දේශපාලන සටහන
ශී‍්‍ර ලංකාව වර්තමානයේ දී මුහුණදී සිටින ආර්ථික අර්බුධය රටෙහි මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයින් මෙන්ම දේශපාලඥයන්ද තේරුම්ගැනීම වැදගත් යැයි 17 වෙනි ‘‘ශී‍්‍ර ලංකා ආර්ථික සමු`එවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත්තේ තත්ත්වය තේරුම්ගනිමින් ඒ සඳහා විසඳුම් සොයන ආණ්ඩුවේ උත්සාහයන්ට සහයය දීම කාගේත් වගකීම බවයි.
මේ කියන්නේ අන්කිසිවක් නොව ආණ්ඩුව ආර්ථික අර්බුධය විසඳීමට යැයි කියමින් ගෙනඑන ජනතා සහන කප්පාදු කිරීම් වල බර දරාගන්නා ලෙසයි. දැනටමත් මේ සඳහා මුලික පියවරයන් ආණ්ඩුව විසින් ගෙන ඇත. ඒ අනුව 11% ක පැවති වැට් බද්ධ 15% ක් දක්වා ඉහළ දැමීම සඳහන් කළ හැකිය. මෙහි ප‍්‍රතිඵල නුදුරේදීම භුක්ති විඳීමට සිදුවනු ඇති අතර, විනිමය අනුපාත ඉහළයාමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දැනටමත් ඉහළගොස් ඇති භාණ්ඩ හා සේවා මිල මට්ටම් විශාල ප‍්‍රතිශතයකින් ඉහළයාමේ පීඩනය දරාගැනීමටද ජනතාවට සිදුවනු ඇත.
ආර්ථිකයේ අර්බුධය පිළිබඳ කතා කිරීමේ දී අයවැය හා ගෙවුම් ශේෂය තුළ පැන නැගී ඇති ගැට`එ මූලික වශයෙන් සාකච්ඡුාවට බදුන් වේ. දිගුකාලීන වශයෙන් අය වැය පරතරය සෘණ අගයක් ගනිමින් ඇති අතර ගෙවුම් ශේෂය කෙරෙහිද ඇත්තේ සෘණාත්මක බලපෑමකි. රාජ්‍ය ආදායම ඉක්මවා යන වියදමක් පවතින අතර මෙහිදී හිඟය පියවාගැනීම සඳහා ආණ්ඩුව දේශීය හා විදේශීය මූලාශ‍්‍රවලින් ණය ලබාගැනීම දක්නට ලැබේ. ඒ අනුව සුවිශාල ණය බරක් රටමත පැටවී ඇති අතර 2015 අවසන් වන විට එය රු. බිලියන 8503 කි. එය 2014 වර්ෂය හා සැසදීමේදී රු. බිලියන 970 ක ඉහළයාමකි. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 2014 වර්ෂයේ දී පැවති 70.7% ක ප‍්‍රතිශතය 2015 වන විට 76.0% ක් දක්වා වර්ධනය වී ඇත.
මෙම ණය ගැනීම් හරහාද අර්බුධය සමනය වීමක් අපේක්ෂා කරන නමුත් යළිත් රට ණය උගුළෙහි සිරවීම පමණක් සිදුවේ. රාජ්‍ය වියදමෙන් වැඩි පංගුවක් ණය හා පොලී ගෙවීම් සඳහා වැය වන අතර එය 2015 රාජ්‍ය වියදමේ ප‍්‍රතිශයක් වශයෙන් ඉතාමත් ඉහල අගයක් ගෙන ඇත. 2015 වර්ෂයේ ණය පොලී ගෙවීම් පමණක් රු. බිලියන 527.2 ක් වු අතර එය 2014 වර්ෂයේ වාර්තාවු රු. බිලියන 436.4 හා සැසදීමේ දී 20.8% වර්ධනයකි.
මේ අතර ගෙවුම් ශේෂයේ පවතින සෘණාත්මක බලපෑම හරහා විදෙස් සංචිත වේගයෙන් පහත බැස ඇති අතර ඉදිරියේ දී ආනයන සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් සංවිත නොමැති වීමේ අර්බුධයට ආණ්ඩුව මුහුණ දී ඇත. ඒ අනුව අයවැය පරතරය පියවා ගැනීමට මෙන්ම ගෙවුම් ශේෂ අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවට යළිත් ණය වීමට සිදුව ඇති අතර ණය බර අඩුකිරීමට දුන් පොරොන්දු පුස්සක් බවට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5 ක විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටි අතර ඒ සඳහා අනුමැතිය ලැබී ඇත. එහි මුල් වාරිකය ..........මුදලක් දැනටමත් මුදා හැර ඇති අතර ඉදිරියේ දී සමාන්තර වාරික 6 කින් මෙම ණයමුදල් ලංකාවට හිමිවනු ඇත.
මෙම ණය මුදල මුදලින් ලබාදීමක් සිදු නොවන අතර එය විදෙස් මිලදී ගැනීම්වලදී රක්ෂණාවරණයක් වශයෙන් පමණක් ක‍්‍රියාත්මක වේ. ඒ අතර ආණ්ඩුව මූල්‍ය අර්බුධයෙන් ගොඩඒම සඳහා ඉන්දියාවෙන්, චීනයෙන් හා තවත් රටවල් ගණනාවකින්ද ණය ගනිමින් සිටින අතර මුල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීමට අමතරව මෙම රටවල් සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීමේ වගකීමටද බැදෙනු ඇත.
මෙම ණය මුදල් ලබාදීමේ දී ලංකාව මුහුණ දී ඇති අර්බුධයෙන් ගොඩ ඒම සඳහා යැයි කියමින් ඉදිරිපත් කර ඇති කොන්දේසි හරහා මුල්‍ය අරමුදල රටතුළ මෙතෙක් ඉටුකරගැනීමට නොහැකි වූ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගැනීම අපේක්ෂා කරන බව පැහැදිළි වේ.
බදු ප‍්‍රතිපත්තිය සහ බදු කළමනාකරණය සඳහා මූලික හා පුළුල් ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීම, අයවැය හිඟය 2020 වන විට ද.දේ.නි.ප‍්‍රතිශතයක් ලෙස 3.5 ක අගයක් දක්වා අඩුකරගැනීම, රාජ්‍ය සංස්ථාවල වානිජමය සක්‍යතාවය ඉහළනංවාගැනීම, විදේශීය සංචිත ඉහළනැංවීම හා උද්දමනය මැද තනි ඉලක්කමක පවත්වාගෙන යාම, වෙළඳ ආරක්ෂණය අඩුකරගැනීම හා නව වෙළඳගිවිසුම්වලට එළැඹීම මෙන්ම විනිමය අනුපාතය කෙරෙහි පවත්වාගෙන යන ලිහිල් ප‍්‍රතිපත්තිය වෙනසකින් තොරව පවත්වාගෙන යාම ආදී වශයෙන් මෙම කොන්ෙදිසි ඉදිරිපත් වී ඇත. පසුගිය අයවැයේදී යෝජනාකරන ලද පරිධි ප‍්‍රාග්ධන වෙළඳපොළ ලිහිල් කිරීමේ ක‍්‍රියාවලියද මීට සමගාමීව ක‍්‍රියාත්මක වනු ඇත.
මෙහි ආරම්භය දැනටමත් සිදුවෙමින් පවතින අතර වැටි බදු ඉහළ දැමීම එහි එක් පියවරක් පමණි. 2020 වන විට අයවැය පරතරය අඩුකරගැනීමට යෝජනාවී ඇති එම යෝජනා විශාල කප්පාදුවකට මඟ පාදනු ඇති බවට කිසිඳු සැකයක් නැත. ආණ්ඩුවට අයවැය පරතරය අඩුකරගැනීමට නම් ඒ සඳහා ඇත්තේ රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම හා අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම යන විකල්ප දෙකයි. මෙහිදී රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම පිළිබඳව සැලකීමේ දී ආණ්ඩුවට ඒ සඳහා බදු අය කිරීම හැරුණු කොට වෙනත් විකල්ප නැත. රාජ්‍ය ව්‍යවසායන් පැවතියේ නම් මෙම ගැටළුව නිරාකරණය වනු ඇතැයි සිතිය හැකි නමුත් අද සියලූ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කර ඇති තතු යටතේ හා දැනට පවතින අතලොස්ස පවා විකිණීමට යෝජනා කොට ඇති තත්ත්වයක් තුළ එය තව දුරටත් යථාර්තයක් ද නොවේ. ඒ අනුව බදු වැඩිකිරීම ප‍්‍රධාන විකල්පය බවට පතවනු ඇත. බදු අයකිරීමේ දී ලිබරල් මතවාදයට අනුව සමාජ සාධාරණත්වය සැලසෙන ආකාරය ප‍්‍රාග්ධන හිමියන්ගෙන් බදු ගසා පොදු ජනයාට සහන දීම වුවත් සිදුවනුයේ දිලින්දන් මත බදු ගසා පොහොසතුන් හට සහන සැලසීමය. බදු ප‍්‍රතිසංස්කරණ නමින් යෝජනා වී ඇත්තේ මෙයයි. එය අයවැයේදී යෝජනාකරන ලද සුපිරි ආදායම් බද්ද නොසකා හරිමින් වැටි බදු වැඩි කිරීමට කටයුතු කිරීම තුළ මැනවින් අවබෝධ වේ. මේ අනුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමේ ප‍්‍රවේශය ගත්විට එය ජනතාව මත බදු බර පටවන ක‍්‍රියාවලියක් බවට පත්ව ඇත. එසේම අනෙක් පසින් ගත් විට රාජ්‍ය වියදම් කප්පාදුව සැලකීමේ දී ආණ්ඩුව කප්පාදු කරනුයේ සමාජ සුභසාධනය සඳහා වෙන්කරනු ලබන, එනම් අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප‍්‍රවාහනය ආදිය සඳහා යන වියදම් වියදම් පමණි. සන්දර්ශන ව්‍යාපෘති සඳහා හෝ මැති ඇමතිවරුන්ගේ සුපෝකභෝගී පැවැත්ම සඳහා කරනු ලබන කිසිඳු වියදමක් මෙහිදී කප්පාදුවට ලක්නොවේ. මෙවැනි අර්බුධයක රට ගිලී පවතිද්දීත් ඇමතිවරුන් සඳහා වාහන ගෙන ඒම එක් නිදසුනක් පමණි.
වෙළඳ ආරක්ෂණය අඩුකිරීම හා නව වෙළඳ ගිවිසුම්වලට යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේදී ඒ සඳහා කම්කරු නීතිරීති කප්පාදුවේ සිට සියලූ නෛතික ප‍්‍රතිපාදන සැපයීමත්, එක්ටා වැනි රටට ඉතාමත් අහිතකර වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමත් සිදුවනු ඇත. එහිදී විදෙස් ආයෝජන අද්දවාගැනීමේ අරමුණින් ආණ්ඩුව සියලූ යටිතල පහසුකම් සැපයීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන සැලසීමටද කටයුතු කරනු ඇත. මෙහිදී මෙවැනි ගිවිසුම් හරහා ආනයන අපනයන ආදායම් අතරෙහි පවත්නා සෘණ සම්බන්ධය වෙනස් කරගැනිමට බලාපොරොත්තු වුවද ආරක්ෂන ලිහිල් කිරීමෙන් සිදුවනු ඇත්තේ තවතවත් ආනයන දිරිමත්වීම හා අපනයන අධෙර්්‍යමත් වීමයි. එහි ප‍්‍රතිඵලය නම් ගෙවුම් ශේෂ හිගය තව තවත් වර්ධනය වීමයි. එසේම මෙහිදී සියල්ල වෙළඳපොළ කරනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් වෙළද භාණ්ඩ වීමෙන් ඇති කරන පීඩනයටද ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති අතර ආර්ථිකයේ පවතින අර්බුධ කාරී තත්ත්වය එක් පැත්තකින් මෙතෙක් පාලකයන්ට නොහැකිවූ වෙළඳපොළ ප‍්‍රතිසංස්කරණ සම්පුර්ණ කරගැනීම සඳහාත්, ජනතා සහන කප්පාදු කිරීහට හා ජනතා අයිතීන් උදුරාගැනීම සඳහාත් ක‍්‍රියාත්මක වනු ඇත.
0 comments:
Post a Comment