Tuesday, February 1, 2022

ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ මැරයෝ රාගම වෛද්‍ය පීඨයට කඩාවදියි! සිසුන් තිදෙනෙක් රෝහලේ


ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ මැරයෝ රාගම වෛද්‍ය පීඨයට කඩාවදියි! සිසුන් තිදෙනෙක් රෝහලේ

අද (02) උදෑසන 2 ට පමණ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි සිසුන්ගේ නේවාසිකාගාර සංකීර්ණය වෙත පිරිසක් කඩාවැදී සිසුන්ට පහර දී තිබේ. මෝටර් රථයකින් පැමිණි පිරිස පළමුව උත්සාහ කර ඇත්තේ එහි සිටි සිසුවෙකු පැහැරගෙන යාමටයි. එහිදී අනෙක් සිසුන් වහා මැදිහත් වී ඔහුව බේරාගැනීමට යාමේදී පැමිණි මැරයින් ඔවුන්ට බරපතල ලෙස පහර දී තිබේ. තවත් සිසුන් අදාළ ස්ථානයට එක්රැස්වී පහර කන සිසුන් බේරාගැනීමට මැදිහත්වන විට මැරයින් පැමිණි මෝටර් රථයද දමා පැනගොස් ඇත. මැර ප්‍රහාරයට ලක්වූ සිසුන් තිදෙනෙක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙලෙස රාගම වෛද්‍ය පීඨයේ දමා ගොස් ඇති මැරයින් පැමිණි KI-2376 දරණ මෝටර් රථය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පොල් සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ වාහනයකි. එහි පැමිණි පුද්ගලයෙකුගේ රාජකාරි හැඳුනුම්පතක්ද හමුවී ඇති අතර ඔහු අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු බව ඉන් තහවුරු වී ඇත.







0 comments:

Post a Comment