ඉන්දියාවට සක‍්‍රමණය වීම සඳහා ආර්යයන් භාවිතා කරන ලද
වයඹ දිග ඉන්දියාවේ පිහිටි ප‍්‍රසිද්ධ දුම්රිය මාර්ගය කුමක් ද?
මෙවැනි ප‍්‍රශ්නයක් කවුරුන් හෝ ඔබෙන් අසා තිබේද? ආර්යන් ඉන්දියාවේ ජනාවාස පිහිටවූයේ කි‍්‍රස්තු පූර්ව 1500 ටත් පෙරය. එවැනි යුගයක දුම්රිය මාර්ග තිබුණා යැයි අප නම් අසා නැත.
සාමාන්‍යයෙන් මෙවැනි කතා අපට අහන්න ලැබෙන්නේ ටෙනිසන් කුරේගේ නාට්‍යවලය. නමුත් අපගේ ඉහත උපුටා ගැනීම ස`දහන් වූයේ පසුගිය වාර විභාග ස`දහා ලංකාවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ පිළියන්දල කලාපයේ 10 වැනි වසර ඉතිහාසය ප‍්‍රශ්න පත‍්‍රයේය.
මේ පිළිබ`ද මාධ්‍ය මගින් බලධාරීනගෙන් ප‍්‍රශ්න කර තිබුණි. මේ ඊට පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.ඒ. රංජිත් මහතා ලබාදුන් පිළිතුරයි.
‘‘ප‍්‍රශ්න පත‍්‍රවල තිබූ අඩු පාඩු සංශෝධිත පත‍්‍රිකාවක් මගින් පාසල්වලට ලබා දුනනා’’
මේ ඊට බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ලබාදුන් පිළිතුරයි.
‘‘සුළු සුළු අඩුපාඩු කිහිපයක් තිබුණා. ඒක සංශෝධනය කර පාසල්වලට යැව්වා. ඔබතුමාලා කවුරු හරි කියපු දෙයක් අහගෙන අඩුපාඩු ගැන කියනවා. සංශෝධන ගැන කතා කරන්නේ නැහැ. අනෙක් ප‍්‍රශ්න පත‍්‍රත් ඉන්පසු පරීක්ෂා කරලා දුන්නා. අපිට නිලධාරීන් මදි. බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂවරයෙක් නැහැ. ඒ අඩුපාඩු ගැන කවුරුත් කතා කරන්නේ නෑ.
පිළියන්දල කලාපයේ දෝෂ සහිත ප‍්‍රශ්න පත‍්‍ර ලබා දුන් බවට වාර්තා වණා, ඒ ගැන සොයා බැලූවා’’
(උපුටාගැනීම ලංකාදිප පුවත්පතෙන්)
මෙය ඇසූ අපට කැකිල්ලේ රජතුමාගේ කතාවක් මතක් විය. කතාව ආරම්භ වන්නේ තම නිවෙස හොරු බි`දීම නිසා ඒ ගැන ගැහැණියක ඒ පිළිබ`ද කැකිල්ලේ රජතුමාට කළ පැමිණිල්ලකිනි. පළමු විත්තිකරු වන්නේ නිවෙස බි`දීමට සම්බන්ද සොරාය ඔහු පවසන්නේ තමා අදාල නිවස බින්දේ එහි බිත්ති හරිහැටි ඉදිකර නොතිබූ නිසා බවයි. ඉන්පසු ගේ ඉදිකළ බාසුන්නැහේ පවසන්නේ වරද තමාගේ නොව තමා මැටි ඇනීමට යොදාගත් කලයේ කට ලොකුවිම බවයි. මීලගට කුඹල්කරු ගෙන්වයි. ඔහු පවසන්නේ වරද තමාගේ නොව තමා කලය සාදන වෙලාවේදී තමා සමඟින් සිනාසෙමින් ඒ අසලින් ගිය කාන්තාවගේ බවයි. කාන්තාව ගෙන්වූ විට ඇය පවසන්නේ තමා ඒ අසලින් ගියේ රන්කරු හමුවීමට බවයි. අන්තිමේ රන්කරුවා ඇතුන් ලවා පෑගීමට රජු නියෝග දෙන අතර රන්කරු පවසන්නේ තමන් ඉතා කෙස`ග සිරුරක් ඇති අයෙක් නිසා හො`දට ඇ`ග පත ඇති කළු කඬේ මුදලාලි ඇතුන් ලවා පෑගීමට සුදුසු බවයි. අවසන සිදු වන්නේ මුදලාලිව ඇතුන් ලවා පෑගීමට කැකිල්ලේ රජු නියෝග දීමය.
විභාග අවුල් ගැන පාලකයන් දෙන පිළිතුරු ඉහත කැකිල්ලේ රජුගේ නඩු තීන්දු වැනි ‘බෝලෙ පාස් කරන’ පිළිතුරුය. ඔවුන් අනුව මේවා ද අයත් වන්නේ විදෙස් කුමන්ත‍්‍රණ වලටය. ඒ නිසා පාලකයන්ට වරදින හැම විටම ජනතාව බියෙන් ගැහේ. ඒ පාලනයේ ඉන්නේ කැකිල්ලේ රජු පන්නයේ පාලකයන් නිසාය. විභාග ප‍්‍රතිඵල අවුල් වූයේ අද ඊයේ නොවන නිසාත් ඒවා ගැන දැනටමත් අප ඕනෑ තරම් වැරදුණ ප‍්‍රශ්න පත‍්‍ර මොනවාද? ඒවා වාර්තාගත වුණේ මොන පලාත්වලින්ද? ඒ ප‍්‍රශ්න පත‍්‍ර වල ප‍්‍රශ්න වැරදීම නිසා නිර්මාණය වුණ විහිලූ කතා, කුණුහරුප මොනවාද? ආදී නොයෙකුත් විශ්ලේෂණ අද පවා පත්තර පිටු ගණන් වගේම පාර්ලිමේන්තුවේ, දේශපාලන වේදිකාවල රූපවාහිනී ප‍්‍රවෘත්තිවල, මාධ්‍ය සාකච්ඡුාවල අප අසා ඇත්තෙමු.
ඒ නිසා විභාග ප‍්‍රශ්න පත‍්‍ර වැරදීමෙ අවුල තවදුරටත් ප‍්‍රවෘතියක් නොවන බව අපගේ අදහසයි. එහි ගැටළුවක් ඇත.
ඒ නිසා මෙම ගැටළුව ගැන සිතීමට වෙනස් මානයක් අප මෙසේ දක්වන්නෙමු. අද අප ජීවත්වන්නේ ධනවාදයේ බව සියලූ දෙනා දන්නා රහසකි. එහි ස්වභාවය එයට හසුවන ඕනෑම දෙයක් එය විසින් ‘කැකිල්ලේ තියරිය’ භාවිත කර ලාභ ඉපැයීමේ යාන්ත‍්‍රණයට හසු කර ගත හැකි වීමයි. එය අපට පීඩා කර අවසන එම පීඩාවද අපටම නැවත අලෙවි කරයි. එය ගැටළුවක් හෝ රජුගේ ප‍්‍රශ්නයක් නොව අපේ නැහැදිච්චකමේ ප‍්‍රශ්නයක් ලෙස අපටම ඒත්තු ගන්වයි. එවැනි තත්ත්වයක් තුළ විභාගයේදී ‘ඉන්දියාවට සංක‍්‍රමණය වීම සඳහා ආර්යයන් භාවිතා කරන ලද වයඹ දිග ඉන්දියාවේ පිහිටි ප‍්‍රසිද්ධ දුම්රිය මාර්ගය කුමක් ද?’ වැනි ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ දී අපේක්ෂකයා සිතන්නේ ඒ ප‍්‍රශ්නය වැරදි යැයි නොව, තමන් අසල විභාගයට පෙනී සිටින තම අතිජාත ස`ගයා ඊට පිළිතුර දන්නා බවත්, ඔහු හෝ ඇය ලියන පිළිතුර කුමක්ද? යන්නත්ය. ඒ නිසා අපේක්ෂකයා සිතන්නේ ‘මට වැඩිය ඌට විභාගයට ලකුණු වැඩිවේවි’ යනුවෙනි. දෙමාපියන් සිතන්නේද ‘අපේ එකා ඕක දන්නේ නැති උනාට අල්ලපු ගෙදර එකා මේ දුම්රිය ගැන දන්නවා’ යනුවෙනි. ඒ නිසා අන්තිමට මේ වරදට වැරදිකරු වන්නේ විරුද්දව හඬ නඟන පාර්ශ්වයයි. මෙවැනි දේ සිදුවන ලංකාවේ
පසුගාමී ධනවාදයට අපි අලූත් නමක් යෝජනා කරමු. ඒ ‘කැකිල්ලේ ධනවාද’ ලෙසය. ඒ නිසා ඔබ අප සියලූ දෙනා පළමුවෙන්ම මෙම ගැටළු ඇතිවන මේ යුගය නිවැරදිව තේරුම් ගත යුතු වෙමු.
නමුත් බොහෝ දෙනා මෙවැනි ගැටළු තේරුම් ගන්නේ පරිපාලනමය ගැටළු වශයෙන් පමණි. පසුගිය උසස්පෙළ විභාග ප‍්‍රතිඵල අවුල් වූ විට බොහෝ දෙනා අධිකරණය වෙත ගියේ මේ නිසාය. නමුත් නඩු එකක් නොව සිය දහස් ගණනක් ගොනුකළත් මෙම ගැටළු තව තවත් වෙනත් ආකාර වළින් මතු වනු ඇත. මේ හරහා පවත්නා ක‍්‍රමය තහවුරු වනවා මිස ගැටළු විසෙ`දන්නේ නැත. පාලකයන් විභාග වරදයි. නීතිය පැලැස්තර අලවයි. දෙමාපියන් හා සිසුන් මාරුවෙන් මාරුවට පාලකයන් වෙතත් නීතිය වෙතත් එහෙ මෙහෙ දුවයි. හති වැටෙනකම්ම දුවති. අවසන හති වැටුණ පසු එය කර්මයට භාර දී විභාග සමත් කිරීමට බෝධි පූජා කිරීමටත් දෙවියන්ට කන්නලව් කිරීමටත් යොමුවේ. ඔන්න ඔහොමයි ධනවාදය ඇතුළෙ ප‍්‍රශ්න විසඳෙන්නේ.
පරණ කතාවක් තියෙනවා ඔබ අසා ඇති ‘ආ`ඩි හත් දෙනාගෙ කැ`ද හැලියේ’ කතාව. අම්බලමකට එකතු වූ ආ`ඩි හත්දෙනෙක් රාත‍්‍රී ආහාරය සකස් කර ගැනීමට සූදානම් විය. එහිදී යෝජනාව වූයේ කැඳ හැලියක් පිස ගැනීමය. සියලූ දෙනාම සහල් අහුර බැගින් ලබා දීමට පොරොන්දු විය. වතුර ලිපේ තියා එක් එක් අය තමාගේ සහල් වෙන වෙනම ඇවිත් වතුර භාජනයට දැමීය. ටික වෙලාවක් ගොස් බලන විට එතන තිබුණේ රත්වූ ජල බ`දුනක් පමණි. හැම දෙනාම අනෙක් අයගේ සහල් කොටස එක් කරන බැවින් තමාගේ සහල් කොටසේ අඩුවීම නොදැනේවි යැයි සිතා සියල්ලෝම තමන්ගේ සහල් මිට දමා නැත.
විභාග අවුලටද සිදුවී ඇත්තේ මෙවැනිම දෙයකි. සෑම දෙනාම කවුරුන් හෝ පැමිණ තම ගැටලූ නිරාකරණය කර දෙන තුරු බලා සිටී. ඒ නිසා ‘ප‍්‍රශ්නය ඇත්තේ කොතනද?’ යන්න දැන් පැහැදිළිය. පාලකයෝ ගැටළු වලට කැකිල්ලේ තීන්දු ලබා දෙති. ගැටළු වලට මුහුණ දෙන දෙමාපියන් සිසුන් ආ`ඩි හත් දෙනා බත් සැලිය පිසෙන තුරු බලා සිටියා මෙන් බලා සිටී.
මෙසේ දිගින් දිගටම විභාගය ‘ෆවුල්’ වේ. පාලකයන් ‘ෆේල්’ වේ. නැවත නැවතත් එයම සිදුවේ. ඒ නිසා තනි තනියෙන් මේවා ගැන සිතීමට යොමුවනවා වෙනුවට තමන් මුහුණ දෙන ගැටළු පවතින ක‍්‍රමයත් සමඟ ගලපා කල්පනා කිරීමේ අභ්‍යාසය ආරම්භ නොකරන තාක් දුරට මේ කිසිදු ගැටළුවක් විස`දන්නේ නැත.
0 comments:
Post a Comment