Tuesday, February 1, 2022

විශ්වවිද්‍යාල විවෘත කරගැනීමේ අරගලය SFI ජයගනී!


විශ්වවිද්‍යාල විවෘත කරගැනීමේ අරගලය SFI ජයගනී!

සමස්ත ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් බටහිර බෙංගාලයේ විශ්වවිද්‍යාල සිසුන් වසර එකහමාරක් තිස්සේ අඛණ්ඩ අරගලයක නිරතවී සිටියහ. ඒ වසා දැමූ විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙසයි. උද්ඝෝෂණ ගණනාවක් සිසුන් විසින් සිදු කළ අතර සිරගත කිරීම් පවා වාර්තා විය. විටෙක ප්‍රාන්ත රජය පොලීසිය යොදවා දැවැන්ම මර්දනයක් මුදාහරිමින් පහර දෙමින් උද්ඝෝෂණ විසුරුවා හරින ලදී. කොරෝනා වසංගතයේ පැමිණීමත් සමඟ විශ්වවිද්‍යාල වසා දැමුණු අතර ඉන්දියානු රජයටද වසා දැමූ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට කිසිඳු වැඩපිළිවෙළක් හෝ උවමනාවක් තිබුණේ නැත. නමුත් අඛණ්ඩ අරගලයකින් පසු අද බටහිර බෙංගාල⁣යේ සිසුන්ට ජයග්‍රහණය සැමරීමට හැකි විය. පාසල් හා විශ්වවිද්‍යාල එළඹෙන පෙබරවාරි 03 දින සිට විවෘත කිරීමට රජය එකඟ වී තිබේ. පහත දැක්වෙන්නේ සිසුන් ජයග්‍රහණය සැමරූ අවස්ථා කීපයක ඡායාරූපයන්ය.







0 comments:

Post a Comment