-ආර්ථික කොන්දේසි අනුව, පාලක පන්තියේ සූරා කෑමේ ස්වරූපය අනුව නීති, නීති කි‍්‍රයාත්මක වන විදිය වෙනස් වෙනවා. ඒ නිසා තමයි වහල්හිමි සමාජයෙ දි වහල්හිමියාට වහලාව මරා දාන්නත් පුළුවන් කියලා නීති සැකසෙන්නෙත් වත්මන් ධනේශ්වර ක‍්‍රමයේ දි කර්මාන්ත හිමියාට, ආයතන හිමියාට අවශ්‍ය පරිදි සේවකයන් ඉවත් කරන්න, මාරු කරන්න නීති සැකසෙන්නෙත්. ඒ නිසා තමයි මිනිසෙක් තමන් සතු ආයතනයක වැඩට යොදවලා ඔහුට හෝ ඇයට ඉතා සීමිත ප‍්‍රමාණයක් ගෙවන ගමන් ඒ වගේ විසිතිස් ගුණයක් (ඇතැම්විට සියගුණයක්* ඔවුන්ගෙන් ශ‍්‍රමය සූරාකෑම සාමාන්‍ය නීතිගරුක කි‍්‍රයාවක් ලෙස නීති සැකසෙද්දි, ‘අනුන්ට අයිති’ කෙසෙල් කැනක් කැපුවත් සිර ද`ඩුවම් නියම කරන්න නීති සැකසෙන්නේ. ධනේශ්වර ක‍්‍රමයේ පදනම තමයි පෞද්ගලික දේපළ ක‍්‍රමය හා වැටුප් හරහා ශ‍්‍රමය සූරාකෑම. ඒක රකින්න තමයි නීති සියල්ලම හැදෙන්නේ.

ඒ නිසා තමයි අයිතීන් ඉල්ලලා අරගල කරන, ඉතාමත් සාමකාමී උද්ඝෝෂණවලට පවා ‘උත්තරීතර අධිකරණයෙන්’ වාරණ නියෝග එද්දී පාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පාරවල් වහගෙන පිස්සු නටද්දිත් ඒවට නීති අදාළ නොවෙන්නේ. ඒ නිසා තමයි ශිෂ්‍ය නායකයින්, කම්කරු නායකයින්ට තහංචි පනවද්දි, සිරගත කරද්දි පාලක පංතියේ අන්තිම කොනේ ඉන්න ලූම්පන් ප‍්‍රාදේශීය නායකයින්ට පවා ස්ත‍්‍රී  දූෂණ, මිනීමැරුම් කොච්චර කළත් නීති අදාළ නොවෙන්නේ. දියුණු ධනේශ්වර රටවල් බොහොමයක - සාපේක්ෂව ස්ථාවර කාලවකවානුවලදී හරි - හරයෙන් කෙසේ වෙතත් පෙනුමෙන් හරි නීතිය හැමටම සමානයි කියලා පෙන්වන්න එක එක විගඩම් කරනවා.(‘අධික වේගයෙන් රිය පැදවූ අගමැතිට පොලිසියෙන් දඩ ගැසීම’ වගේ දේවල්) නමුත් රෙද්ද බැනියම, කලිසම් කමිස මොනවා ඇන්දත් පසුගාමී ඔලූගෙඩි තියන ලංකාවේ පාලක පංතියේ ලොක්කෝ ඊට හාත්පසින්ම වෙනස්. ඒ හරහා නීතියේ සැබෑව අපිට හඳුනාගන්න පහසු කරනවා.

සමාජවාදයේ දී මොනවා වෙයිද?
සමාජවාදය කියන්නේ සංක‍්‍රමණීය අවධියක්. එහෙම වෙන්නේ ධනේශ්වර ක‍්‍රමයේ ඉඳලා සූරාකෑම මුළුමනින්ම අහෝසි කරපු, ඒ හරහා පංති මුළුමනින්ම අහෝසි වුණු, ලෝකය තනි යායක් බවට පත්කරන කොමියුනිස්ට් සමාජය දක්වා යන ගමනේ සංක‍්‍රමණීය අවධිය සමාජවාදය ලෙස හඳුන්වන නිසා. ධනේශ්වර ක‍්‍රමය තුළ පීඩිත පංතිය වන නිර්ධන පංතිය එනම් කම්කරුවන්, ගොවියන්, ඇතුළු වැඩ කරන ජනතාව (වැඩ බලන හා අනෙකාගේ වැඩවලින් ජීවත්වන උන් වෙනුවට* ධනේශ්වර ක‍්‍රමය පෙරළා දාලා නිර්ධන පංති පාලනයක් ස්ථාපිත කිරීමත් සමඟ තමයි සමාජවාදය ආරම්භ වෙන්නේ. සමාජවාදයේදී පාලකයන් වෙන්නේ අති බහුතරයක් වන ඔබ ඇතුළු නිර්ධන පංතිය. තීරණ ගැනෙන්නේ එම නිර්ධන පංතිය විසින්. ඒ තත්වය යටතේ නීතිය කුමන ආකාරයේ දෙයක් වෙයිද? පාලකයා ජනතාව බවට පත්වූ තැනක නීති හදන්නේ බහුතරයක් ජනතාව. නීති හැදෙන්නෙත් බහුතරයක් ජනතාව වෙනුවෙන්.
මෙහිදි පැරණි බිඳ වැටුනු ‘කම්කරු රාජ්‍ය’ පද්ධතිය මඟ හැර යන්න බැහැ. ඒවායින් මේ පිළිබඳ අදහසක් ගන්නත් බැහැ. ඒ එම රාජ්‍යයන් සියල්ලම පාහේ මාක්ස්ලෙනින්වාදයෙන් පිට පැනපු අධිකාරීවාදී ස්ටාලින්වාදී දැක්මක් මත ක‍්‍රියාත්මක වුනු නිසා. ඒවා ‘පිරිහුණු කම්කරු රාජ්‍ය’ ලෙස හැඳින්විය හැකියි. එහි කඩා වැටීමම එය පිළිඹිබු කරනවා.

ඒ නිසා ඉතිහාසයේ එම අත්දැකීමෙන් රැස් කරගත් විශාල අත්දැකීම් ප‍්‍රමාණයත් මේ ගමනෙදි විශාල වශයෙන් වැදගත් වෙනවා.

නීති රහිත සමාජයක්!
ජනතාව පාලකයන් බවට පත්වූ සමාජයක නීති, ප‍්‍රතිපත්ති සියල්ල නිර්මාණය වෙන්නේ සමාජයේ අති බහුතරයක් වැඩකරන ජනතාව වෙනුවෙන්. අවබෝධය, සවිඥානය මත පදනම් වුණු, සියලූම මිනිසුන්ට මිනිසුන් බවට පත්වීමට බල කෙරෙන සමාජආර්ථික කොන්දේසි සහිත සමාජයක් කරා, පොදු දේපළ ක‍්‍රමයක් කරා ක‍්‍රමයෙන් පසුබිම සැකසෙන ප‍්‍රමාණයට සාපේක්ෂව නීති සහ රාජ්‍යය යන ව්‍යුහයන් සියල්ලම හැකිළී යාවි. ඒ තව දුරටත් නීති පනවලා සමාජයක් පවත්වාගෙන යන්න අවශ්‍ය නොවන නිසා. මිනිස් සමාජය අත්පත් කරගෙන තිබෙන ජයග‍්‍රහණ ඒ සඳහා ප‍්‍රමාණවත්. සමාජවාදය තුළ ජනතාව විසින් නිර්මාණය කෙරෙන නීති පද්ධතියත් ක‍්‍රමානුකූලව හැකිලෙමින් නීති රහිත-නීති අවශ්‍ය නොවන කොමියුනිස්ට් සමාජයක් කරා මානව සමාජය ගමන් කළ යුතුයි. ඊනියා, ‘අධිකරණයේ ස්වාධීනත්වය’ දිනා ගැනීම වගේ ‘ගොන්පාට්’ අරගල වෙනුවට, පංති සවිඥානය ඇති කිරීම වෙනුවෙන් අරගල කල යුතුයි, ඒ තුළින් මානව සමාජයේ එම උත්තරීතර ගමන වෙනුවෙන් අරගල කළ යුතුයි කියලා අපි ඔබට යෝජනා කරනවා. එවන් දවසක ආරම්භයේ අපි සඳහන් කරපු මෑත කාලීන සිදුවීම්, දැන් අපිට වහල් සමාජය දිස් වෙනවා වගේ ඒ මිනිසුන්ට දිස් වේවි.


0 comments:

Post a Comment