ගාල්ල දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කටුපොල් වගාකිරීම් තහනම් කිරීමට කටයුතුකරන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරු සහ පොලිසිය කැඳවා උපදෙස් දී ඇති බව කටුපොල් වගාවට එරෙහිව අරගලයේ නිරතව සිටින අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරයා තම නිලධාරින් හමුවේ අවධාරනය කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී මතු වූ කරුණු අනුව, සහ පරිසර සංවිධාන කළ මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති බවය. පරිසර අධිකාරියේ නිර්දේශ අනුවද කටුපොල් වගාව නිසා පාරිසරික ජලමූලාශ්‍රවලට හානි පැමිණ ඇති බැවින් කටුපොල් ව්‍යාප්තිය දීර්ඝකාලීනව ජනාවාසවලට හා වගා කටයුතුවලට හානිකරය. මෙම තත්වය සැලකිල්ලට ගෙන අලුතින් කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින්ද එක් අවස්ථාවකදී උපදෙසි දී ඇත. එහෙත් මේ සියල්ල හුදු තීරණ ලෙස පවතින අතර බලධාරින්ගේ ඇස් ඉදිරියේ සමාගම් ගනනාවක් කටුපොල් වගාව දිගටම කරගෙන යනු දක්නට ලැබිණි.
මේ පසුබිම තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගා ව්‍යාප්තියට එරෙහිව පරිසර සංවිධාන ගෙන ගිය අරගලය නිසා මැතිවරණ කාලය ඉලක්ක කරමින් හෝ කටුපොල් වගාව නවතා දමන්නට දේශපාලන අධිකාරිය තීරණයකර ඇත. කෙසේවෙතත් තාවකාලිකව හෝ මෙවැනි තීරණයක් ගනු ලැබීම පාරිසරකි හානි නිසා ජීවන ගැටලුවලට මුහුණ දෙන ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, බද්දේගම, ඇල්පිටිය, කරන්දෙණිය ආදි ප්‍රදේශවල ජනතාව ලද ජයග්‍රහණයක් ලෙස සටහන් වේ. මේ වනවිට කොළඹ, ගාල්ල, මාතර, කෑගල්ල, කලුතර යන දිස්ත්‍රික්කවල කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින් පවතී. එහෙත් මෙම තීරණය අනුව, ගාල්ල දිස්ත්‍රික්කයට බලපාන පරිදි කටුපොල් වගා කටයුතු නවතා දැමීමට පොලිසියට බලය ලැබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන එකමුතුව ගෙන ගිය අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව මැදිහත්වීම සිදුව ඇති බව එම ක්‍රියාකාරිත්වයේ මූලික වැඩකොටසක් ඉටුකර සිරගතවීමට පවා සිදු වූ අඳුරත්විල චන්ද්‍රජෝති හිමි පවසයි. මෙම නියෝග සමාගම් ආධිපත්‍යයට හිමි මුදල් බලයට හා දේශපාලන බලයට යට නොවී පොලිසිය විසින් ක්‍රියාත්මක කළහොත් එම ජයග්‍රහණය ජනතාවට ලැබෙනු ඇති බව චන්ද්‍රජෝති හිමි වැඩිදුරටත් පවසයි
0 comments:
Post a Comment