මේ රටේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන වෙලාවක් මේක. හැබැයි එහෙම වෙලා තියෙන්නේ පසුගිය කාලයක් පුරා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පාලකයෝ උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් නිසා නොවෙයි. හැබැයි මේ මතුවෙලා තියෙන අරාජිකත්වය ඉස්සරහ බිල්ලට දෙන්න වෙලා තියෙන්නේ අපේ ජීවිත. ඒ නිසා පවතින අර්බුදය කුමක්ද? මේකට විසඳුම මොකක්ද? කියන එක නිවැරදිව කියවා ගන්න එක ඉතාම වැදගත්. ඒ නිසයි අපි විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විදිහට ඔබව ආමන්ත්‍රණය කරන්න තීරණය කළේ.
ඔක්තෝබර් 26 මොකද වුණේ?
2018 ඔක් 26 කියන්නේ අපේ රටේ මිනිස්සු බහුතරයක් පුදුමයට පත් වෙච්ච ඒ වගේම සමහරු සතුටටත් සමහරු දුකටත් තවත් සමහරු පුදුම වෙනවද, සතුටු වෙනවද, දුක් වෙනවද කියලා හිතා ගන්න බැරි සිදුවීම් සිද්ධ වුණු දවසක්. එයට හේතුව තමයි හිටිහැටියේම අලුත් අගමැති කෙනෙක් දිවුරුම් දීම. එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා නිවේදනය කළා. ජනාධිපතිවරයා අලුත් අගමැති කෙනෙක් පත්කරලා දිවුරුම් දුන්නා. ඊට පස්සේ එක දිගටම රඟ දැක්වූයේ මේ නාට්‍යයේ විවිධ කොටස්. අලුත් අගමැති පත් වුණාට ආණ්ඩුව හදන්න බහුතරය පෙන්වන එක මෛත්‍රී - මහින්ද පාර්ශවයට අභියෝගයක් වෙලා තිබුණා. ඒ නිසා නිශ්චිත පරිදි කැඳවන්න තිබුණ පාර්ලිමේන්තුව කල් දාන්න ජනාධිපති තීරණය කළා. කැබිනට් මණ්ඩලය අලුතින් පත්කරා. එහෙන් මෙහෙට මහා පරිමාණයෙන් සල්ලි විතරක් නෙවෙයි ඇමතිකම් පවා ඒ වෙනුවෙන් එළිපිට මාරු වුණා අපිට දකින්නට ලැබුණා. ඒත් බහුතරය හදාගන්න එක මෛත්‍රී මහින්ද පාර්ශවයට බරපතල අර්බුදයක් වීම නිසාම හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයා තීරණය කළා.
මෙහෙම බැලුවම ඔක්: 26 ඉඳලා මෙරට ජනාධිපතිවරයා ගත්ත තීරණ කිසිම කෙනෙකුට සාධාරණීකරණය කරන්න බෑ. මේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික ක්‍රියාකලායක්. සමහරු කිව්වා මේක හරිම සදාචාර විරෝධීයි කියලත්. හැබැයි ගැට`ඵව තියෙන්නේ රනිල්ට, මහින්දට වගේම මෛත්‍රීට ඉතිහාසයේ කිසිම දවසක දේශපාලන සදාචාරයක් තිබුණේ නෑ. ඒ නිසා මේ ක්‍රියාවේ විතරක් සදාචාර විරෝධී බවක් කතා කරලා වැඩක් නෑ. අවසානයේ යූ.ඇන්.පී ප්‍රමුඛ පාර්ශවය, කථානායකවරයා මීට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් කරපු කියපු දේ වුණත් නීතීවලට සම්ප්‍රදායන්ට පිටින් කරන දේවල්ම තමයි. මේකෙන් පැහැදිලි වුණ එක කාරණයක් තියෙනවා. ඒ තමයි පවතින බලපොරය අස්සේ අඩුම තරමේ මේ දෙපාර්ශවයම නියෝජනය කරන ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන මූලික රාමුවවත් ආරක්ෂා කරගන්න මේ කඳවුරු දෙකට බෙදිලා හිටපු පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම පක්ෂයක් සමත් වෙලා නෑ කියන එක. උත්තරීතරයි කියලා එයාලම හඳුන්වන පාර්ලිමේන්තුව, නීතිය තුළ පවා ඒ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව පවත්වා ගත යුතු ධනේෂ්වර සුජාතභාවය දැන් අහෝසියි.
එතකොට ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ ඔක්: 26 පස්සේද?
මෛත්‍රී - මහින්ද පිළේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතිකත්වයට එරෙහිව අවි අමෝරා ගත්ත UNP, JVP, TNA කඳවුරට 2015 ජනවාරි 08න් පස්සේ ඔක්: 26 තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න මතක් වුණේ.
නමුත් මොහොතක් සිහියට අරන් බලන්න ජනතාව පැත්තෙන් ගත්තට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටඵ ජනවාරි 08 ඉඳලම තිබුණා. රනිල් - මෛත්‍රී ආණ්ඩුව ඇවිත් ගහපු පළවෙනි චක්‍රලේඛයේ තිබුණේ පාසල් තුළ මුදල් අයකිරීම නීතිගත කරලා. ශිෂ්‍ය ව්‍යාපාරය සයිටම් සටන අඛණ්ඩව ඉදිරියට අරගෙන එද්දී මහින්දගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයට වගේම 2015 ජනවාරි 08 න් පස්සේ රනිල් - මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතිකත්වයට මුහුණ දෙන්නත් සිද්ධ වුණා. උද්ඝෝෂණවලට පහර දුන්නා. අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම් සිය ගාණක් සිද්ධ වුණා. ඒ විතරක් නොවේ. කලින් මහින්දගේ ආණ්ඩුව කාලෙත් ගෙනාපු සමහර මර්දනකාරී අණපනත්වලට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණ අය, තමන්ගේ ආණ්ඩුව යටතේ ඒ පනත්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දී අත උස්සලා සම්මත කර ගත්තා. උදාහරණයක් ගත්තොත් සැකකරුවෙක් රඳවා ගැනීමේ නීතිය පැය 24 පැය 48 කිරීම, හමුදාවට පොලිස් බලතල ලබාදීම, ඇඟිලි සලකුණු පනත ගන්න පුළුවන්. ඇඟිලි සලකුණු පනත මහින්දගේ ආණ්ඩුවෙන් ගේද්දී UNP, JVP, TNA කඳවුර එදා විරුද්ධ වුණා. හැබැයි රනිල් - මෛත්‍රී ආණ්ඩුවෙන් ඇඟිලි සලකුණු පනත ඉදිරිපත් කරපු වෙලාවේදී පාර්ලිමේන්තුව ඇතුලේ විරෝධයක් නැතිව ඒකමතිකව මේක සම්මත වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට අපි මේ පනතට විරුද්ධව එලියේ ඉඳන් දිගටම සටන් කළා. පාර්ලිමේන්තුව ඇතුළෙදීත් ජ.වි.පෙ මේ පනතේ ප්‍රධාන ප්‍රශ්නය විදියට දැක්කේ හැදුනුම්පතට මුදලක් අය කිරීම කියන කාරණයයි. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුලේ හිටිය හැමෝම අනිත් හැමෝම අත උස්සලා මේ අණ පනත්වලට එකඟ වුණා. එදා මහින්දගේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා කරපු මර්දනයම රනිල් - මෛත්‍රී ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත විරෝධී පනත හරහා කරන්න යනවා. නිකම්ම නෙවෙයි කලින් පනතටත් වඩා මර්දනය වැඩි කරලා. අලුත් පනතේ නිර්වචනයේම තියෙනවා යමක් කිරීමට හෝ නොකිරීමට රජයට බලකිරීම ත්‍රස්තවාදය කියලා. ඒ කියන්නේ සයිටම් අහෝසි කරනු, අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු, වැටුප් වැඩි කරනු කියලා ආණ්ඩුවට කියපු ගමන් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. එහෙනම් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමට පටන් ගත්තේ 2108 ඔක්: 26න් පසසේ නෙවෙයි නේද? තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අත්තනෝමතික විදියට පාර්ලිමේන්තුව විසුරවපු පළවෙනි වතාව මේක නෙවෙයි. 2015 දී පාර්ලිමේන්තුවට කාලය ඉතුරු වෙලා තියෙද්දීත් ජනාධිපතිවරයා ඇයි පාර්ලිමේන්තුව විසුරුවලා හැරියේ? ඒකට හේතුව තමයි රනිල් - මෛත්‍රී එකතු වෙලා ආණ්ඩුව හැදුවට පස්සේ ඩීව් ගුණසේකර කෝප් කමිටු වාර්තාවක් ඉදිරිපත් කළා. ඒකේ තියෙනවා බැඳුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහ වගකිව යුතුයි කියලා. එතකොට මෛත්‍රී ඒ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවේ ඒ වෙලාවේ එයත් එක්ක හිටපු රනිල් ඇතුලු ආණ්ඩුව ආරක්ෂා කරන්න නෙවෙයිද? බලය රැකගන්න නෙවෙයිද? ඒ විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී නැද්ද?
ජනවාරි 08 හා ඔක්තෝබර් 26 ප්‍රතිඵලය
ඔක්තෝබර් 26න් පස්සේ අද මේ මතුවෙලා තියෙන්නේ අහඹු තත්ත්වයක් නොවේ. මේ 2015 ජනවාරි 08 මෛත්‍රී රනිල් බලයට පත් කරන්න ගත්ත තීන්දුවේම තවත් ප්‍රතිඵලයක්. හිතන්න. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණය කැඳෙව්වේ ඇයි? 2014 වෙද්දීත් එමින් තිබුණ ආර්ථික අර්බුදයට අනුව ණය, ලෝක බැංකු ආධාර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත තමයි ආණ්ඩුවේ ගමන තීරණය වෙලා තිබුණේ. ඒ නිසාම නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ එක දිගට ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට සිද්ධ වුණා. නමුත් ඒ හරහා ජනතා අයිතීන් කප්පාදු වෙද්දී ජනතාව පාරට බැස්සා. ශිෂ්‍ය සටන්, රතුපස්වල, නිදහස් වෙළඳ කලාපය, ධීවරයෝ, වෘත්තීය සමිති සම්බන්ධ විරෝධතා ගණනාවක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උපක්‍රමය වූයේ මර්දනය හරහා මේ තත්ත්වයට ප්‍රතිචාර දක්වන එක. ඒ හරහාම තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයකට පාර කැපුවේ. මේකට විරුද්ධ වුණු UNP, JVP, TNA හා සිවිල් සමාජය නියෝජනය කරන කණ්ඩායම්වල ප්‍රධාන සටන් පාඨය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් ඒ කඳවුර ආමන්ත්‍රණය නොකරපු නොසලකපු, නමුත් ප්‍රජාතන්න්‍ර විරෝධී පාලනයකට පාර කපපු ප්‍රධාන හේතුව තමයි නව ලිබරල් ආර්ථිකය. නමුත් ඒ වෙලාවේදී ඹභඡල න්‍ඪඡල ඔභ් ප්‍රමුඛ කඳවුර ඒ සටන් පාඨය ගත්තේ නෑ. ඒ වෙනුවට ඔවුන් කීවේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම තමයි අංක 01 කියලා.
ඉතිං රාජපක්ෂ පැරදිද?
2015 ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගෙන ආ සටන් පාඨය ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වල ඉඳලා ටික ටික පල්ලම් බැස්සා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන එකේ ඉඳන් ජනාධිපති බලතල කප්පාදුව දක්වා පල්ලම් බැස්සා. අන්තිමට ඒක රාජපක්ෂ එලවීම දක්වා පල්ලම් බැස්සා. එහෙනම් 2015 රාජපක්ෂ එලවීමේ සටන් පාඨයම නේද 2018 UNP, JVP, TNA ඇතුඵ කඳවුරට නැවතත් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 2015 දී රාජපක්ෂ පරාජයට පත්වෙලා නෑනේ නේද? එහෙනම් 2015 ජනවාරි 08 තීරණයේම කොටසක් තමයි 2018 සැප්තැම්බර් 26 සිදුවීම කියන්නෙත්. එනම් කවුරු හරි කියනවනම් මේක මෛත්‍රීගේ පිස්සුවක් කියලා - මෛත්‍රී සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි කියලා අපි කියනවා - 2015 ජනවාරි 08 ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච UNP, JVP, TNA සහ මෙරටේ සිවිල් සමාජයේ කොටස් මේ අර්බුදයේ වගකීම බාරගත යුතුයි. විශේෂයෙන්ම ආර්ථික යුක්තිය අහිමි වීම ඇතුළේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට පාර කැපුණ හැටි ගැන ජනතාවට ඇත්ත අවබෝධයක් ලබා නොදී ඊට එරෙහිව ජනතාව සංවිධානය නොකර තවත් ධනේෂ්වර පාලකයෙකුට පාවඩ එලපු එක ගැන ඔවුන් වගකීම බාරගන්න ඕනි.
රාජපක්ෂට විකල්පය රනිල්ද?
කිසිසේත්ම නෑ. අධ්‍යාපනය විකුණන්න සයිටම් ගෙනාවේ කොතලාවල පනත ගෙනාවේ ගැසට් ගැහුවේ මහින්දගේ ආණ්ඩුවෙන්. ඒකට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරයෙන් සටන් කරද්දී 1423 කගේ පන්ති තහනම් කරා. ජනක සිසිත සහෝදරවරු ඝාතනය කරා. ශිෂ්‍ය ව්‍යාපාරයට විතරක් නෙවෙයි කම්කරුන්ටත් මාධ්‍යවේදීන්ටත් ඒ මර්ධනය එහෙමම එල්ල වුණා. ETF, EPF කොල්ලකෑමට විරුද්ධ වුණ රොෂේන් චානකලට වෙඩි තිබ්බා. ධීවර අයිතීන් ඉල්ලපු ඇන්ටනීලට වෙඩි තිබ්බා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය කරා. අතුරුදහන් කරා. මිලිටරී පාලනයක් හරහා උතුරේ දැවැන්ත මර්ධනයක් මුදා හැරියා. දහස් ගාණක් අතුරුදහන් කරා. උතුරේ මිනිස්සුනගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ල ගත්තා. සිය ගාණක් දේශපාලන සිරකරුවන් විදිහට සිර කඳවුරුවලට ගාල් කරා. ඒ නිසා එදත් රාජපක්ෂ පරාජය කලයුතු යැයි අපි හිටියා. හැබැයි ඒ භෞතිකව රාජපක්ෂ පරාජය කිරීම නෙවෙයි රාජපක්ෂ ප්‍රතිපත්තිය වුණ නව ලිබරල් ප්‍රතිපත්ති පරාජයට පත් කිරීම. ඒ නිසාම තමයි අපි මොනතරම් දුෂ්කර වුනත් වමේ වැඩපිළිවෙලක් ඇතුව වමේ පෙරමුණ විදිහට 2015 ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනේ. නැවත රාජපක්ෂ පාලනයකට ඉඩදිය යුතු නෑ කියන එක ගැන අදත් අපිට කිසිම විවාදයක් නෑ. ඒ වගේම තමයි රාජපක්ෂලගේ නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රනිල් මෛත්‍රී කඳවුරට නැවත ඉඩක් දියයුතු නෑ. එහෙනම් එකම උත්තරය වෙන්නේ ඇත්ත ජනතා බලයක් ගොඩනගන එකයි.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය
අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් විප්ලවවාදී ශිෂය සංගමයත් විදිහට 2015 බොහොම පැහැදිලිවම කිව්වා ආර්ථික අර්බුදය පැත්තක තියලා ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමක් නෑ කියලා. ධනේෂවර වෙළඳපොළකරණය ඇතුළේ වෙන්නේ සු`ඵතරයක් ආර්ථික ප්‍රතිලාභ අත්කර ගද්දී බහුතරයකට ප්‍රතිලාභ අහිමි වීම. සුඵතරයකගේ ලාභ අපේක්ෂාව වෙනුවෙන් බහුතරයකගේ අයිතීන් කප්පාදු වෙන එක නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යයේ අයිතිය, ජීවත් වීමට ඇති අයිතිය මේ සියලු අයිතීන් සමාජයක් විදිහට ස්ථාපිත වෙන්න නම් ආර්ථික යුක්තිය ඇති වෙන්න ඕනි. ඒ හරහා තමයි ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න පු`ඵවන්කම ලැබෙන්නේ.
බල පොරය මැද
ලෝක මට්ටමින් මතුවෙලා තියෙන ආර්ථික අර්බුදය, ඒ නිසාම මතුවන දේශපාලන අර්බුදය, අපේ රටේ තියෙන ව්‍යවස්ථා අර්බුදය තුළ පැහැදිලි කඳවුරු බෙදීමක් තියනවා. ඒ අතරින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වෙන්නේත්, ඔහු මහින්ද සමඟ නැවත එකතු වෙන්නේත් බලය ස්ථාවර කරගැනීමේ අරමුණින්. මේ අර්බුදය මැද්දේ මහින්ද අගමැතිකම භාරගන්නේත් 2015 අහිමි වූ බලය නැවත ලබාගැනීමේ ඉලක්කයත් එක්ක. රනිල් වික්‍රමසිංහ පාර්ශවයත් උද්ඝෝෂණ, සත්‍යග්‍රහ හරහා උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දෙන්න නෙවෙයි. තමන්ට හදිසියේ අහිමි වූ බලය නැවත ලබාගන්න. දැන් මේ වෙනුවෙන් ජ.වි.පෙත් කියනවා අලුත් පෙරමුණක් හදන කතාවක්. අපි මුලින්ම කිව්වා මේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම පටන් ගන්නේ ඔක්තෝබර් 26 නෙවෙයි කියලා. එහෙනම් මීට ඉස්සෙල්ලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ ක්‍රියාවලියටම විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන ධනේෂ්වර ආයතන ව්‍යූහයන් 3ම විවිධ විදිහට මැදිහත් වුණා. ඇඟිලි සලකණු පනත ඇතුලු මර්දන පනත්, අධ්‍යාපනය විකිණීම වෙනුවෙන් ගෙන ආ පනත් ධනේෂ්වර පක්ෂවලට මැතිවරණවලදී වාසි වෙන්න හදපු පළාත් පාලන, ප්‍රාදේශීය සභා මැතිවරණවලට ගෙන ආපු මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ වගේම පසුගිය කාලේ පාර්ලිමේන්තුවේදී සම්මත වූණ අධිකරණ සංවිධාන පනත හරහා වුණේ අධිකරණයේ ස්වාධීනත්වය පැත්තක තියලා ඇමතිවරයාට බලය ලැබෙනවා අධිකරණ පද්ධතියට මැදිහත් වෙන්න වගේම අවශ්‍ය අවශ්‍ය වෙලාවට අධිකරණ පිහිටුවන්න බලය ඇමතිවරයාට ලැබූණ එක. ජ.වි.පෙ මෙම ප්‍රතිසංස්කරණවලට පැහැදිලි එකඟතාවයකින් කටයුතු කලා වගේම මෙවැනි අණපනත් ගේන්න මූලිකත්වය ගත්තා. ඒ විතරක් නොවේ ධනේෂ්වර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ජ.වි.පෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ගෙන ආවා. ජ.වි.පෙ ආණ්ඩුවේ නොසිටියට හැමවෙලේම කරලා තියෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන ධනේෂ්වර ආයතන ශක්තිමත් කරන්න, ඒවා ගැන ජනතාවට විශ්වාසයක් හදන්න කටයුතු කරපු එක. නමුත් අපි හිතනවා වමේ දේශපාලන ව්‍යාපාරයක් නම් කළ යුත්තේ බිඳ වැටෙන ධනේෂ්වර රාජ්‍ය ව්‍යූහයන් ගැන විශ්වාසය ගොඩ නඟන එක වෙනුවට විකල්ප ජනතා බලයක් සංවිධානය කිරීම. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකෙන ව්‍යූහයක් ගොඩනගන්න ජනතාව ඒකරාශී කරන එක.
දශක ගණනාවක් තිස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව සිදු කළ අරගලය හරහා ඔප්පු කරලා තියෙනවා අධිකරණ තීන්දු පවා නොසලකා මහජන අරගලයකින් ඇත්ත අයිතීන් දිනා ගන්න පු`ඵවන් කියලා. සයිටම් අරගලය තුළදීම අවස්ථා කිහිපයකදී ලබාදුන්න අධිකරණ තීන්දු සමාජය ඉදිරියේ නොසලකා හරින මට්ටමට පත්වුණේ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය භාවිතාවෙන් ඔප්පු කරලා තියනවා ධනේෂ්වර ආයතන පිටිපස්සේ නොයා, පාලකයන්ට කඬේ නොයා විකල්ප ව්‍යූහයක් තුළින් ඇත්ත ජනතා බලයක් ගොඩනගන්න පුළුවන් කියලා.
ජාත්‍යන්තරය මොකද මේ අස්සේ කරන්නේ?
අපේ රට මුණ දීලා තියෙන ආර්ථික අර්බුදය හුදකලා විදියට අපිට විතරක් බලපාන එකක් නෙවෙයි. මේක ජාත්‍යන්තර මට්ටමින් ධනවාදය මුණ දීලා තියන අර්බුදයක්. ඒක විසින්ම ධනේශ්වර රටවල්වල පවා දේශපාලන අර්බුද එන එක, ඒ අර්බුද පුපුරා යන එක වළක්වන්න බෑ. ඒ නිසා අපේ රටේ වෙන්නේ මොකක්ද කියන එක ජාත්‍යන්තරයට වැදගත්. හැබැයි, ඒ අපේ රටේ මිනිස්සුන්ට ඒ කියන්නේ අපේ ජීවිතවලට වෙන්නේ මොකක්ද කියන පදනමින් නම් නෙවෙයි. ඒක හොඳටම පෙනුනා මේ අර්බුදය අස්සේ. මහින්ද අගමැති කරපු ගමන් ඇමරිකා- යුරෝපා- ඉන්දීය කේන්ද්‍රය කලබල වුණා. මොකද ඔවුන්ට වාසි සහගත පාලනයක් තියෙන්නේ රනිල් ප්‍රමුඛ කඳවුරේ. චීනය ඇමරිකාව එක්ක තියෙන ආර්ථික ගැටුමේ ප්‍රතිඵලයක් විදියටයි මහින්ද බලයට අපු ගමන් චීනය කඩිමුඩියේ සුබ පැතුවේ. ඒ මහින්දගේ පාලනය චීනයට හිතවාදී නිසා. ලෝක මට්ටමෙන් ඇවිලෙන මේ අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය ඉස්සරහ අපේ වගේ රටවල් වඩාත් සමීප වෙන්නේ මොන කේන්ද්‍රයටද කියන එක වැදගත් ඒ අධිරාජ්‍යයන්ට. මොකද ආර්ථික, දේශපාලන, භූගෝලීය වශයෙන් යුධමය තත්ත්වයකදී වුණත් අපේ රටවල් වල මිනිස්සු ගැන නොහිතා ඉතාම අමානුෂික ක්‍රියාමාර්ගවලට පවා රටවල් පාවිචිචි කරන්න ලෝක බලවතුන්ට පුළුවන්. ඒ නිසයි විදෙස් තානාපති කාර්යාල ගණනාවක් එළිපිටම මේ අර්බුදය වෙලාවෙදී පැත්තක් බේරගන්න මුදල්වල ඉදල කුමන්ත්‍රණ දක්වාම වැඩ කළේ. කිසිම වෙලාවක මේ රටේ මිනිස්සුන්ගේ අයිතීන් කප්පාදු කරන වෙලාවක නිවේදනයක්වත් නිකුත් නොකරපු මානව හිමිකම් වෙනුවෙන් මරාගෙන මැරෙනවා කියපු තානාපති කාර්යාල තමන්ගේ සියලු වෙර දැම්මේ තමන්ට හිතවාදී පාලනයක් ලංකාව ඇතුළේ බලයට පත් කරන වැඬේට. එහෙනම් අපේ රටේ මිනිස්සු මේ වෙලාවේ ඉන්නේ ජාත්‍යන්තර බල සුදුවක උගස් භාණ්ඩ බවට පත් වෙලා.
වමේ බලයක්.
දැන් මහින්ද - මෛත්‍රී කඳවුර එකපැත්තක ඉදන් මැතිවරණයක් ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහලා තව කඳවුරක ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලනවා. ජ.වි.පෙ ඒකාධිපති වියරුව පරදමු කියලා 2015 සටන් පාඨයම නැවත කරපින්නා ගෙන අලුත් පෙරමුණක් නිර්මාණය කරන්න කතා කරනවා. මෙතනදී බොහොම අවධාරණයෙන් පැහැදිලි කරන්න ඕන කාරණයක් තියනවා. ඒ තමයි ඔක්: 26 සිදුවීම් මාලාව කිසිසේත්ම පිළිගත නොහැකි ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. නමුත් අවුරුදු ගාණක් මෙරටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේම උල්ලංඝණය කරපු UNP ප්‍රමුඛ කඳවුරට අයිතියක් නෑ. ඒ වගේම තමයි ජනවාරි 08 මෛත්‍රී බලයට ගෙනල්ලා අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න හිතපු කවුරු හරි ඉන්නවා නම් එයාලට අපි කියනවා 2015 හැදුන කඳවුර හරහා නැවතත් ඒකට උත්සහ කරන එක කිසිම ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් නෙවෙයි කියලා. එහෙනම් දැන් ගොවියා, ධීවරයා, කම්කරුවා, ශිෂ්‍යයා සංවිධානය වෙන්න ඕනි. එහෙම සංවිධානය වෙන්න තියෙන ශක්තිය අත්හදා බලන තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. අපි හිතනවා ඒකට ලංකාවේ වමේ ව්‍යාපාරය නායකත්වය සපයන්න ඕනි කියලා ඒ වෙනුවෙන් වමේ නායකත්වයෙන් ගොඩනැගුණු විකල්ප මධ්‍යස්ථානයක අවශ්‍යතාව දැන් තීරණාත්මක විදියට තියෙනවා. අපි ඔබට යෝජනා කරනවා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික යුක්තිය ජනතා බලයෙන් ගොඩනගන්න විප්ලවවාදී ශිෂ්‍ය සංගමයත් එක්ක එකතු වෙන්න කියලා.
විප්ලවවාදී ශිෂ්‍ය සංගමය
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment