එක් අතකින් කොරෝනා වසංගතයත් අනෙක් අතට ධනේෂ්වරයේ අර්බුධය සමග සකල ලෝවාසී නිර්ධන පංතිය තව තවත් පිඩාවට පත් වි ඇත. සමාජ අසමානතාවයන් වෙනදාටත් වඩා ඉස්මතු වීමට පටන් ගත් අවධියක් බවට මෙම වසංගත අවධිය පත්වෙමින් පවති. ලංකාව තුළ මෙම තත්වය යටතේ අධ්‍යාපන බළධාරීන් තෝරා ගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේද මගින් අධ්‍යාපනය ලබා දිමයි. තාක්ෂණයේ භාවිතාව පංති වරප්‍රසාදයක් බවට පත්ව ඇති සමාජයක, වරප්‍රසාද නොලත් සමාජ පංතිය නියෝජනය කරන ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය අයිතිය අමු අමුවේ උල්ලංඝණය කරන මෙම ඔන්ලයින් ක්‍රමවේදය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරයද ප්‍රතික්ෂේප කරයි. ඒ ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය ගෙන යන විරෝධතා උද්ඝෝෂණයන් මගින් ඔවුන් රජයට බල කර සිටින්නේ,
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය මෙසේ අසාර්ථක වන පසුබිමක දිගින් දිගටම විශ්ව විද්‍යාල පරිපාලනය ඔන්ලයින් ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන්නේ වසංගතයට පෙර සෑම ශිෂ්‍යයකුටම 80% ප්‍රතිපත්තිය මගින් දේශන අනිවාර්යය කරමින්, විභාග සදහා මුහුණ දීම අවහිර කර මහපොළ ශිෂ්‍යාධාරය කප්පාදු කර ඇති පසුබිමකයි. කෙසේ වෙතත් අද ඒ ප්‍රතිපත්ති සියල්ල පසකට තල්ලු කරමින් දේශනමාලා පවත්වාගෙන යාම මොවුන්ගේ පරිපාලන ප්‍රතිපත්තිය බවට පත් කර ගෙන ඇත. - මෙවර අධ්‍යයන වාරය සදහා ගාස්තු අය නොකරගැනීම.
- නේවාසිකාගාර ගාස්තු අහොසී කිරීම.
- විෂය නිර්දේශය නිමා වන තුරු විභාග නොපැවැත්වීම.
- විභාග සහ අනිවාර්ය දේශන ඔන්ලයින් ක්‍රමවේදයෙන් බැහැර වීම.
- 75% පංති කාමර අධ්‍යාපනයත් 25% ඔන්ලයින් අධ්‍යාපන රිතිය අහොසි කිරීම.
0 comments:
Post a Comment