Friday, February 4, 2022

කෝ නිදහස? නිදහස් දා භික්ෂු අන්තරේ උද්ඝෝෂණයක

 

කෝ නිදහස? නිදහස් දා භික්ෂු අන්තරේ උද්ඝෝෂණයක

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (04) කොළඹ කොටුව බෝධිය ඉදිරිපිට පැවැත්විණි. ඒ නිදහස් චතුරස්‍රයේ ආණ්ඩුව නිදහස් දින සැමරුම් කරමින් පම්පෝරි ගසන අතරතුරය. උද්ඝෝෂණය සඳහා විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ. 

කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට විකිණීම ඇතුළුව චීන - ඇමරිකන් - ඉන්දියානු අධිරාජ්‍යවාදයට රටේ ජාතික සම්පත් බිලිදීමට එරෙහි වීම උද්ඝෝෂණයේ අරමුණයි. 

ඇමරිකානු සමාගමකට යුගදනවි ස්වභාවික ගෑස් බලාගාරය විකුණාදැමීමට අත්සන් කළ ගිවිසුම මගින් බලශක්තිය පිළිබඳ ස්වාධිකාරය ඇමරිකාවට පාවා දීමත්, ඛණිජ තෙල් පිළිබඳ ස්වාධිකාර බලය ඉන්දියානු IOC සමාගමට පාවා දීමට ත්‍රිකුණාමල තෙල් ටැංකි විකුණා දමන බවත් පැවසූ අ.වි.භි.බ.ම ජනතා දේපල අධිරාජ්‍යවාදී බලපොරයට බිලිදීමට එරෙහිව සියලු ජනතාව එක්සත්ව අරගල කළ යුතු බව අවධාරණය කළේය. එසේම ලේ තැවරුණු, කුණු තැවරුණු පාලකයන් අත පිරිත් නූල් බදින, ඔවුන්ට ජය පිරිත් කියන භික්ෂූන් වෙනුවට අධිරාජ්‍යවිරෝධී, ප්‍රගතිශීලි, නිර්ප්‍රභූ, ජනතාවාදී සංවිධානාත්මක භික්ෂු ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත්, අ.වි.ශි.බ.ම ලෙස එයට අදාළ මූලික පියවර තැබීම තමන් ආරම්භ කරන බවත් අ.වි.භි.බ.ම වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment