Tuesday, January 25, 2022

තාක්ෂණ පීඨයේ ගැටලු විසඳන ලෙස බල කරමින් නැගෙනහිර සිසුන් වීදි බසියි!

තාක්ෂණ පීඨයේ ගැටලු විසඳන ලෙස බල කරමින් නැගෙනහිර සිසුන් වීදි බසියි!

තාක්ෂණ පීඨයේ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටලුවලට විසඳුම් ඉල්ලා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනවාරි 24 දින උද්ඝෝෂණයක නිරත විය. තාක්ෂණ පීඨය ආරම්භ කර වසර ගණනාවක් ගතවී ඇති නමුත් තවමත් එහි ස්ථිර පීඨාධිපතිවරයෙක් හෝ නැත. සිසුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය සම්පූර්ණ ආචාර්ය, මහාචාර්ය මණ්ඩලයක් නැත. විද්‍යාගාර පහසුකම් නැත. අවම වශයෙන් සිසුන්ගේ මූලික සුබසාධන අවශ්‍යතා වන ප්‍රවාහන ක්‍රමයක්, ආහාර ගැනීම සඳහා ආපන ශාලාවක් පවා නැගෙනහිර තාක්ෂණ පීඨයට නැත. පීඨය පවතින්නේ විශ්වවිද්‍යාල මව් පරිශ්‍රයෙන් කිලෝමීටර් තුනක් පමණ දුරකින් වීම නිසා මෙම ගැටලු තවත් සංකීර්ණය. ප්‍රවාහන ක්‍රමයක් නොමැතිවීමෙන් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු පවා උද්ගත වී ඇත. විශ්වවිද්‍යාල පරිපාලනයෙන් කොපමණ ඉල්ලීම් සිදු කරත් මේ වන තෙක් මෙම ගැටලු පිළිබඳව කිසිඳු අවධානයක් ⁣යොමු කර නැත. සිසුන් පවසන්නේ තවදුරටත් පාලකයන් ඉල්ලීම්වලට කන් නොදෙන්නේ නම් සියලු දෙනා ඒකාබද්ධ කරගත් අඛණ්ඩ අරගලයක් ආරම්භ කරන බවයි.









 

0 comments:

Post a Comment