Wednesday, August 14, 2013
මානව අයිතිවාසිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය ලෙස රාජ්‍ය මර්දනය හා ජනතා අරගල මැයින් සම්මන්ත‍්‍රණයක් පසුගිය 07 වැනි දින ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ඊට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා මානව අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාධරයින් සම්බන්ධ විය.
මෙහිදී අදහස් දැක් වූ නිතීඥ නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකාධිපති ක‍්‍රමයක් නිර්මාණය කළත් රටේ ජනතාවට තමන්ගේ අදහස් පල කිරීමට යම් ඉඩක් පැවති අතර පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය මර්දනය වෙනස් දිශාවකට පැමිණ ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප‍්‍රකාශ කළේ ‘‘1980 වැඩ වර්ජනයේ දී සෝමපාල ඝාතනය කළාම මාධ්‍ය වාර්ථා කළේ ‘‘ජේආර් මිනී මරයි’’ කියලා. ඒත් අද වැලිවේරියේ ඝාතන කරද්දී ‘‘මහින්ද රාජපක්ෂ මිනී මරයි’’ කියලා මාධ්‍ය වාර්තා කරන්නේ නෑ. ජේආර් ගිහින් වෙඩි තිබ්බේ නෑ. මහින්දත් ගිහින් වෙඩි තිබ්බේ නෑ. හමුදාව පොලිසිය ලවා ඝාතනය කළා. රොෂේන් චානක ඝාතනය, ධීවර ඇන්තනී ප‍්‍රනාන්දු ඝාතනය, සිදු කළේ හමුදාව ලවා. දැන් වෙනස තියෙන්නේ හමුදාව පොලිසිය ලවාම මැරුණු කෙනාගේ පවුල්වල අය ගෙන්නලා කන්න බොන්න දීලා අපේම සල්ලිවලින් වන්දියක් දෙනවා. එතකොට රටේ මිනිස්සුන්ගේ ප‍්‍රශංසාවත් ලැබෙනවා. සිදුවීම්වලට වරදකරු වෙනත් පාර්ශ්වයක් වෙලා. මේ වගේ සිදුවීම්වදී මාධ්‍ය වාර්තා කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. අසාධාරණයට පත්වෙච්ච අය නිහඬ වෙලා ඉන්නේ. නායකත්වය දීපු අය පවා නිහඬ වෙලා ඉන්නේ. මියගිය අයගෙ ගෙවල්වලට ගියාම කියන්නේ දැන් ප‍්‍රශ්න විසඳිලා තියෙන්නේ කියලා. මේ තමයි මර්දනය. මේ මර්දනය නීති පොත්වලින් හරි මානව හිමිකම් ගිහිල්ලා හරි ජාත්‍යන්තරයට ගිහිල්ලා හරි ඔප්පු කරන්න බෑ. විපක්ෂයේ අය හිතාගෙන ඉන්නේ ජිනීවා සමුළුවකින් උත්තර හම්බවෙයි කියලා. ඒවා කුමන්ත‍්‍රණ. දැන් බලන්න ඕන ඇත්ත ජනතා අරගලයක් කරන්නේ කොහොමද කියලා. මිනිස්සු කොහොමද එකතු කරන්නේ’’ කියලා. යනුවෙනි.
මෙහිදි අදහස් දැක් වු මානව අයිතිවාසිකම් සුරැකිමේ ශිෂ්‍ය සංවිධානයේ කැදවුම්කරු රමිදු පෙරේරා සහෝදරයා ප‍්‍රකාශ කර සිටියේ අධ්‍යාපන පෞද්ගලිකකරණය නවලිබරල් ධනවාදයේ අවශ්‍යතාවක් වන අතර එහිදී ඇති වන ජනතා පීඩනය යටපත් කිරීම සඳහා රාජ්‍ය මර්දනය අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ රමිඳු පෙරේරා සහෝදරයා ප‍්‍රකාශ කර සිටියේ ‘‘මර්දනය අප සියලූ දෙනා අසලටම ගෙනල්ලා. මහපාර, ගෙදර, පාසල, ආගමික ස්ථාන, ජොකින් පාත්, රූපවාහිනිය අපව මර්දනය කිරීම හො`දින්ම කරගෙන යන ස්ථාන බවට පත්කරලා. කවුරුහරි හිතනවා නම් මර්දන උපකරණ කියන්නේ හමුදාව, පොලිසිය, අධිකරණය, හිරගෙවල් වගේ ආයතන විතරයි කියලා, ඒකේ ලොකු වැරැද්දක් තියනවා. අපි හිතන පතන දේවල් පාලකයන්ට ප‍්‍රශ්නයක්. සී.සී.ටී.වී කැමරාවෙන් කරන්නේ තමාට සිතෙන දේ අනෙකාට ප‍්‍රකාශ කිරීම පවා බියජනක දෙයක් කිරීමයි. ඒ කියන්නේ රජය දෘෂ්ටිවාදයත් මර්දන උපකරණයක් ලෙස භාවිතා කරන්න පටන් අරන්. මර්දනය කොතරම් සූක්ෂ්මද? හමුදා පුහුණුව, කවිතා ටැලෙන්ට්, වගේ දේවල් ගේන්නෙ මර්දනයේ දෘෂ්ටිවාදය වැපිරීම සඳහා.
පාලකයන්ට තිබෙන්නේ ප‍්‍රාග්ධන අවශ්‍යතාවක්, එහෙම නැත්නම් නවලිබරල් ධනවාදය ක‍්‍රියාවට නැගිමේ උවමනාව. ඒ සඳහා අධ්‍යාපන පෞද්ගලිකකරණය ක‍්‍රියාත්මක කරන්න නම් ශිෂ්‍ය ව්‍යාපාරයේ කට වහන්නම ඕන. ඒ හින්දා තමයි ශිෂ්‍ය සටන්වලට නායකත්වය දුන්නා කියලා සංජීව බණ්ඩාර සහෝදරයා අත්අඩංගුවට ගත්තේ, ජානක සිසිත සහෝදරවරු ඝාතනය කෙරුවෙ. හේලීස් සමාගම කියන්නෙත් නවලිබරල් ධනවාදයේ අවශ්‍යතාවක්. ඒ හින්දම තමයි ඊට විරුද්ධ වුණු වැලිවේරියේ ජනතාවට උණ්ඩයෙන් උත්තර දුන්නේ. අධිකරණය ක‍්‍රියාක්මක වෙන්නෙත් ඒ අවශ්‍යතාව වෙනුවෙන්මයි. ඒ හින්ද තමයි සංජීව සහෝදරයාගේ අත පය ගැට ගහලා එළියට දාන්නේ. ජානක සිසිත සහෝදරවරුන්ගේ ඝාතන නඩු කල් ඇර ඇරා තීන්දුවක් නොදී ඉන්නේ. හෙට අනිද්දට වැලිවේරියේ ජනතාවට වෙන්නෙත් ඕකමයි.
මේ වෙනුවෙන් කරන්න තියෙන්නෙ අරගලය අත අරින එක හරි පොලිසියට හරි හමුදාවට හරි හුදකලාව විරුද්ධ වෙන එක නෙමෙයි. සියලූම රාජ්‍ය මර්දන උපකරණයන් එක්ක සෘජුව ගැටීමයි.’’ යනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment