‘‘සදාකාලික නොවූ ලෝකේ සදාකාලික පේ‍්‍රමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්...’’
ඒ සුනිල් එදිරිසිංහ මහතාගේ ප‍්‍රසිද්ධ ගීතයක ආරම්භයයි. සදාකාලික යැයි හිතාගෙන ජීවත්වුණ නමුත් සදාකාලික නොවුණ ආදරයක කතාවක් පෙම්වතාගේ දෘෂ්ඨි කෝණයෙන් මේ ගීතයෙන් කියවෙනවා. මේ ගීතය හා මේ වගේ බොහෝ ගීත තරුණ පරම්පරාව අතර අදටත් එක වගේම ජනප‍්‍රිය වෙන්න හේතුව මොකක්ද? ඒ මේ අත්දැකීම හැමෝම තනි තනිවම අද සමාජයේ විඳින පොදු අත්දැකීමක් වීමද? එසේනම් එහෙම වෙන්නේ ඇයි? මේ ගැටලූව වගේම ඊට මුල් වුණු හේතු ලෙස අපි දකින දේත් ගීතයෙන් ඔබ්බට ගිහින් සාකච්ඡ කරන්නයි අපි සූදානම් වෙන්නේ.
ඇත්තටම ‘පේ‍්‍රමය’ එහෙමත් නැත්නම් ‘ආදරය’ කියලා කියන්නේ මොකක්ද? අපි කතා කරන්නේ පිරිමියෙක් හා ගැහැණියක් අතර එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයන් අතර පවතින ආදරය ගැන. ඒ කියන්නෙ ලිංගිකත්වය මත ගොඩනැගුණු ආධ්‍යාත්මික සබඳතාවක් ලෙස අපි හඳුන්වන පේ‍්‍රමය ගැන. ඒ ආදරය (Love) සෑම පුද්ගලයකුගේම අවශ්‍යතාවක් බවට පත්වෙලා. හැම තරණයෙක් තරුණියක්ම කැමතියි තමන්ට ඇත්තම ඛදඩැ එකක් හම්බවෙනවා නම්. ඒත් ඒ බලාපොරොත්තුව ‘සදාකාලික සිහිනයක්’ වෙලා. අපි ඒ ගීපද දෙකෙන් දෙවැන්නට එකඟයි. මොකද මේ ධනේශ්වර සමාජ ක‍්‍රමය ඇතුළේ, විශේෂයෙන්ම මේ යුගයේ - නවලිබරල් ධනවාදය ඇතුළේ මිනිසා පිරිහෙළා තිබෙන තත්වයත් එක්ක ගම් දනව් පීර පීරා සෙව්වත් එහෙම ආදරයක් ‘සොයාගන්න’ එක සිහිනයක්ම තමයි. නමුත් පළමු පදයෙන් කියන ආකාරයට මේ ලෝකය සදාකාලික නොවන නිසා නෙමෙයි එහෙම වෙන්නේ. අන්න එතන තමයි මේ සාකච්ඡුාවට අදාළ අපේ ප‍්‍රවේශය තියෙන්නේ.
අපි දන්නා ආකාරයට ප‍්‍රථමික සාමූහික සමාජයේදී මිනිසා ම්ලේච්ඡුයකු ලෙස ජීවත් වෙද්දී කෑම සොයාගැනීම, වාසස්ථාන සොයාගැනීම වගේම ලිංගික අවශ්‍යතා සපුරා ගැනිමේදීත් එම ම්ලේච්ඡුභාවය ඒ ක‍්‍රියාවලි ඇතුළේ නිරූපණය වුණා. ‘‘පවුල පෞද්ගලික දේපල හා රජය බිහිවූ හැටි’’ කෘතියේ එංගල්ස් එම ක‍්‍රියාවලිය හා ලිංගික සම්බන්ධතාවල පරිණාමය ඉතාමත් පුළුල් විදියට විස්තර කරලා තියෙනවා. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඒ පොත සොයාගෙන කියවන්න කියලා. සූරාකෑමක් නොතිබුණත් ඒ තුළ උසස් මානව බැඳීම් එතරම් නොතිබුණ බව අපිට පිළිගන්න වෙනවා. මොකද සමාජයක් ආපස්සට ගමන් කරන්නේ නැති නිසා. මානව සම්බන්ධතාවලට අදාළ මේ සංස්කෘතිය අවුරුදු දසදහස් ගණනක අත්දැතීම් ඇතුළේ මිනිසා ගොඩනගා ගත්තු දෙයක් නිසා.
දරුණුම ඛේදවාචකය පටන් ගන්නේ පන්ති සමාජය නිර්මාණය වෙනවාත් සමග. ඒ කියන්නේ පෞද්ගලික දේපළ ක‍්‍රමය ආරම්භ වෙනවාත් සමගම. වහල් ක‍්‍රමය ඇතුළේ කාන්තාවන් හා ඇතැම් විට පිරිමින් ලිංගික වහළුන් එහෙමත් නැත්නම් එක් අයෙකුගේ ලිංගික තෘප්තිය සඳහා භාවිතා කරන ලිංගික භාණ්ඩයක් බවට තවත් අයෙක් ගොදුරුවීම දරුණු ලෙස ඇරඹුණා. එදා ඉඳන් අද වන තුරු මේ තත්වය අඩු වැඩි වශයෙන් එහෙමමයි.
නමුත් අද දවස වන විට මේක තවත් සංකීර්ණ වෙලා. බලහත්කාරයෙන් කසයෙන් තලමින් එහෙමත් නැත්නම් මරණයට ඇති බිය නිසා අකමැත්තෙන් සිටින තරුණියක්ව ලිංගික කර්තව්‍යයට ඇදගෙන යනවා වෙනුවට, අද කැමැත්තෙන් තමන් අකමැති කෙනෙක් එක්ක යන්න පෙරුම් පුරණ තරුණ, තරුණියන් ඉන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ ඇයි? එක් පැත්තකින් අද පවතින නවලිබරල් ධනවාදය ඇතුළෙ මිනිසාට තෘප්තිය මුළුමනින්ම අහිමි කරලා, තමන්ගේ ජීවිතයේ ප‍්‍රධාන ශ‍්‍රම කාර්ය - අධ්‍යයනය, කරන රැුකියාව තුළින් පුද්ගලයන් පරත්තාරෝපණයට ලක්වීම නිසා, තමන්ට අදාළ නැති, ආසා නැති දෙයක් ඉගෙනගන්න 80%ක් සම්පූරණ කරගන්න ලෙචාට බැන බැන ලෙක්චර් යන, ගුරුතුමා ලෙඬේ දාන නිසා ඉස්කෝලේ යන ශිෂ්‍යයින්, පුළුවන් උපරිම නිවාඩු අරගෙනත් පොඩිහරි චාන්ස් එකක් ආපු ගමන් කලින් පනින්න හදන ශ‍්‍රමිකයන් නිර්මාණය වෙන්නේ ඒ අනුව. වෙනත් පිරිසකට එහෙමත් නැත්නම් වෙනත් පන්තියකට අවශ්‍යතාවන් වෙනුවෙන් අපිට ඉගෙනගන්න වෙලා තියෙන, වෙන මිනිස්සු ටිකක් ජීවත් කරවන්න අපිට පණ නැහෙනකන් වැඩ කරන්න වෙන - ශ‍්‍රමය වගුරුවන්නට වෙන තත්වයක් ඇතුළේ තෘප්තිය අහිමිවන එක අනිවාර්ය දෙයක් වීම අරුමයක් නොවෙයි. ඒක තමයි ධනේශ්වර ක‍්‍රමය.
අපේ මාතෘකාව වන ‘ආදරය’ ගැනත් මේක ප‍්‍රධාන දෙයාකාරයකට බලපානවා. පළමුවැනි එක තමයි සැබෑලෙස (Real) මිනිසා තෘප්තිමත් වෙන ප‍්‍රධානම මාර්ගය වුණු ‘ශ‍්‍රම කාරය’ ඇතුළෙත් තෘප්තියක් අහිමි කරපු මිනිසුන් ඊට පිටින් ඉතිරිවෙන තෘප්තියක් ඇති දේවල් දිහා විකෘති ලෙස හඹාගෙන යන්න පටන් ගන්නවා. ඒක යථාර්ථය (Reality) කියලා හිතනවා. මිනිසා ශ‍්‍රමය පිළිබඳ ගැටලූවේදී සැබෑ තෘප්තිය සොයන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න තියෙන ඉඩකඩ මොටකරන්න අවශ්‍ය පාලක ධනපති පන්තියත් ඒකට අවශ්‍ය දෘෂ්ඨිවාදය උපරිමයෙන් නිර්මාණය කරනවා. ලිංගිකත්වය අතිශයෝක්තියට නගන, එහි පිළිබඳ කෘතුහලයක් නිර්මාණය කරන්න, තරුණ, තරුණියන්ගේ ප‍්‍රධානතම ගැටලූව බවට එය පත් කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තියෙන්නේ ඒ අවශ්‍යතාවය උඩ. ඒකෙ ප‍්‍රතිඵලය තමයි ආධ්‍යාත්මික බැඳීමෙන් වෙන්කරලා පටු ලිංගික කාර්යයටම මිනිසා සීමා කිරීම.
අනෙක් ප‍්‍රධාන දේ තමයි සමාජයේ ජීවත් වීම මුළුමනින්ම පෞද්ගලික දේපළ තත්වය මත රඳා පවතින පවුල් ඒකකයට සියලූ බර පටවන, දරුවන් හැදීම අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙකුත් සියලූම අවශ්‍යතා තනි තනි පවුල් විසින් සොයාගන්න ඕන කියලා නියම කරලා තියෙන වත්මන් ධනේශ්වර සමාජයේ, දෙන්නෙක් එකතුවීමේදී ප‍්‍රධනතම කාරණය විය යුතු ආදරය කියන කාරණය, පටු ආර්ථික කොන්දේසිවලින් ස්ථාපනය කරලා තිබීම. දෙන්නෙක් එකට ජීවත් වෙන්න අවශ්‍ය දේ ඒ ඒ දෙදෙනා අතර ඇති අනේන්‍ය අවබෝධය, හැඟීම්, අනෙකාගේ මතයන්ට ගරු කිරීම, ලිංගික රුචි අරුචිකම් වෙනුවට ආර්ථික තත්වය මූලික වෙලා. ඒ නිසා තමයි කලින් සඳහන් කළා වගේ වක‍්‍රාකාරව වහල් ක‍්‍රමය එහෙමත් නැත්නම් අකමැති කෙනෙක් සමග ‘බුදියාගැනීමක්’ බවට ආදරය, රාගය පත්වෙන්නේ. අවුරුදු ගණනක ඛදඩැ එක අතහැරලා ගෙදරින් එන Proposal එකට කැමති වෙන්නේ සහ එහෙම Proposal ගෙදරින් ගේන්නේ.
ඒ තමයි ධනේශ්වර ක‍්‍රමය තුළ අපට උරුම කර තිබෙන යථාර්ථය. ධනේශ්වරයේ මේ අවධියේදී තවත් බරපතළ ලෙස මිනිසාගේ මානුෂීය සාරය අහිමිකරලා තියෙනවා. ඒ තුළ තමයි අපිට ලංකාව තුළ නම් මීට දශක කිහිපයකට පෙර හමුවුණු ආදර කතාවල පෙම්වතුන් පෙම්වතියන් අද නවකතාවෙන් හමුවෙන්නෙ නැත්තේ. නමුත් සදාකාලික පේ‍්‍රමයක් අපි ප‍්‍රාර්ථනා කරනවා. ඒ ප‍්‍රාර්ථනයට තවම ඉඩක් තියනවා. ඒ මේ නීච ධනේශ්වර ක‍්‍රමය අවසාන සමාජ ක‍්‍රමය නොවන නිසා. සමාජවාදය තුළ, අනාගත කොමියුනිස්ට් සමාජය තුළ ඒ සැබෑ ආදරය ඔබට හොයාගන්න පුළුවන් නිසා.
සමාජවාදයේදී පෞද්ගලික දේපළ ක‍්‍රමය අහෝසි වෙනවා. ඒ අනුව සූරාකෑම සහ පන්ති සමාජයත් ක‍්‍රමානුකූලව අහෝසි වෙනවා. එතකොට රැකියා සුරක්ෂිතභාවය, අධ්‍යාපනය, සෞඛ්‍ය විතරක් නෙමෙයි දරුවන් රැකබලාගැනීම වැනි කාර්යයන් පවා සමාජයීය වටිනාකමක් තියෙන සමාජයේ කාර්යයන් බවට පත්වෙනවා. තවදුරටත් පවුලකට දස අතේ කල්පනා කරමින් දරුවන්ට පාසල් හොයන්නවත් වැඩිපුර පැයක් හරි තමන්ව සූරාකන්න ඉඩහැරලා මුදල් හොයන්නවත් එහිදී සිදුවෙන්නේ නැහෑ. දැන් අපි ඉදිරිපිට මවලා තියෙන ඒ ව්‍යාජ වටිනාකම් පද්ධතිය කඩා වැට්ටුවාට පස්සේ මිනිසුන්ට සැබෑ වටිනාකම් හිමිවෙනවා. බිස්නස්කාරයෝ, දොස්තරලා, ඉන්ජිනේරුවන් පතන තරුණියන්ට ඒ වෙනුවට තමන්ගේ ස්වරූපයට ඇත්තටම ආදරය කරන තමන්ව අවබෝධකර ගන්න පිරිමියෙක් හා ආදරය කරන්න ඉඩ සැකසෙනවා. ඒ වගේම තරුණයින්ට දෑවැදි, රැුකියා මේ පටු සමාජ තත්වය වෙනුවෙන් ආදරය කැපකරනවා වෙනුවට පුළුල් ලෙස පුද්ගලයන්, පුද්ගලයන් අතර ඇති බැඳීම පමණක් මත ගොඩනැගුණු ඇත්තම ආදරයක් ලැබෙන්න ඉඩකඩ සැකසෙනවා.
අඩුපාඩු සහිත පිරිහුණු කම්කරු රාජ්‍යයක් වන පැරණි සමාජවාදී කඳවුරේ රටවල පවා ඒ අඩුපාඩුකම් මැද මේ ක‍්‍රියාවලිය යම් දුරකට සිදුවෙමින් තිබුණා. ඇතැම් විට නවලිබරල් ධනවාදය ඇතුළෙ, ඒ දෘෂ්ඨිවාදයන් ඇතුළෙ ජීවත් වන ඔබට මවිත කරවන තත්වයක් එහි ඇතැම් ක්ෂේත‍්‍රවල තිබුණා. V. Yazykova (වී. යසිකෝවා) විසින් 1980 දශකයේ රචිත Socialist Life Style and the Family (සමාජවාදී ජීවන රටාව සහ පවුල) කෘතියේ සෝවියට් දේශය තුළ ජීවත්වීම, ආදරය, විවාහය සහ පවුල් සබඳතා පැවති තත්වය පිළිබඳ පුළුල් විග‍්‍රහයක් ඇතුළත්. එහි පිරිමියෙක් සහ ගැහැණියක් අතර විවාහයට අදාළ චින්තනය පිළිබඳ මෙසේ සඳහන් වෙනවා.
‘‘පිරිමියෙකු සහ ගැහැණියක අතර සම්බන්ධතාව තීරණය කරනු ලබන්නේ පෞද්ගලික ගුණාංගවලට අනුවයි. තමාට ගැලපෙන ජීවන සහකරුවා/සහකාරිය තීරණය කිරීමට ඔහුටම/ඇයටම අවස්ථාව ලැබී ඇත. එබැවින් පවුලක් ගොඩනගාගැනීමේදී තීරණාත්මක වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමේ හැකියාව, එකිනෙකාට උදව්වීම, එකිනෙකාගේ අවශ්‍යතාව දෙස ආදරයෙන් බැලීම සහ එකිනෙකාගේ දැක්මන් රසයන් හා චර්යා රටාවලට ඇති ගරුකිරීම යන කරුණු වේ. එය සමාජවාදී සමාජය විසින් ඉල්ලා සිටින දෙය වේ.’’
පිටුව 41
පටු අර්ථයෙන් ඔබ්බට ගියපු පුළුල් ලෙස සැබෑ ප්‍රෙමයත් සදාකාලික පේ‍්‍රමයත් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබ නිසැක වශයෙන්ම මේ නීච ධනේශ්වර ක‍්‍රමයට එරෙහි සමාජවාදය වෙනුවෙන් කරන ක‍්‍රම විරෝධී අරගලයට දායක විය යුතු වෙනවා. නැත්නම් ඔබටත් ඉදිරි පරම්පරාවටත් සදාකාලික පේ‍්‍රමය සිහිනයක්ම වන බව කිසිම සැකයක් නැහැ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment