පසුගිය ජූනි 21 වැනිදා සිරිසේන - වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් පුද්ගලයන්ගේ ජෛවමිතික තොරතුරු ලබාගැනීමට හැකිවන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලූ නියෝජිතයන්ගේ එ්කමතික එකගතාවයෙන් සම්මත කරන ලදි. මෙසේ ඉදිරිපත් කළ පනත් සංශෝධනය මගින් අවධානය යොමුකර තිබුනුයේ දැනට පවතින ජීව දත්ත තොරතුරු ඇතුලත් හැදුනුම්පත වෙනුවට ඉලෙක්ට්‍රෝනික චිපයක්ද සහිත ජීව දත්ත තොරතුරුවලට අමතරව ජෛවමිතික තොරතුරු මෙන්ම සාමාජීය වශයෙන් පවතින පුද්ගල ඥාති සබධතාද ඇතුලත් වන පරිදි නව හැදුනුම්පනතක් හදුන්වා දීමයි. මෙහිදී ජෛවමිතික තොරතුරු ලෙස අතේ ඇගිලි දහයේම ඇගිලි සලකුණු, ඇසේ කුනිත ඡුායාරූපය, DNA සිතියම, උපන් ලප, කැළැල් ආදිය අයත් වේ. එමෙන්ම යම් පුද්ගලයෙකු අනෙකාව හ`දුන්වන ඥාති සබධතාවය, අම්මා, තාත්තා, නංගි, මල්ලි, සීයා, ලොකු අම්මා, පුංචි අම්මා ආදී ලෙසද ඇතුලත් කළ යුතුය. එසේම විවාහය, මරණය, දරු උපතකදී ආදී වශයෙන් වරින් වර හැ`දුන්ම්පත යාවත්කාලීන කළ යුතුය. මෙලෙස හැ`දුන්ම්පත නැවත නිකුත් කිරීමේදී එ් ස`දහා රුපියල් බිලියන ගණනක විශාල මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. එය මහජන මුදල්වලින් වෙන්කෙරේ. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් පිළිබ`ද ප‍්‍රශ්න උග‍්‍ර වෙමින් තිබියදී මිනිසුන් එදාවේල සපයා ගන්නේ කෙසේද යන්න කල්පනා කරමින් සිටියදී ආණ්ඩුව විද්‍යුත් හැ`දුනුම්පතක් ලබා දීමට උත්සාහ ගන්නේ ඇයිද යන්න ඉතා ගැඹුුරින් අධ්‍යයනය කළ යුතු කාරණයකි. රජය විසින් ගෙන ආ පනත් සංශෝධනය පිළිබ`ද නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් රජය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? රජයේ උවමනාව කුමක්ද? යන්න පිළිබ`දව මෙන්ම හැ`දුනුම්පතේ ඉතිිහාසය පිළිබ`දවද දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ.
රජය යනු කුමක්ද? එහි උවමනාවන් කවරේද?
සිංහල භාෂාවෙන් ‘රජය’ යනුවෙන් අදහස් කරන විට එය ඉංග‍්‍රීසි භාෂාවෙන් Government යන්න භාවිතා කරයි. මෙම Government එකෙන් සිදු කරන්නේ Goverance එනම් පාලනය කිරීමයි. එනම් රජය මගින් ් කිසියම් අරමුණකට අනුව මිනිස් සමාජය පාලනය කිරීමයි. මේසේ මිනිසාව පාලනය කිරීම ස`දහා රජයට තිබෙන අයිතිය, බලය ලැබුණේ කෙසේද යන්න පිළිබ`දව මෙන්ම රජය විසින් මිනිසාව පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබ`ද විවිධ අදහස් පවතී. මධ්‍යකාලීන යුරෝපා සමාජයේදී රජය පිළිබ`දව පැවති අදහස වූයේ රාජ්‍ය පාලකයා යනු දෙවියන්ගේ නියෝජිතයාය යන්නයි. එබැවින් පාලකයාට එරෙහි වීම, ප‍්‍රශ්න කිරීම දෙවියන්ට එරෙහි වීමක් ලෙස සලකන ලදි. කිසිවෙකුට දෙවියන්ට එරෙහි වීමට අයිතියක් නැත. මෙහිදී නීතිය යනු රජුගේ කැමැත්ත වන අතර එය දෙවියන්ගේද කැමැත්ත විය. එබැවින් යටත් වැසියන් රාජ්‍ය පාලකයාට අවනතව හා යටත්ව කටයුතු කළ අතර රජු විසින් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දීමට බැදී සිටියේය. මෙම රාජ්‍ය පිළිබ`ද අදහස දේවවරම්වාදය ලෙස හැ`දින්වූ අතර එය ක‍්‍රි.ව 1600 දක්වා යුරෝපය තුළ ක‍්‍රියාත්මක විය. ක‍්‍රි.ව 1600 පසුව රජය පිළිබ`ද දේවවරම්වාදී න්‍යාය බිදවැටෙන අතර එ් වෙනුවට රාජ්‍ය පාලකයා හා පුරවැසියා අතර පවතින සම්බන්ධය සමාජ සම්මුතියක්ය යන මතය තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජින් ජැක් ?සෝ වැනි දාර්ශනිකයන් විසින් ප‍්‍රකාශ කරන ලදි. මෙම සමාජසම්මුතිවාදී දර්ශනය දැවැන්ත සමාජ ආර්ථික පදනම් වෙනසකට ලක් කරමින් යුරෝපයේ සිදු වූ ධනේෂ්වර විප්ලව ස`දහා න්‍යායාත්මක පදනම සැපයීය. මෙහිදී සමාජ සම්මුතියක් යනුවෙන් අදහස්කර තිබෙන්නේ රාජ්‍ය පාලකයාහට බලය හිමිවන්නේ පුරවැසියන් සම`ග ඇතිකර ගන්නා එකගතාවයකිනි. ජනතාවගේ ජීවිතය, දේපොළ සහ පෞද්ගලික නිදහස ආරක්ෂා කිරීම ස`දහා සම්මුතියක් වශයෙනි. එනම් පාලකයා සහ ජනතාව අතර ඇතිකර ගන්නා ගිවිසුමක් මගින් යන්නයි. රාජ්‍ය පාලකයා විසින් මෙම ගිවිසුම කඩ කරන්නේනම් වෙනත් පාලකයෙක් පත්කර ගැනීමට හැකි බව ලොක් විසින් අවධාරණය කරන ලදි. මෙම පිළිගැනීම ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයේ පදනම බවට පත් විය. ”රජුගේ බලතල සීමා කිරීම නැනවත් මිනිසුන්ගේ ප‍්‍රධාන අරමුණයි. මිනිසාට උපතින් හිමි ස්වභාවික අයිතීන් උදුරාගැනීමට රජුට ඇති අයිතිය කුමක්ද?” මෙය පුද්ගල නිදහස වෙනුවෙන් වූ අරගලයේ ප‍්‍රකාශනයද විය.
දහසය වන සියවසේ සිට දහනමවන සියවස දක්වා සිදු වූ ධනේශ්වර සංවර්ධනයෙන් අනතුරුව රාජ්‍ය පාලකයා සහ පුරවැසියා අතර සම්බන්ධතාවය සම්මුතියක් හෝ ගිවිසුමක් නොවන බවට අවබෝධ වන්නට විය. මේ පිළිබුදව දාර්ශනික අදහස සංවර්ධනය කළ මාක්ස් ප‍්‍රකාශ කළේ රාජ්‍ය යනු දේවවරමක් හෝ සමාජ සම්මුතියක් නොව මිනිසුන් පාලනය කිරීම ස`දහා පවතින මර්දන උපකරණයක් බවයි. මෙහිදී රාජ්‍ය ඝෘජු කායික බලහත්කාරය ලෙස නීතිය, පොලීසිය, හමුදාව, උසාවිය, බන්ධනාගාර සහ වදදීම්, මරාදැමීම ආදී දෑ ස`දහා යොදා ගන්නා බව ඔහු විසින් පෙන්වා දුණි. මේ පිළිබ`ද වූ අදහස තව දුරටත් සංවර්ධනය කළ ලෙනින් විසින් පෙන්වාදෙනු ලැබුවේ රාජ්‍ය යනු පන්තියක් අභිබවා පන්තියක පාලන බලය පවත්වාගනු ලබන්නා වූ යාන්ත‍්‍රණයක් බවයි. එනම් නිර්ධන පන්තිය අභිබවා ධනපති පන්තියේ අභිලාෂ වෙනුවෙන් මිනිස් සමාජය පාලනය කරනු ලබන්නා වූ යාන්ත‍්‍රණයක් ලෙසයි. රාජ්‍ය පිළිබ`ද ග‍්‍රාම්ස්කි ස`දහන් කළේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද්‍රෝහී වූ ¥ශිත හා අකාර්යක්ෂම ආයතනයක් බවයි. මේ පිළිබ`ද අදහස තවදුරටත් සංවර්ධනය කළ ලූවී අල්තූසර් පෙන්වා ෙදුනු ලැබූවේ රාජ්‍ය යනු මර්දනීය උපකරණයක් බවත් එය මර්දනය ස`දහා ඝෘජු වූත් කායික වූත් බලහත්කාරය පමණක් නොව රාජ්‍ය කෙරෙහි වස`ගය සහ නායක ආධිපත්‍යයද යොදා ගන්නා බවයි, වසගය නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම ස`දහා ආගම, අධ්‍යාපනය, සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත් යනාදිය රාජ්‍යයේ මතවාදී යාන්ත‍්‍රණය ලෙස භාවිතා කරන බවයි. මේ අනුව රාජ්‍ය යනු අන් කවරක්වත් නොව අපව පාලනය කිරීම ස`දහා ඝෘජු කායික වූ බලහත්කාරය මෙන්ම දෘෂ්ටිවාදීමය වශයෙන් වසගයද පතුරුවන යාන්ත‍්‍රණයකි.
හැ`දුනුම්පත සහ එය හ`දුන්වාදීමේ අරමුණ
හැ`දුනුම්පත හ`දුන්වාදීමේ ඉතිහාසය අධිරාජ්‍ය ගොඩනැගීමේදී මිනිසුන් ජාතික රාජ්‍යවලින් වෙනත් රාජ්‍යන්වලට ගෙනයාමේ ප‍්‍රතිපලයකි. එහි සංවර්ධිත රටවල් විසින් තමන් අත්පත්කර ගන්නා රටවල්වල වගාබිම් කටයුතු සහ කාර්මික අවශ්‍යතාවයන් ස`දහා මිනිසුන් බලහත්කාරයෙන් වහලූන් ලෙස ගෙන යන ලදි. උදාහරණ ලෙස ඇමරිකාවේ උක් වගා බිම් ස`දහා අප‍්‍රිකානු ජාතිකයන් රැුගෙන යාම, ලංකාවේ තේ වගාව ස`දහා දකුණු ඉන්දීයානු කම්කරුවන් රැුගෙන එ්ම ආදිය එ් අතුරින් පෙන්වා දිය හැකිය. මෙහිදී අධිරාජ්‍ය විසින් මුහුණදුන් අර්බුදයක් වූයේ මෙම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම පිළිබ`ද ප‍්‍රශ්නයයි. එහිදී අධිරාජ්‍යයේ පාලකයින්ට මෙම මිනිසුන් විවිධ පදනම් යටතේ (කලූ, සුදු, රට, භාෂාව අනුව* වර්ග කිරීම්, බෙදීම් සහ ගණනය කිරීම් වැනි දේ මිනිසුන් පාලනය කිරීම ස`දහා අවශ්‍ය විය. මෙම අවශ්‍යතාවයන් මුල්කරගෙන ලෝකයේ හ`දුනාගැනීමේ පත‍්‍රයක් (identity card) ලබාදීමට සිදුවිය. මෙලෙස හැ`දුනුම්පත් ලබාදීම පීඩිත ජනතාව රාජ්‍යට අනුව පාලනය කිරීම ස`දහා ගෙනඑනු ලැබූවක් වන අතර එයට එරෙහිව ලොව පුරා පීඩිත මිනිසුන්ගේ අරගල පැන නැගුණි. ඉන් ප‍්‍රධාන අරගලයක් වූයේ ඇමරිකානු පාලකයින් නිකුත් කළ හැ`දුනුම්පතට එරෙහි අරගලයයි. එහිදී එම හැ`දුනුම්පත මිනිසුන් සුදු සහ කලූ ලෙස වර්ගකර තිබුණි. කලූ සුදු වර්ණභේදයට එරෙහිව අරගලයට නායකත්වය දුන් මාට්න් ලූතර් කිං අතුලූ අරගලකරුවන් විසින් කලූ ලෙස සටහන්කර තිබූ හැ`දුනුම්පත් එකතුකර මිසිසිපි ගන්ගාවට විසිකරීමට තරම් එහි සටන්කාමීත්වයක් තිබුණිි. මෙම නිසා මෙම හ`දුනාගැනීමේ පත නිකුත් කිරීමට හැකි වූයේ ලොව පුරා පීඩිත මිනිසුන්ගේ ලේ වැගිරීම් මැදිනි.
අපට විද්‍යුත් හැ`දුනුම්පතක් ලබා දෙන්නේ ඇයි?
ලෝකය සංවර්ධනය වීමේදී සෑම දෙයක්ම නවීන තාක්ෂණයට අනුව හැඩගැසීම අවශ්‍ය බව මෙහිදී ”සෑම දෙයක්ම” යන ප‍්‍රකාශය පිළිබ`දව අප නැවත සලකා බැලිය යුතුය. මිනිසාට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම, තම ජීවිතය වඩාත් සුවපහසුකර ගැනීම (ප‍්‍රවාහනය, සන්නිවේදනය, වැඩ පහසු කරන උපකරණ* ස`දහා නවීන තාක්ෂණයෙන් සංවර්ධනය වීම පිළිබ`දව අපට එකග විය හැකිය. නමුත් මිනිසුන් රාජ්‍යයට අවැසි ලෙස (ධනපති රාජ්‍යයේ අරමුණ වන්නේ ධනපති පන්තියේ පන්ති පැවැත්ම ආරක්ෂාකර ගැනීමයි* පාලනය කිරීම ස`දහා විද්‍යුත් තාක්ෂණයේ සංවර්ධනය කිරීමට එකගවිය හැක්කේ කාටද? මෙලෙස විද්‍යුත් හැ`දුනුම්පතක් අපට ලබාදීම අපගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිළිබ`දව හෝ ජීවිතයේ දෛනික කටයුතු පහසුකර ගැනීමට නොවන අතර එය රජයට අපව මර්දනයෙන් පාලනය කිරීම ස`දහා අවශ්‍ය පහසුකම සපයන්නක් බව මේ අනුව ඉතා පැහැදිළිය.
ජනතාව මර්දනය කිරීම ස`දහා රජය විසින් නව උපායන් භාවිතා කරන්නේ ඇයි?
මේ වන විට ආණ්ඩු බලය හොබවන මෛත‍්‍රී-වික‍්‍රමසිංහ හවුල් ආණ්ඩුව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඉතා වේගයෙන් පුලූල් කිරීමට පියවරගෙන තිබේ. පසුගිය රාජපක්ෂ පාලනය විසින් ක‍්‍රියාත්මක කරමින් සිටි නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ එලෙසම ඉදිරියට ක‍්‍රියාත්මක කරමින් සිටී. නව ලිබරල් වෙළදපොළ ස`දහා පවතින සීමාවන් තව දුරටත් ලිහිල් කිරීම තුළ ජනතාවට මුහුණ දීමට සිදුවන පීඩාවට එරෙහි සමාජ හා දේශපාලන විරෝධතාවයන් මර්දනය කිරීමට රජය විසින් ගන්නා ඉතා සූක්ෂම උත්සාහයක් බව මෙහිදී අනාවරණය වේ. වෙළදපොළ නිදහස ප‍්‍රසාරණය කළ විට සිදු වන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් සියල්ල ආර්ථික හැකියාව මත තව දුරටත් තීරණය වීමයි. එ් හරහා ප‍්‍රාග්ධන හිමියන්ට ආර්ථික හැකියාවන්ගෙන් දුර්වල අයගේ ශ‍්‍රමය මෙන්ම දේපොළ් ඉතා වේගයෙන් අත්පත්කර ගැනීමට හැකියාව ලැබේ. මෙම ප‍්‍රතිසංස්කරණ ස`දහා ආණ්ඩුව මේ වන විට වැට් බදු ඉහළ දැමීම, කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් කපා දැමීම, අර්ථසාදක අරමුදල් කොල්ල කෑම සහ කම්කරු නීති ලිහිල් කිරීම මෙන්ම ජල පනත, බීජ පනත ආදිය හරහා ජලය හා බීජවල අයිතිය සමාගම් සතු කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙළ`ද භාණ්ඩ බවට පත් කිරීම නිසා සමාජයේ පීඩිත කොටස් වන කම්කරු,ගොවි ධීවර , ශිෂ්‍යය ප‍්‍රජාවන්ගේ ජීවන තත්ත්වය තව දුරටත් අයහපත් තත්ත්වයට පත්වනු ඇත. එවිට කම්කරු, ගොවි, ධීවර, ශිෂ්‍යය යනාදී ප‍්‍රජාවන් සිය අයිතීන් වෙනුවෙන් අරගල කිරීම නොවැලැක්විය හැක්කකි. මෙහිදී ආණ්ඩුවට විකල්ප දෙකක් ඇත. ආර්ථිකමය වශයෙන් සමාජයේ පීඩිත කොටස්වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හෝ නැතිනම් රජය විසින් ගෙනයන ආර්ථික වැඩපිළිවෙල ආරක්ෂා කිරීම ස`දහා මෙම ප‍්‍රජාවන් තුළින් එල්ලවන විරෝධතා මර්දනය කිරීම යන දෙකෙන් එකකි. ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය නව ලිබරල් ප‍්‍රතිපත්තිය හේතුවෙන් නියත වශයෙන්ම මර්දනය රජය විසින් තෝරා ගන්නා අතර ඊට එරෙහිව සටන් කරනු ලබන බලවේග හා ක‍්‍රියාකාරිකයින්ගේ තොරතුරු ලබා ගැනීම රජයේ සැගවුණු සහ සැබෑ අරමුණ බව හ`දුනා ගත හැකිය.
අපරාධ නඩු විධි විධාන පනතේ 123 වගන්තියට අනුව ඕනෑම අපරාදයකට සම්බන්ධ කිසිදු සැකකරුවකුගේ හෝ ඇගිලි සළකුණු ලබා ගැනීමට පොලීසියට අයිතියක් නැත. එසේ ඇගිලි සළකුණු ලබා ගැනීමට අවශ්‍ය නම් එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්තට අනුව හෝ එසේ නොමැති නම් මහේස්ත‍්‍රාත්වරයෙකුගේ නියෝගයකට අනුව ලබා ගත යුතුය.
විද්‍යුත් ජාතික හැ`දුනුම්පතට අප එරෙහි විය යුත්තේ ඇයි?
හැ`දුනුම්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කරන ලද සාමාන්‍ය ක‍්‍රමවේදය වෙනුවට හ`දුන්වා දෙන ලද මෙම ක‍්‍රමවේදය පසුගිය කාලයේ ලෝකයේ විවිධ රටවලද ධනේශ්වර පාලන තන්ත‍්‍ර විසින් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් අවස්ථා එමටය. එබැවින් මෙය පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් පමණක් හෝ එය නීතියක් වශයෙන් සම්මත කරන ලද වත්මන් හවුල් ආණ්ඩුවට මෙන්ම එය ලංකාවට පමණක් හුදෙකලා ලෙස බලපාන ලද තත්ත්වයක් නොවීය. එමෙන්ම එය ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හුදු අහම්බයක්ද නොවේ. මෙය ගෝලීය පරිමාණයෙන් ඇති වී තිබෙන තත්ත්වයක ප‍්‍රතිපලයකි. විශේෂයෙන්ම 2008 ඇති වූ ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදයේ දේශපාලන ප‍්‍රකාශනයක් ලෙස ධනපති ආණ්ඩුවලට සහ එ්වාහී නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්තිවලට එරෙහිව වර්ධනය වෙමින් තිබෙන විරෝධය හමුවේ රාජ්‍ය බලය රැුක ගැනීමේ ධනේශ්වර පන්ති අවශ්‍යතාවය විද්‍යුත් හැදුනුම්පත් නිකුත් කිරීමේ නීතියට මුවා වී සිදු කිරීම පාලකයන්ගේ සැබෑ අරමුණ වී තිබේ.
2012 මාර්තු මස 06 වැනිදා මෙවැනිම ආකාරයේ විද්‍යුත් ජාතික හැ`දුනුම්පත පිළිබ`ද පනතක් ප‍්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ එහි නියෝජිතයන් 200කට වඩා වැඩි පිරිසක් විරුද්ධව පෙනී සිටියේය. ප‍්‍රින්ලන්තය තුළද මෙම නව ක‍්‍රමවේදය හ`දුන්වා දුන්නද අදවන විට එය භාවිතා කරනු ලබන්නේ එරට ජනගහනයෙන් ලක්ෂ 03ක් වැනි ඉතා සුලූ පිරිසක්ය. බහුතරය එයට විරෝධය ප‍්‍රකාශකර තිබේ. එමෙන්ම ස්වීඩනය තුළද විද්‍යුත් ජාතික හැ`දුනුම්පත ක‍්‍රියාවට නැංවුවද එය භාවිතා කරනුයේ ජනගහනයෙන් 01% ක් වැනි ඉතා සුලූ පිරිසකි. බහුතරය එය ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වී තිබෙන්නේ එමගින් මිනිසාගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට හානි කිරීමක් වන නිසාවෙනි. එමෙන්ම ධනේශ්වර පාලන තන්ත‍්‍රයන්ට එරෙහි වන සමාජ ව්‍යාපාර සහ දේශපාලන ක‍්‍රියාදරයින් ආරක්ෂක, බුද්ධි අංශ සහ රාජ්‍ය ඔත්තු සේවාවන්වලට හ`දුනා ගැනීමට භාවිතා කරන ලද තාක්ෂනික උපක‍්‍රමයකි. එබැවින් මෙය මිනිස් නිදහස සහ අයිතීන්ට එල්ල කෙරෙන බරපතල තර්ජනයකි. යුක්තිය, මිනිස් නිදහස සහ අයිතීන් පිළි ගන්නා සියලූ දෙනාම කළ යුතුව තිබෙන්නේ සිය පන්ති අවශ්‍යතාවයන් ලෙස රාජ්‍ය බලය ආරක්ෂාකර ගැනීම ස`දහා පාලකයන් විසින් ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන මෙවැනි මර්දනීය වැඩපිළිවලවල්වලට එරෙහිව සංවිධානය වීමයි. එබැවින් මිනිස් නිදහස සහ අයිතීන් අමු අමුවේ උල්ලංගණය කරන විද්‍යුත් හැ`දුනුම්පත් නීතියට එරෙහිවීමට අයිතියක් ඇත. ඊට එරෙහිව සටන් කිරීම අප කාගේත් වගකීමකි.
0 comments:
Post a Comment