Monday, June 10, 2013

රිලව් මුදලාලි ආයෙ එන්නේ නෑ...

මේ ලඟදි දවසක අපි යාලූවෝ කට්ටිය පොඩි ටි‍්‍රප් එකකට සෙට් වුනා' ඉතින් ඒක සිංදු කිය කිය නොයෙකුත් ආගිය කතා කිය කිය යන අතරෙ" අපේ එකෙක් ලස්සන කතාවක් කිව්වා' මේ'' රිලා මුදලාලි කෙනෙක් ගැන' මෙන්න මේකයි කතාව'
ඔන්න පරණ විධියටම පටන් ගත්තොත්, එකෝමත් එක රටක එකෝමත් එක ගමක් තිබුණා' ටිකක් විතර පටිසර ගමක්" අනේ ඉතින් වෙන ගම්වල වගේම කාටවත් වරදක් නැති මිනිස්සු මේ ගමෙත් ජීවත් වුණා' එහෙම කිව්වට ඉතින් කාටත් හොරෙන් හැමෝම පොඩි පොඩි නූල් සූත්තර දාල තමයි ජීවිකාව ගැටගහගත්තේ' මෙන්න මේ ගමට එක දවසක් ආව හරි අපූරු වෙළෙන්දෙක්" මෙයා
ඇවිල්ල ටිකක් වෙනස් වෙළෙන්දෙක්' ගමේ ගොඬේ සාමාන්‍ය වෙළෙන්දන්ට වඩා පොඩි වෙනසක් තිබුණා' ටිකක් පිළිවෙලට අ`දින පලඳින කෙනෙක්' මිනිහා ඉස්සර වෙළාම අවිත් මිනිස්සුන්ගෙන් ඉල්ලූවේ රිලව්' මිනිහා කිව්වේ මේ දවස් වල රිලව් ඉල්ලූමක් තියෙනවා කියලා' එක රිලවෙකුට රුපියල් 1000ක් ගෙවන්න මිනිහා පොරොන්දු වුණා' ගමේ මිනිස්සු පණගහගෙන ගස් බඩගාලා රිලව් ඇල්ළුවා' කිව්ව විදියටම රිලව් මුදලාලි ගාන ගෙව්වා' ගමේ මිනිස්සුන්ට හරි සතුටුයි'

කතාව ඉවර නෑ' ටික දවසකින් රිලව් මුදලාලි ආපහු සැරයක් ගමට ආවා' ගමේ මිනිස්සු හිතුවේ ඔක්කොම රිලව් විකිණිලා ඉවර ඇති කියලා. මුදලාලිට හරි සරුයි. හැබැයි දැන් රිලව් අඩුයි' මේ සැරේ ඒ හින්දම රිලව් ගත්තේ රුපියල් 2000 ගානේ' හැබැයි ගමේ මිනිස්සුන්ට රිලව් අල්ලන්න කලින් වතාවට වැඩිය මහන්සි වෙන්න වුණා. ඒත් ඉතින් ගැමියන්ටත් හරි සතුටුයි' ඇයි මෙහෙම සධාරණ මිනිස්සු හරි අඩුයිනේ'

ටික දවසකින් රිලව් මුදලාලි ආපහු ගමට ආවා' හැබැයි දැන් මිනිහට විකුණන්න ගමේ රිලව් නෑ. ඒ හින්දා මේ වතාවේ රිලවෙක්ට රුපියල් 3000 ගානේ ගෙවන්න මුදලාලි පොරොන්දු වුණා' ඒත් ඉතින් යාන්තන් රිලවෙක් දෙන්නෙක් ඇරෙන්න රුපියල් 3000 ගානේ විකුණන්න රිලව් ගමේ හිටියේ නෑ' ඒ නිසා ගම්මු හරිම අමාරුවෙන් සොයාගත්ත අවසාන රිලවත් මේ වෙළෙන්දට වික්කා'

තව කිහිප දවසකින් වෙළෙන්දා ආයෙත් ගමට ආවා. ඇවිල්ල කිව්වා රිලවෙක්ට රුපියල් 5000 ගානෙ ගෙවන්නම් කොහොම හරි හොයලා දෙන්න කියලා' ඒත් ඉතින් මොනවා කරන්නද රිලවෙක් බෙහෙතකට හොයාගන්න ගමේ හිටියෙ නෑ' වෙළෙන්ද හිස් අතින්ම ආපහු ගියා' යනකොට කියලා ගියා ආපහු සතියකින් විතර එනවා කියල. රිලව් හොයලා තියන්න කියලා'

මෙහෙම ටික දවසක් ගෙවුණා' ඔන්න ඔන්න ටික දවසකින් අලූත් වෙළෙන්දෙක් ගමට අවා' අලූත් රිලව් වෙළෙන්දෙක්' මෙයා රිලව් මිලදී ගන්න කෙනෙක් නම් නෙවෙයි' රිලව් විකුණන කෙනෙක්' අර කලින් වෙළෙන්දගෙම නියොජිතයෙක්' ගෙනාවේ කලින් ගත්ත රිලව් මයි' හැබැයි ගමේ කවුරුත් ඒක දැනන් හිටියේ නෑ' කොහොම දැනගන්නද@ මොකද රිලවුන්ගේ නම් ගහලා තියෙන එකක්යෑ'

මිනිහා රිලවෙක් රුපියල් 3000 ගානේ වික්කා' ගමේ මිනිස්සුන්ට කල්ලමරේ' මොකද අළුත් වෙළෙන්දගෙන් රුපියල් 3000 ගානේ රිලව් අරගෙන පරන වෙළෙන්දට රුපියල් 5000 ගානේ විකුණන්න පුළුවන් කියලයි ගමේ මිනිස්සු හිතුවේ' මිනිස්සු රිලව් ගත්තේ පොරකකා' 

ඉතින් රුපියල් 3000 ගානේ පොරකකා රිලව් ගත්තු ගමේ මිනිස්සු" රුපියල් 5000 ගානේ විකුණන්න රිලව් ගන්න මුදලාලි ගමට එනකල් තවම බලාගෙන ඉන්නවා'

මේක අහපු මට එකපාරටම ධනේෂ්වර ක‍්‍රමය මතක් වුණා' ඔව්, ඔව්, මේ අපි ජීවත් වෙන සමාජ ක‍්‍රමයæ අපෙන් රිලව් අරන් අපිට විකුණල උන් ලාභ ගන්න සමාජ ක‍්‍රමයæ

0 comments:

Post a Comment