Thursday, May 9, 2013

සිසු - කම්කරු සන්ධානය ගොඩනගමු!

උපාධි පාඨමාලා පහක් විකිණීම සඳහා අවසර ලබාදීමේ ගැසට් පත‍්‍ර පසුගිය මාර්තු 05 දින නිකුත්කරනු ලැබීය. මෙය පෞද්ගලීකරණය කිරීම හරහා ලාභ ඉපැයීමේ මාර්ගයක් බවට අධ්‍යාපනය පත් කිරීමේ නවලිබරල් ධනවාදී වැඩපිළිවෙළෙහිම

එක් අංගයකි. සිසු විරෝධතා හමුවේ හකුළාගත් අධ්‍යාපන පෞද්ගලීකරණ පනත හොර පාරෙන් නැවත කලඑලි බැසීමකි. මේ තුළ පැහැදිලි වන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි අරගලය තුළින් පමණක් නවතාලිය නොහැකි තරම් ඒ සඳහා වන පාලක අවශ්‍යතාව ත‍්‍රීව‍්‍ර වී ඇති බවයි. වත්මන් තත්ත්වය
තුළදී අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව පමණක් සටන් කිරීම තුළින් ජයග‍්‍රහණ ලැබිය නොහැක. කළ යුතුව ඇත්තේ පාලක අවශ්‍යතාවට එරෙහිව සටන් වැදීමයි. එනම් නවලිබරල් ධනවාදයට එරෙහිව සටන් වැදීමයි. නවලිබරල් ධනවාදයට එරෙහිව සටන්වැදීම හුදකලාව කළ හැකි දෙයක් නොව්. මන්ද නවලිබරල් ධනවාදය සෑම ක්ෂේත‍්‍රයක් වසාම ක‍්‍රියාත්මක වන්නක් වන බැවිණි. එනම් කම්කරු, ගොවි, කාන්තා, තරුණ, ධීවර වැනි සියළු පීඩිත බලවේග සමග සන්ධානගතව නව ලිබරල් ධනවාදයට එරෙහි පුළුල් සටන් ක‍්‍රියාමර්ගයකට මෙහි ආරම්භක පියවර තැබිය යුත්තේ කම්කරු බලවේගයනි.  අවතීරණය වීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ මොහෝතේ අවශ්‍යතාවයි. මන්ද මේ සටනේ ගාමක බලවේගය කම්කරුවන් වන බැවිණි. 

0 comments:

Post a Comment