Friday, June 14, 2013

සමාජවාදයේදී විවාහය හා පවුල

සමාජවාදයේදී විවාහය, පවුල් ජීවිතය මොන වගේ ද? අපි හිතුවා මේ සැරේ වියමනින් ඒ ගැන හොයන්න. ඇත්තටම සමාජවාදයේදී family life එක පට්ටම අප්සට් එකක් ද? සමහර සමාජවාදී රාජ්‍යයන්ගෙන් ගත්ත අසම්පූර්ණ උදාහරණයකුත් එක්ක සමහරු දාන තර්ක විතර්ක වලදි මේ ප‍්‍රශ්නෙටත් සුපුරුදු විදිහටම උත්තර හොයාගෙන යද්දි, දැං අපි ඉන්න ධනවාදී සමාජය ඇතුලේ විවාහය, පවුල යන කාරණාවේ තියෙන හැඩගැස්ම පිරික්සලා බලනනම වෙනව. ඒ වගේම සමාජවාදයෙදි මේ දේවල් පවතින්න් කොහොමද කියල අවසන් රූපකයක් දෙන්න අපට බැහැ. එහෙම කරන එක වැරදි සහගත වෙනව. ධනවාදී සමාජ හැඩගැස්මට සාපේක්ෂව සමාජවාදී ආර්ථික සම්බන්ධතාව ඇතුලේ විවාහය, පවුල කියන දේවල් ඇඩගැසෙන්නෙ කොහොමද කියල මූලික අදහසක් හදාගන්න අපිට පුළුවන්. ඒ ඒ රටවල භූගෝලීය, ආර්ථික, දේශපාලනික හැඩගැස්මෙ බලපෑමත් එක්ක ඒ ඒ රටට ආවේනික සංස්කෘතික හැඩගැස්මක් නිර්මාණය වෙනව. එතෙන්දි සෝවියම් දේශයේ හෝ චීනයේ හෝ කියුබාව් හෝ පවතින ආකාරයෙන් යැයි පරම නිශ්චිත ආකාරයෙන් උදාරණයට ගැනීම වැරදි සහගත වෙනව. 

ඉතිං මේ ප‍්‍රශ්නයට උත්තරයක් ලියන්න යද්දි මතක් උනේ අපේ මලාගේ අයියගේ මැරේජ් ලයිෆ් එක. මංගල සිහිනය, කැදැල්ල, සිහින මාලිගා වලින් තනපු හීන ගොඩක් එක්ක නැව ගිලූණත් බෑං චූං ලයිෆ් එකේ හිටපු උංගේ අයියගෙ පවුල් ජීවිතේ තේමා ගීයේ කොටසක් මේ විදිහට ලියැවෙනව. 
''ලයිට් කැපුවෙ හෝම් කමින් දවසේ ඉඳල
බිල ගෙවන්නම්  ඕ.ටී. කරල''

 ඇත්තටම ධනවාදය ඇතුලෙ හැමෝගෙම පවුල් ජීවිතේ ඇතුලෙ තේමා ගීයේ කොටසක් වෙන්නෙ මේක තමයි. පරිභෝජනවාදී ජීවිතයක හැඩගැස්ම තුලත්, ජීවිතයේ අනන්‍යතාවයන් අහිමි වීම තුලත් එවැනි ජීවිතයක් මිනිසෙකුට අත්පත් වීම වලක්වන්න බෑ. ආහාර සපයා ගැනීම, අධ්‍යාපනය ලබාගැනීම, නිවසක් තැනීම ධනවාදී සමාජයක් ඇතුලේ පුවලට පැවරුනු වගකීමක් වෙනව. වැඩිවන ජීවන වියදමත් එක්ක අතිකාල වැඩ කරමින් ණය තුරුස් ගෙවීමට මුදල් සොයන්න වීම ධනවාදය තුල ස්ත‍්‍රීයට සහ පුරුෂයට පැවරුනු වගකීමක් විතරයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අතිකාල වැඩ කරමින් මුදල් හොයන්නත්, තරගකාරී අධ්‍යාපන රටාව ඇතුලේ උදේ ඉඳන් ? වෙනකන් දරුවන්ට අධ්‍යාපන ආයතන ඇතුලෙ කල් ගෙවන්න වීමත් තුල බිරිඳ හා පුරුෂයා අතර සම්බන්ධයන් දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධයන් අනිවාරණීය ලෙස ලිහී විසිරිලා යනව.

මේ කාරණා වලදි ඇත්තටම නිවැරදි පිළිතුරක් හොයාගන්න වෙන්නෙ සමාජවාදයේදී විතරයි. සමාජවාදය තුල ගොඩනැගෙන ජනතාවාදී ආර්ථිකය තුල ස්ත‍්‍රීයට සහ පුරුෂයට දරන්න වන ජීවන වියම අඩුවීම, විවේකය ඉතිරි වීම තුල ඔහුට හෝ ඇයට වඩාත් හොඳ මානව සබඳතාවයක් පවත්වා ගෙන යන්න ඉඩකඩක් ලැබෙනව. ඒ වගේම අධ්‍යාපනය ලබාදීම, සෞඛ්‍ය පහසුකම් ලබාදීම යන මූලික අවශ්‍යතාවයන් සැපිරීම පෞද්ගලික වගකීමක් වෙනුවට සමාජ වගකීමක් වීම තුල, සමාජවාදයේදී ස්ත‍්‍රීයට සහ පුරුෂයාට වඩාත් හොඳ මානසික විවේකයක් ලබාදීමට අවස්තාවක් වෙනව.

වත්මන් ධනවාදී සමාජය තුල දරුවන් වැදීමත්, ඔවුන් රැුක බලා ලොකු මහත් කිරීමත් දෙමාපියන් මත පැවරුන දැවැන්ත හා ප‍්‍රධානම වගකීම වෙනව. එවැන්නක් තුල  ජනප‍්‍රිය පාසලක් ලබාගැනීමට දරුවන් ඉපදීමටත් පෙර සිටම ඔවුන්ට වෙහෙසෙන්න වෙන්නෙත්. දරුවන් වෛද්‍යවරු කරන්න, ඉංජිනේවරුවන් කරන්න ඒ වෙනුවෙන් අසීමිතව වෙහෙසක් දරන්නත් ඔවුන්ට සිද්ධ වෙන්නෙත් දරුවන් කෙරේ වන අසීමිත ආදරය නිසාමද? 
සමාජවාදය සහ පවුල යන කෘතියේ කතුවරයා වන H.G. Walls විසින් මතුකරන ආකාරයට ධනවාදයේ ආගමනයත් සමග පවුල තුල දරුවන් කෙරෙහි වගකීම දෙමාපියන් මත පැටවීමක් සිදු  වෙනව. එසේම  එම සම්බන්ධය ආදරය, මිත‍්‍රත්වය යන පදනමට වඩා අනාගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වූ ආර්ථික සම්බන්ධයක ස්වභාවයක් ගැනෙනව. ධනවාදී සමාජ ආර්ථික රටාව තුල හැමවිටම මිනිසා පුද්ගල ආර්මාර්ථයකට ඇදදැමීම  තුල ගොඩනැගෙන පවුල් සම්බන්ධතාවයද  උපයෝගිතාත්මක අර්ථයක් ගන්නව. විශේෂයෙන්ම එම සම්බන්ධයන් ගොඩ නැගෙන්නෙ අනාගත සුරක්ෂිතභාවය සම්බන්ධ ආකල්පයක් මත පිහිටල විතරයි. විශ‍්‍රාමික කාලයේදී තමන්ව රැුකබලා ගැනීමට හැකිවන පරිදි ආර්ථික සුරක්ෂිතභාවයක් දරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් දැවැන්ත ආතතියක් මේ නිසා දෙමාපියන් මත ඇතිවෙනව. එ සේම ධනේෂ්වර ජිවිතය තුල තමාගේ වන අසාර්තක වීම් දරුවන් තුලින් ඉටු කරගැනීමට යාමත් තමාට සමාජයේ නොලැබුනු තත්වයන් දරුවන් තුලින් ලබා ගැනීමට යාමත් ධනේෂ්වර පවුල් ජිවිතය දරුවන් කෙරේත් දෙමාපියන් කෙරේත් දැවැන්ත ආතතියක් ඇති කරන්නක් වෙනව. මෙවැනි තත්වයක් තුල දරුවන් ඉංජිනේරුවන්, වෛද්‍යවරයන් කිරීමේ තරගතාරීත්වයක්, පෙලීමක් දෙමාපියන් මත ඇතිවීමට හේතුවක් වෙනව.

නමුත් සමාජවාදයේදී ඒ සම්බන්ධයෙන් තියෙන්නේ වෙනස් ආකල්පයක්. සමාජවාදී රාජ්‍ය පද්ධතිය තුල වැඩිහිටයන් සම්බන්ධ වගකීම සමාජීය වගකීමක් වෙනව. එය දරුවන්ව  පුද්ගලිකව ආතතියට ලක් කරන කාරණයක් වෙන්නෙ නෑ. එසේම දෙමාපියන්ට දරුවන් කෙරෙහි බැඳීම ඇතිවෙන්නෙ අනාගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වන උපයෝගිතා අර්ථයකින් නෙමේ.  එය වඩා උසස් මානව බැදීමක් වෙනව. සමාජවාදී ජීවිතයක් තුල පෙලපත පවත්වාගෙන යාමේ නියමයක් ලෙසත්, සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් කාරණයක් ලෙසත් දරුවන් වැදීම පවුල තුල ස්ත‍්‍රීය කෙරෙහි පැවරෙන නියමයක් නෙමේ. ඉතිහාසයේ ගමන් මගෙහි තීරණාත්මක සාධකයන් වන ජනනය හා ප‍්‍රජනනය යන කාරණා වලින් ප‍්‍රජනනයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් අභිමානයත්, නිර්ව්‍යජ සතුටත් සමාජවාදයේදි ඇයට හිමිවෙනව. එහිදී එම පවුල් ජීවිතය තුල ස්ත‍්‍රීය දෙවන්නෙකු නොවන අතර පවුල තුල තීරණ ගැනීමේදී, ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයටම සමාන අයිතියක් සැලසීම සිද්ධ වෙනව. ඇත්තන්ම සමාජවාදී ජීවිතයක් තුල පවුල් ජීවිතයේ, විවාහයේ පදනම වන්නේ ආදරය හා සෙනෙහසත්, අනෙකා ඉවසා දරාගැනීම හා එකිනෙකාට ගරු කිරීමත්, මිත‍්‍රත්වයත් ලෙස හදුන්වන්න පුලූවන්.

එසේ වුවද ධනවාදය තුල විවාහයේ සහ පවුල් ජීවිතයේ ප‍්‍රධාන පදනම වන්නේ දේපල සම්බන්ධයයි. වටිනාකම් අහිමි වූ සමාජයක් තුල මෙම දේපල සම්බන්ධතාවය කෙතරම් ප‍්‍රබල ලෙස බලපායිද යන්න පුවත්පත් වල වන මංගල දැන්වීම් අතිරේකය තුලින්ම තේරුම් ගන්න පුළුවන්. මානව සම්බන්ධතාවයන් වෙනුවට වතු-පිටි, ඉඩ-කඩම් වල එකතු වීමක් බවට විවාහය විස්ථාපනය වෙනව. එහිදී එම ආර්ථික සම්බන්ධතාවයට ප‍්‍රමාණවත් නොවන වටිනාකම් ගැලපුම් කරන්නේ ආසියාතික කුල සම්ප‍්‍රදායයි. මෙසේ සැකසෙන ධනවාදී ආර්ථික රටාවේ දේපල සබඳතාවයකින් තොර විවාහයක්, පවුල් ජීවිතයක් ලබාගත හැක්කේ පෞද්ගලික දේපල සම්බන්ධය අහිමි කළ සමාජ ක‍්‍රමයක් තුලය. එනම් සමාජවාදී සමාජ ක‍්‍රමයක් තුලය. එහිදී නව මිනිස් සම්බන්ධතාවයක් ගොඩ නැගෙනු ඇත්තේය. එසේම එම මිනිස් සම්බන්ධතාවය තුල නව පවුල් සම්බන්ධතාවයක්, විවාහ සම්බන්ධතාවයක් නිර්මාණය වනු ඇතිය. 

පාන් කෑල්ලක්, ඔබේ හිසට උඩින් වහලයක්, ලිපක උණුසුම මේවා සරල නමුත් විශාල දේවල්ය. සමහරවිට අපි ඒවා ප‍්‍රමාණවත් ලෙස අගය නොකරමු. එහෙත් ළමයකුට වැඩිහිටියෙකුට පවා නිවසක හැගීම, පවුලක හැගීම දෙන්නේ වස්තු, ද්‍රව්‍යමය සම්පත් හා සැප පහසුකම් ද? එසේ නම් මිනිස් සබඳතා තෝරා බේරා ගැනීමට උත්සාහ දරන විට අපි බොහෝ විට ජීවිතයේ හරය වෙනුවට ජීවිතයේ වේදිකා ගුණාංග පටලවා ගන්නේ ඇයි? යම් පුද්ගලයෙකුට ඔහු පිලිගන්නා බව හැගෙන්නට ඉඩ හැරීම කොතරම් වැදගත්ද යන්න අමතක කිරීම...
(195 පිට - හමීඞ්ගේ දරුවෝ , මිනිසාගේ සමත්කම්)

0 comments:

Post a Comment