වැලන්ටයින්
නම් ඉවරයි. ඒ කියල ඉතිං ආදරේ ඉවර වෙන්නෙ නෑනෙ. ඒ නිසා ආදරේ ගැන කියන්න ගිනිසිළුවෙ
මේ පුංචි ඉඩකඩ වෙන් කරන්න හිතුව. ඒ වැලන්ටයින් සමරන්න නම් නෙමෙයි. හැබැයි
වැලන්ටයින් එකත් මේ ලිපියට සම්බන්ධයි. මොකද මේ ලිපිය ලියන්න අදහස ආවෙ වැලන්ටයින්
දවසෙ ෆෝන් එකට ආපු මැසේජ් එකක් හින්ද. ඒ මැසේජ් එකේ තිබ්බ ‘ඔබට අවශ්‍ය ආදර අදහස්
දිනපතා ෆෝන් එකට ගෙන්වගන්න,
මේ අංකයට අමතා දැන්ම ලියාපදිංචි වෙන්න’ කියල. ඔයාලත් මේක
දකින්න ඇති.
සමහරු
ලියාපදිංචි වෙන්නත් ඇති. මේක විතරක් නෙමෙයි මේ වගේ ගොඩක් පණිවිඩ අපේ ෆෝන්වලට එනව
කාලෙන් කාලෙට. ඇඞ් යන්නෙ ටීවි එකේ විතරක් නෙමෙයිනෙ. ඔය ෆෝන්වලට එන මැසේජ් එකත් ඇඞ්
එකක් තමයි. අපි අර කලින් කියපු එක ගැන කතා කරමුකො. අපි මොකටද ආදර අදහස් මොබිටෙල්
කොම්පැණියෙන් ගන්නෙ? මොබිටෙල්
කොම්පැණිය මේ ආදර අදහස් දෙන්න යන්නෙ අපිට තියෙන ආදරේට නෙමෙයි. ඒ නිසා තමයි අනුමත
ගාස්තු හා බදු අදාළ වේ කියලත් යටින් ගහල තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරෙත් මොබිටෙල්
කොම්පැණියට විකුණලා ලාභ හොයන්න පුළුවන්. නැත්තම් කොහොමද කොම්පැණියකට ගාස්තු ගෙවල
අපිට ආදර අදහස් ගන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් දැන් තේරෙනවනෙ අර මැසේජ් එක ආදරේ
මාකට් කරන ඇඞ් එකක් කියල.
කොහොමද එහෙම
වුණේ? ආදරේ කියන්නෙ
මිනිස්සුන්ගෙ හැ`ගීමක්නෙ.
සින්දුවල කියන විදිහට ආදරේ ලෞකික ද ලෝකෝත්තර ද කියන කතන්දර වැඩක් නෑ. ඒ මොකක්
නොවුණත් ආදරේ කියන්නෙ මිනිස්සුන්ගෙ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක්. මිනිස්සුන්ට
ජීවත් වෙන්න ආදරේ ඕනි. මිනිස් වර්ගයාගෙ
පැවැත්මට ආදරේ ඕනි. එහෙම මූලික මිනිස්
අවශ්‍යතාවක්, අපිට සහජයෙන්
උරුම වුණු හැ`ගීමක් කොහොමද
දුරකතන සමාගමකට අයිති වුණේ,
විකුණලා ලාභ හොයන්න තරම්?
මේක තමයි
කතාව. අපි ඉන්න සමාජයේ නිරුවත තමයි මේක. සමහරු කියනවනෙ ධනවාදයයි, නවලිබරල්
වාදයයි අරකයි, මේකයි කියනවා.
අපිට ඔය මොන මළ දානයක්වත් තේරෙන්නෙ නෑ කියල. අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ. මේක තමයි
ධනවාදය කියන්නෙ. මේ සමාජයේ පදනම තියෙන්නෙ වෙළඳ පොළේ. ‘වතුර වැළි බිම් පෙත - නොහැරම
කරන මෙන් තෙත’ මේ වෙළෙඳපොළ සමාජයත් හැම දේම වෙළඳ පොළට උරා ගන්නවා. හැම දෙයක්ම
කිව්වෙ හැම දෙයක්ම. මිනිස් හැගීම් පවා. කල්පනා කරන්න පුළුවන්
මිනිහෙකුට මේ ෆෝන් එකට එන එක මැසේජ් එකකින් අපි අද ගෙවන්නෙ මොන වගේ ජීවිතයක් ද
කියල තේරුම්ගන්න පුළුවන්. දැන් මේකෙ අනිත් පැත්තත් කල්පනා කරල බලමුකො. සමාගමකට
ආදරේ විකුණලා ලාභ හොයන්න නම් ආදරේ මාකට් කරන්න පුළුවන් සමාජයක් තියෙන්න ඕනි. දෙයක් මාකට් වෙන්නෙ ඒ දේ හිග, නමුත් ලබාගන්න
අවශ්‍යතාව තියෙන මිනිස්සු ඉන්න පරිසරයක. කොහොමද අපේ සමාජෙට හැගීම් හිග වුණේ?
විශේෂයෙන්ම
ආදරේ වගේ එකක්?
අපිට අද
ගෙවන්න වෙලා තියෙන ජීවිතේ දිහා පොඞ්ඩක් හැරිල බැලූව නම් මේකට උත්තරේ හොයාගන්න
අමාරු නෑ. අපේ සමාජෙ අඩුම තරමෙ පොඩි එකෙක්ට හිතේ හැටියට අම්ම අප්පච්චිගෙ ආදරේ
විඳින්නවත් වෙලාවක් තියෙනව ද? උදේ වරුව ඉස්කෝලෙ, හවස් වරුව ටියුෂන් එකෙ, රෑට ගෙදර වැඩ. ආයෙත් උදේ
පාන්දර ඉස්කෝලෙට. ඕක නේද ගොඩක් පොඩි
එවුන්ගෙ ජීවන චක්‍රෙ? එතකොට
දෙමව්පියෝ. එයාලත් එහෙමයි. උදේට වැඩට යනවා. පාර්ට් ටයිමුත් කරල රෑට ගෙදරට එනවා. ඒ
එනකොට පොඩි එවුන් නිදි.
නැත්තම්
ඉස්කෝලෙ, ටියුෂන් එකේ
ගෙදර වැඩ. ඉතිං කාල නිදාගන්නවා. අඹුසැමියො අතර සම්බන්ධතාවත් මෙහෙම තමයි. සාමාන්‍ය
ජීවිතයෙන් මිනිස්සු ගොඩක් ඈතට ගිහිල්ල. සමාජයක තිබිය යුතු මූලික මිනිස්
සම්බන්ධතාවන් වත් මේ සමාජෙ හරියට නෑ. කවුරු හරි කොම්පැණිකාරයෙක්ට කඹුරලා කඹුරලා
ජීවිතේ ගැටගහගන්න, අර මලූ පිටින්
පුරවලා තියෙන හීන කන්දරාව ගොඩදාගන්න සල්ලි හොයන එක තමයි අද අපේ ජීවිතේ. හැම මිනිස්
සම්බන්ධතාවක්ම ගණුදෙනුවක් වෙලා.
මේ වෙළඳපොළ
සමාජෙ උඩ ගොඩනැගිල තියෙන මිනිස් සම්බන්ධතා ගැට ගැහිල තියෙන්නෙ ගණුදෙනු කියන
නූලෙන්. ඉතිං මේ වගේ සමාජෙක කොහොම ද අවංක ආදර හැගීම් පහළ වෙන්නෙ? ආදරේ හිග
සමාජෙක තමයි අපි ඉන්නෙ. අඩුම තරමෙ අධ්‍යාපනයෙන් වත් අවංක මිනිස් සම්බන්ධතා ගොඩනගාගන්න
උදව්වක් නෑනෙ. උගන්වන්නෙත් මොකක් හරි ජොබ් එකක් ටාගට් කරලනෙ.
අපි ඉන්නෙ
එහෙම සමාජෙක. සමාජය ගමන් කරන මේ පාර මිනිස් වර්ගයාම සියදිවි නසාගන්න කපපු පාරක්.
හැගීම් පවා, මිනිස්
සම්බන්ධතා පවා සල්ලිවලට විකුණන්න පුළුවන් සමාජෙක වෙන මොනා ඉතුරු වෙන්න ද? ඒ නිසා සමාජය
මේ පාරෙන් මුදවගෙන හරි පාරට ගන්න එක අපි හැම කෙනෙක්ගෙම උර මත පැටවුණු වගකීමක්.
0 comments:
Post a Comment