Tuesday, January 25, 2022

ඇත්ත බලාපොරොත්තුවක්! මහජන ව්‍යාපාරයක්! මහජන පෙළගැස්ම ඇරඹෙයි..


ඇත්ත බලාපොරොත්තුවක්! මහජන ව්‍යාපාරයක්! මහජන පෙළගැස්ම ඇරඹෙයි..

ඇත්ත බලාපොරොත්තුවක්, මහජන ව්‍යාපාරයක්' තේමාව සහිතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ සිට ගාල්ල දක්වා වූ පෙළපාලියක් ඊයේ (25) ආරම්භ කරන ලදී. මෙහි අරමුණ නව ජනතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. පවතින සමාජ, දේශපාලන, ආර්ථික අර්බූදය හමුවේ සියලු දේශපාලන බලවේග ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත. නමුත් පවතින අර්බූදයට විසඳුම තවත් බලහුවමාරුවක් නොවේ. වසර 70 ක් පුරා විවිධ පුද්ගලයන්, පක්ෂ අතට බලය ලබාදෙමින් ජනතාව දේශපාලනයෙන් ඈත් කළ ක්‍රියාවලියම නතර විය යුතුය. ආණ්ඩුවට එරෙහිව තැන තැන නැ⁣ගෙන මැසිවිලි ස්වරූපයෙන් පවතින ජනතා විරෝධය සංවිධානය කළ යුතුය. ක්‍රම විරෝධයක් දක්වා මෙහෙයවිය යුතුය. ඒ සඳහා වාමාංශික ව්‍යාපාරය පෙරමුණ ගතයුතුව තිබේ. තවත් එක් මැතිවරණ උගුලකට ජනතාව දක්කනවා වෙනුවට මේ මොහොතේ වාමාංශික ව්‍යාපාරය විසින් සිදු කළ යුතු කාර්ය එයයි. පෙ.ස.ප මේ සනිටුහන් කරන්නේ එවැනි ක්‍රමවිරෝධී බහුජන සටන් මධ්‍යස්ථානයක ගමනයි. 







0 comments:

Post a Comment