Sunday, August 11, 2013

වරද කාගේද?

ISSN - 13913344
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 05 වන කලාපය
2013 අගෝස්තු

වරද කාගේද?


පසුගිය මසක පමණ කාල සීමාව තුළ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩිමනක් කතාබහට ලක් වූ සිද්ධි දෙකකි. පළමුවැන්න සංජීව සහෝදරයා සිරගත කිරීම හා ඔහුට විශ්වවිද්‍යාල තහනම් කලාප බවට පත් කරමින් නිදහස් කිරීමයි. දෙවැන්න රතුපස්වල සිද්ධියයි. මේ සිද්ධි නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග‍්‍රහ කළ අයුරු අප දුටුවෙමු.

සංජීව සහෝදරයා සිරගත කිරීමට අදාළ සිද්ධියේ දී සමහරුන් එය දුටුවේ පොලිසියේ වරදක් ලෙසය. ‘‘පොලීසියේ බොරු චෝදනා මත සිරගත කළ අවිශිබම කැඳවුම්කරු වහා නිදහස් කරනු’’ යනුවෙන් සඳහන් කළ සටන් පාඨ පවා මුද්‍රණය වූයේ ඒ හෙයිනි. ඇතැමුන් එය විග‍්‍රහ කළේ අධිකරණයේ වරදක් ලෙසය. තවත් විවිධ ආකාරයන්ගෙන් සිද්ධිය විස්තර කළ අයුරු ද අප දුටුවෙමු. 

ඉහත දෙවන සිද්ධියේ දී ද එය විග‍්‍රහ කළ ආකාරයන් විවිධ විය.ඇතැමුන්ට අනුව එය හමුදාවේ වරදකි. සිද්ධියට මුහුණ දුන් බොහෝ දෙනෙක් පවා දුටුවේ එලෙසිනි. ‘‘හමුදාවට දෙපාරක් ලේ දුන්න මේ අත මම කපා දමනවා’’ යනුවෙන් කියා සිටින්නේ ද එබැවිණි. හමුදාවට බැන වදිමින් කළ ප‍්‍රකාශ ද අවශ්‍ය තරම් නිකුත් විය. ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ වරදක් ලෙස සිද්ධිය දුටුවන් ද මේ අතර විය. ‘‘පිරිසිදු ජලය ඉල්ලූ ජනතාවට බැටන් ප‍්‍රහාර, කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ ලබා දුන් රාජපක්ෂ ආණ්ඩුව හෙලා දකිමු’’ යනුවෙන් සටන්පාඨ මුද්‍රණය වූයේ එබැවිනි. 

සිද්ධි දෙකේදීම ආණ්ඩුවේ විග‍්‍රහයන් මේ සටහනට එක් නොකරන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කිසිවකු ඉහත සිද්ධි දෙකේදී එම විග‍්‍රහයන් නොපිළි- ගන්නා බැවිණි. 

වරද කාගේද? ගෙවීමට නියමිත කාල පරිච්ෙඡ්දය යනු, එවැනිම සිද්ධීන්ගේ එකතුවක් වීම අනිවාර්යයක් විය හැකි බැවින් මෙම ප‍්‍රශ්නයට පිළිතුරක් සපයාගත යුතුය. ඉහතින් සඳහන් කළ විග‍්‍රහයන් අසත්‍ය හෝ වැරදි යැයි සරල ලෙස කිව නොහැක. මන්ද සංජීව සහෝදරයා අත්අඩංගුවට ගත්තේ පොලිසිය විසිනි. තීන්දු දුන්නේ අධිකරණයෙනි. වැලිවේරියේ දී ජනතාවට පහර දුන්නේ හමුදාව විසිනි. නියෝග දුන්නේ රාජපක්ෂ පාලනය විසිනි. එම පරාසයේ දී  විග‍්‍රහයන් නිවැරදි වන්නේ එබැවිනි. 

නමුත් මෙහිදී අපගේ පරාසයන් පුළුල් කිරීම තුළින් සිද්ධීන් සංයුක්ත කර ගත යුතුය. අප ඉහත කී ආයතනවල වෙනත් මැදිහත්වීම් සම්බන්ධයෙන් සලකා බැලීම මෙහිදී වැදගත් වේ. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සිද්ධියේ දී, සාරුව සුනිල් සභාපතිවරයාගේ සිද්ධියේ දී, පොලිසියේ හා අධිකරණයේ හැසිරීම, ඔබට අමතක වී නැතැයි සිතමු. ඒ හැසිරීම්වල යම් සමානකමක් ඇත. 

මේවා දෙස හොඳින් නිරීක්ෂණය කිරීමේදී මේ ආයතන එකම බූවල්ලකුගේ අ`ඩු බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. ඒ බූවල්ලා යනු ධනේශ්වර රාජ්‍යය මිස අන් යමක් නොවේ. මේ බූවල්ලා ක‍්‍රියාත්මක වන්නේ ධනේශ්වර පංතියේ පංති වුවමනාවට මිස අන් යමකට නොවෙයි. වැලිවේරියේ සිද්ධියේ දී  ධනේශ්වර රාජ්‍යය තෝරා ගත්තේ ධම්මික පෙරේරාගේ වුවමනාව නොවේද? 

ධනේශ්වර රාජ්‍ය බූවල්ලාට ඇත්තේ අඬු තුනක් පමණක් නොවේ. තවත් අඬු විශාල ගණනක් ඇත. එක් අඬුවක් අපොහොසත් වන තැනක දී තවත් අඬුවක් ආදේශ වීම බූවල්ලාගේ විශේෂ ලක්ෂණයකි. වැලිවේරියේ දී පොලිසියට නොහැකි වූ දෙය සිදු කිරීමට හමුදාව ආදේශ වුයේ එබැවිනි. 

ශිෂ්‍ය ව්‍යාපාරය හමුවේ මේ බූවල්ලාගේ හැසිරීම අප අවශ්‍ය තරම් දැක ඇත්තෙමු. ශිෂ්‍ය සටන් මර්දනයේ දී ධනේශ්වර රාජ්‍යය මෙතෙක් පොලිසිය යොදා ගත්තේ ඒ සඳහා ඔවුන් සාර්ථක යැයි අත්විඳ ඇති නිසා විය හැකිය. නමුත් වර්තමානය වන විට ඒ සඳහා අධිකරණය ආදේශ වෙමින් පවතී. ශිෂ්‍ය සටන් ක‍්‍රියාමාර්ග නැවැත්වීම සඳහා ලබා දුන් අධිකරණ නියෝග, සංජීව සහෝදරයාට ලබා දුන් ඇප කොන්දේසි වැනි දේ වලින් තහවුරු වන්නේ එයයි. 

වැදගත් වන්නේ අධිකරණය, රජ්‍යයේ මර්දන මෙවලමක් යැයි හඳුනාගැනීම පමණක් නොවේ. එවැනි මෙවලම් විශාල ප‍්‍රමාණයක් ධනේශ්වර රාජ්‍ය සතු බව වටහා ගැනීමයි. ඉදිරියේ දී සටන් ක‍්‍රියාමාර්ග වැළැක්වීම සඳහා නොයෙකුත් බූවලූ හස්තයන් එළිදැකීමට නියමිතය. අඬු සමඟ කරන සටන ඔළුව සමඟ කරන සටනක් දක්වා මාරු කරගත යුත්තේ එබැවිනි. 

0 comments:

Post a Comment