ලොව පුරා කම්කරුවන් 129 වෙනි ජාත්‍යන්තර
කම්කරු දිනය සමරන්න සියල්ල සූදානම්. වෙනදා
වගේම මෙවරත් පෙළපාලි, රැලි, සම්මන්ත‍්‍රණ ආදී තවත් බොහෝ දේ උත්සවශ‍්‍රීයෙන්
පැවැත්වීමට නියමිතයි. හැබැයි බොහෝ කම්කරුවන්ට මෙවර කම්කරු දිනයත් තවත් එක් නිවාඩු
දිනයක් වෙනවට කිසිඳු සැකයක් නෑ. කම්කරුවන්ට විතරක් නෙවෙයි සමස්ත පීඩිත පංතියටම
කම්කරු දිනය ඉතාම වැදගත්. හැබැයි ගැටළුව ඔවුන් කම්කරු දිනේ වැදගත්කම අවධාරණය කරගෙන
ද කියන එකයි.
කම්කරු දිනය සඳහා පාදක වෙච්ච සිදුවීම තමයි චිකාගෝ
හේමාකට් අරගලය. එදා 1886 දී කම්කරුවෝ හේමාකට් චතුරස‍්‍රයට එක්වුණේ නිකම් නෙවෙයි.
ඒ පැය අටක වැඩදිනය දිනාගන්න. ඒ වෙද්දි කම්කරුවෝ කම්හල් ඇතුළෙ පැය 10, 12, 14. 16 වැඩකළා වහල්ලූ වගේ. ඔවුන්ට ධනපතියන්ගෙ කම්හල් ඇතුළෙ
කඹුරනවා ඇරෙන්න වෙන ජීවිතයක් තිබුණෙ නෑ. අන්න ඒ වහල්භාවයෙන් මිදෙන්න කම්කරුවෝ එදා
දිවි දෙවැනි කොට කරපු අරගලය තමයි හේමාකට් අරගලය. ඔවන් ඉල්ලූවේ පැය 8ක වැඩදිනයක්.
වහල්භාවය වෙනුවට නිදහස. හැබැයි ඒ අරගලයට පාලකයෝ ප‍්‍රතිචාර දැක්වුවේ වෙඩි
උණ්ඩවලින්. නමුත් ඒ වෙඩි වර්ෂා ඉදිරියේ පවා නොසැලී සටන් වදින්න ධෛර්යක් කම්කරුවන්ට
තිබුණා. ඒ නිසා තමයි පැය 8ක වැඩදිනය දිනාගන්න පුළුවන් වුණේ.
නමුත් අද වෙද්දි තත්ත්වය මොකද්ද? අද
එදාටත් වඩා කම්කරුවන්ගේ තත්ත්වය දරුණුයි.
චිකාගෝ කම්කරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්ත පැය අටක
වැඩ දිනය, ඒ
කියන්නෙ පැය 24ම වහල්කම් කරනවා වෙනුවට ජීවිතය සදහා දිනාගත් විවේකය අද
යළිත් උදුරාගෙන ඉවරයි. අද අපි දන්නවා කම්කරුවෝ කම්හල් ඇතුළෙ පැය 10, 12, 14 වැඩ කරනවා අති මූලික අවශ්‍යතාවත් සම්පූර්ණ කරගන්න බැරි සොච්චම් වැටුපක්
වෙනුවෙන්. ඒ වැඩකරත් ලැබෙන සොච්චම ජීවත්වෙන්න ප‍්‍රමාණවත් නෑ. සති අන්තෙ, නිවාඩු
දිනවල මේ හැමදාම කම්කරුවො වැඩ. මේ අතර මෑන් පවර් හා අනියම් සේවකයින්ගෙ තත්ත්වය රෝම
වහලූන්ගෙ තත්ත්වයට වැඩි වෙනසක් නෑ.
එදා 1886 දී කම්කරුවො පැය 8 වැඩ දිනය
දිනාගන්න වෙලාව වෙද්දිත් කම්කරුවට තමන් වෙනුවෙන්, ඒ කියන්නෙ තමන්ට
ලැබෙන වැටුප උපයන්න දවසකට වැඩ කරන්න ඕන
වුණේ පැය 4යි. ඒ කියන්නේ ඒ මොහොතෙ කම්කරුවො තමන් වෙනුවෙන් පැය 4යි, ධනපතියො
වෙනුවෙන් පැය 4යි විදිහට පැය 8ක්
වැඩ කරා. අපි දන්නවා එදා සිට මේ දක්වා නිෂ්පාදනයේ, තාක්ෂණයේ වෙච්ච
සංවර්ධනයත් එක්ක සසඳලා බැලූවම හරිනම් අද කම්කරුවෙක්ට ලැබෙන වැටුප වෙනුවෙන්
කම්කරුවෙක් පැයක් වත් වැඩ කරන්න අවශ්‍ය නෑ. හැබැයි අද පැය 8කටත්
වඩා වැඩියෙන් කම්කරුවන්ට වැඩ කරන්න වෙලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඇතැම් ගාමන්ට්
ෆැක්ටරිවල වැඩකරන කම්කරුවෝ දවසකට 50000ක 60000ක
මුදලක් තමන්ගෙ ශ‍්‍රමයෙන් උපයනවා. හැබැයි කම්කරුවට ලැබෙන්නේ දවසටම රු. 500
යි නැත්නම් 1000යි. මේ තමයි අද වෙද්දි සූරාකෑම ක‍්‍රියාත්මක වන මට්ටම.
අපි කියනවා මේක මෙතනින් අවසන් නෑ. වැඩි වැඩියෙන් ලාභ උපයන්න ධනපතියන්ට තියෙන
පිපාසය අවසන් වෙලා නෑ. පුළුවන් තරම් කම්කරුවන් සූරාකෑම දිගටම කි‍්‍රයාත්මකයි.
ධනපති ආණ්ඩු ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. දැන් මෛතී‍්‍ර
රනිල් ආණ්ඩුවත් කරමින් ඉන්නෙ අන්න ඒක. එක පැත්තකින් මෙතෙක් ඉතිහාසෙ කම්කරුවෝ සටන්
කරලා දිනාගෙන තියෙන සියලූම කම්කරු අයිතීන් කප්පාදු කරගෙන යනවා. විශ‍්‍රාම වැටුප
කපනවා. පාරිතෝෂිතය කොල්ල කනවා. එට්කා වගේ ගිවිසුම් හරහා සේවා වෙළඳ පොළත් විවෘත
කරාම සියල්ල සම්පූර්ණයි. මහා දැවැන්ත විරැුකියාවක් සහිත ඉන්දියාවෙන් සොච්චමක් දීල
කම්කරුවො ගේන එක තමයි මෙවැනි ගිවිසුම්වල අරමුණ. එතකොට ලංකාවෙ දැනට පවතින වැටුප්
මට්ටම් පවා බලාගෙන ඉද්දි කඩාවැටෙන එක වළක්වන්න බෑ.
ඒ විතරක් නෙවෙයි අනෙක් පැත්තෙන් නවලිබරල් ප‍්‍රතිසංස්කරණ
රටපුරා අස්සක් මුල්ලක් නෑර ක‍්‍රියාත්මක කරන්න නියමිතයි, පීඩිතයො
සහමුලින්ම කොල්ල කමින්. මෙතෙක් කල් වෙළඳ පොළට ගේන්න බැරිවෙච්ච කිසිවක් තිබුණනම් ඒ
කිසිවක් තවදුරටත් ඉතිරිවෙන එකක් නෑ. සියලූ රාජ්‍ය ආයතන විකුණා දැමෙනවා. ඒ යටතෙ මේ
වෙද්දි වරාය, ගුවන්තොටුපළ, දුම්රිය, ත‍්‍රිකුණාමල
තෙල්ටැංකි මේ සියල්ල වෙන්දේසි කරන්න සූදානම්. ලෝක බැංකුවේ, මූල්‍ය
අරමුදලෙ කොන්දේසිවලට අනුව රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම නමින් මේ විනාශය හරි
ලස්සනට කරයි. ආණ්ඩුව ණයයි. අයවැය පරතරය පියවාගන්න බෑ. ගෙවුම් ශෙෂය හිගයි. මේකට
හේතුව මොකද්ද? ආණ්ඩුවට ආදායම් නෑ. රජයකට ආදායම් ලැබෙන සියලූම රාජ්‍ය ව්‍යවසායන්
විකිණුවම මෙහෙම වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි දැන් මේ ප‍්‍රශ්නයට
විසඳුම් විදිහට අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන යෝජනා කරන්නෙ මොකද්ද? නැවතත්
ඒකම කිරීම. ඒ කියන්නේ දැනට තියෙන රාජ්‍ය
ආයතන ටිකත් විකුණපන් කියලා කොන්දේසි දානවා. එතකොට හරි පැහැදිලියි සිද්ධවෙන්නේ
මොකද්ද කියලා. ඊට පස්සේ අයවැය පරතරය අඩුකරන්න සුභසාධනය කප්පාදු කිරීම හැරෙන්න වෙන
උත්තර නෑ. දැන් ඒ යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය කප්පාදුව ගජරාමෙට කෙරෙමින් තියෙනවා. ප‍්‍රතිපාදන
කප්පාදුවේ ප‍්‍රතිඵලය තමයි පාසල් නඩත්තු කරන්න විදිහක් නෑ. දැන් ඒක දෙමව්පියෝ මත
පැටවිලා. විශ්වවිද්‍යාලවලට බදවා ගැනීම් වැඩිකරන්න
බෑ. ඒ වෙනුවට පෞද්ගලික විශ්වවිද්‍යාල තොගපිටින් අරිනවා. සෞඛ්‍යය පිළිබදව කතාකරද්දි
නිදහස් සෞඛ්‍යයක් කියලා එකක් අද ඉතිරිවෙලා නෑ. බෙහෙත් පෙත්තක් ගන්න පවා මහමග හිගාකන්න
වෙලා.
විරැකියාව, ජීවන බර අහස උසට.
ගොවියට, ධීවරයට
තමන්ගෙ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලැබෙන්නෙ නෑ. ඔවුන්ව අමු අමුවේ වෙළඳ පොළ මාෆියාවන්
තුළ කොල්ල කනවා. ඒ විතරක් නෙවෙයි ඊනියා සංවර්ධණ ව්‍යාපෘතිවලින් ඇතිකරන විනාශයන්ට
වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙත් පීඩිත ජන කොටස්වලටම තමයි. මීතොටමුල්ල කුණුකන්ද
නායයාමත් එක්ක ඇතිවුණු ඛේදවාචකය එක් සිදුවීමක් පමණයි. මේ විනාශ වන ජීවිතවලට අද
කිසි වටිනාකමක් නෑ. මීරියබැද්ද, අරණායක ඛේදවාචකවලදී වගේම මීතොටමුල්ලෙදිත් ජනතාව බොරු
පොරොන්දුවලින් මුලාකිරීම තමයි පාලකයින්ගෙ ප‍්‍ර‍්‍රතිපත්තිය වුණේ. වරාය නගර ව්‍යාපෘතියේ
විනාශය ඊළගට එන්න නියමිතයි. මුහුද ගොඩකරන්න රටපුරා කඳු පාත් කරද්දි ඇතිවෙන බලපෑමට, මුහුද
ඛාදනය වීමෙන් ඇතිවෙන විනාශයට කී දෙනෙක් බිලිවෙයි ද කියන්න බෑ. හැබැයි ඒ විනාශය
කුණුකන්ද නාය ගියාට වඩා නම් සිය දහස් ගුණයක් වැඩිවෙනවට කිසිඳු සැකයක් නෑ.
ඒ විතරක් නෙවෙයි මොණරාගල හා හම්බන්තොට ඇතුළු තවත් ප‍්‍රදේශ
ගණනාවක අක්කර 95000ක ගොවි ඉඩම් විකිණීම ඇතුළු තවත් මහා විනාශයන් රැසක් ක‍්‍රියාත්මකයි.
මේ සිදුවෙමින් තිබෙන්නේ අධිරාජ්‍යවාදයට, නවලිබරල් ධනවාදයට
අවශ්‍ය සියලූ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක වීම. මේවගෙන් මේ රටේ පීඩිත ජන කොටස්වලට
ලැබෙන කිසිඳු ආකාරයක සහනයක් නෑ. ඒ වෙනුවට ඔවුන් හාමත, වසංගත
හා පාරිසරික හා සමාජ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්වීම අනිවාර්යයක්. එවැනි මොහොතක
කම්කරු දිනය තවදුරටත් සැමරුම් දිනයක් හරි නිවාඩු දිනයක් හරි කියල නම් කම්කරු
පංතියට වැඩකරන දුක්විදින ජනතාවට දැනෙන්නේ ඒකතරම් තවත් ඛේදවාචයක් නෑ. මේ මහා ව්‍යසනයන්
ඉදිරියේ ව්‍යාජ විසඳුම් වෙනුවට සැබෑම විසඳුමක් වෙනුවෙන් අරගල මාවත තෝරා
ගැනීම ඇරෙන්න වෙන උත්තර නෑ. ධනපති ආණ්ඩුවලට මීට වඩා
කිසිඳු ආකාරයක හොදක් ජනතාව වෙනුවෙන් කරන්න බෑ. සැබෑ විසඳුමක් වෙනුවෙන් සමාජ බලයක්
ගොඩනැගීම වෙනුවට වෙනත් ධනපති ආණ්ඩුවක් ගෙන්න දගලන බල පෙරළිවලට කිසිදෙයක් කරන්න බෑ. මෛත‍්‍රී - රනිල් ආණ්ඩුව වෙනුවට නැවතත් මහින්ද නැත්නම්
ගෝඨාභය ගේන්න හදන ව්‍යාපෘතිවලින් ප‍්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. මාරුවෙන්
මාරුවට ධනපති ආණ්ඩු බලයට ගෙනල්ල කරගන්න බැරි තැන දැන් තමන්ම මැදිහත්වෙලා ධනපති ක‍්‍රමය සුද්ධ කරන්න හදන
ජ.වි.පෙ වගේ ඊනියා වම්මුන්ගෙ 2020 කරනවයි කියන මනෝරාජික බලපෙරළි මීට හපන්.
ඒ නිසා අපි හිතනවා මේ පාර කම්කරු දිනය ධනපති පාලකයන්ට සහ
ව්‍යාජ වාම වෙස්ගත් උන්ගේ ඒජන්තයන්ට කෙළිබඩුවක් කරගැනීමට ඉඩ නොදිය යුතුයි. ජනතා
අයිතීන් කොල්ලකන ගමන් බත් පැකැට්ටුවකට අරක්කු බෝතලයකට ලාභෙට පීඩිතයො ජෝගි නටවන
දිනයක් බවට කම්කරු දිනය පත්කරන්න නොදී තම සැබෑ අයිතීන් වෙනුවෙන් සටන් වදින සැබෑ
වෙනසක්, සමාජ
පරිවර්තනයක් වෙනුවෙන් කම්කරුවන් ප‍්‍රමුඛ වැඩකරන ජනතා බලයක්
ගොඩනැගීම අරමුණු කරගත්ත කම්කරු දිනයක් බවට මෙවර කම්කරු
දිනය පත්කරගැනීම සැබෑ වාමාංශිකයන් සතු අභියෝගයක් විතරක් නෙවෙයි, අපි
හිතනවා පැහැර හැරිය නොහැකි වගකීමක්. ඒ නිසා අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව
ජනතාවනි නැගිටිව් යන්න හුදු සැමරුම් තේමාවක් විතරක් නෙවෙයි. කම්කරු දිනෙන් පසු
එළඹෙන හෙට මහපොළව මත සැබෑ කරගත යුතු යථාර්ථයක්.
0 comments:
Post a Comment