අප්‍රේල් 14 රටේ සියලූ දෙනා අවුරුදු සමරන අතර මීතොටමුල්ල
ජනතාවගේ ශෝකී කතාව ලියවුණි. එය රටම දැනගන්නා විට සියල්ල සිදු වී හමාරය.
අවුරුදු සමරමින් සිටි ජනතාවක් අමුවෙන්ම වැ ළලීමට කුණුකන්දක් සමත්
වී ඇත. දසතින් නැගෙන දුක් සෝසුසුම් මැද මෙයට වගකිවයුත්තන් ගැනද කතාබහක් පැතිරෙමින්
තිබේ.
ධනවාදය
කරපින්නාගෙන පැමිණි පරිභෝජනවාදය අහස උසට ගොඩගසා ඇති කුණු ගොඩවල්වලට විසඳුම් දීමට
නොහැකි පාලකයන් කිසිත් කරකියාගත නොහැකිව සිටින මොහොතක කුණුත් සමග ලියවුණු
මීතොටමුල්ල කුණු කතාවේ අන්දරය නැවත කියවීමට කාලය පැමිණ තිබේ.
2009 බ්ලූමැන්ඩල් කුණුකන්ද
ගිනි ගැනීමෙන් පසු අධිකරණ නියෝගයකින් කොලොන්නාව මීතොටමුල්ලට ගෙන ආ කොළඹ කුණු මේ
වනවිට අඩි 300ක් උසට ගොඩ
ගසා ඇත. තාවකාලික පදනම මත අක්කර 2ක භූමි භාගයක් සඳහා කුඹුරු ඉඩමක් ගොඩකර සාදන කුණුකන්ද
අක්කර 23ක් දක්වා
විශාල වනතෙක් බලාසිටි ජනතාවට අද කීමට ඉතුරුව ඇත්තේ ”බලධාරීන්ගේ සාක්කුවට කාසිවැටේ, නිහඩව සිටි
මිනිසුන්ගේ ඇස්වලට කඳුළු වැටේ” කියාය. විවිධ වැඩසටහන් හරහා කොළඹ ලස්සන කිරීමට දත
කන පාලකයන් එහි තිබෙන කැළි කසල සමග පීඩිත ජනතාවද ප‍්‍රදේශයෙන් අතු ගා දමන අයුරු
පසුගිය කාලය පුරාවට අපි දැක ඇත්තෙමු. ඉතිහාසයේ ගල් රෝල හැමදාමත් ඇදී ගියේ පුංචි
අපේ මල්පාත්ති මතිනි. පීඩිත ජනතාව එළවා දමා එකතු වන කසල ද එම මිනිසුන්ගෙන් නවාතැන්
වෙත ගෙනැවිත් දැමීමට තරම් පාලකයන් අමන වී ඇත.
කුණු කන්දෙන්
පීඩා විඳි ජනතාව බැරිම තැන ”මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය” ගොඩනගා
ගනිමින් වැඬේට බැස්සේය. පාලකයන් හමුවට ගියේය. අධිකරණයේ පිහිට ද පැතුවේය. බැරිම තැන
ජනතාව දැනුවත්කර පාරට බැස්සේය. උද්ඝෝෂණ කළේය. උපවාස කළේය. මෙලෙස අතොරක් නැතිව කළ
උද්ඝෝෂණ ව්‍යාපාර හමුවේ පාලකයන් එය පාගා දැමුවේ පොලිස් ප‍්‍රහාර හා මැර ප‍්‍රහාර
යොදා ගනිමිණි. ජීවිතය ඉල්ලා දණින් වැටීම වෙනුවට අරගලය තෝරාගත් මේ මිනිසුන්ට අවසන
උසාවි ගානේ රස්තියාදු වීමටද සිදුවිය. මෙලෙස එදා පහර දී එළවාගත් උන් අද
ගැලවුම්කාරයන් වී ඇත. හමුදාව මැදිහත් වී අතුරුදන්වූවන් සොයයි. පොලීසිය මැදිහත් වී
දාන දීමට සැරසෙයි. ආණ්ඩුව මේ වන විට තම වරද භාරගෙන අවතැන්වූවන්ට වන්දි ලබාදී
ඔවුන්ට වෙනත් නිවාස ලබාදීමට සැරසෙයි.
ධනවාදය තුළ
හැම ප‍්‍රශ්නයක් මෙන්ම කුණු ප‍්‍රශ්නයද හිගන්නාගේ තුවාලය බවට පත් වී ඇත.
බ්ලූමැන්ඩල් වලින් කොලොන්නාවට ගෙනා කුණු මහජන විරෝධය හමුවේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට
මායිම් ව පිහිටි ලංකාවේ ජෛව විවිධත්වය වැඩිම ප‍්‍රදේශයක් වන පුත්තලම අරුක්කාල් ප‍්‍රදේශයට
ගෙනයාමට හිටපු ආණ්ඩුව තැත් කළේය. මෙයින් සිදුවිය හැකි විනාශය දුටු පරිසරවේදීන්ගේ
හා ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ එය නැවැත්වීමට පාලකයන්ට සිදුවිය. හිටපු ආණ්ඩුවේ
වගකිවයුත්තන් පවසන්නේ එදා පුත්තලමට දැම්මානම් අද මෙවන් ප‍්‍රශ්නයක් නොවන බවය. ඔවුන්
නිවැරදිය. එදා පුත්තලමට දැම්මා නම් අද මීතොටමුල්ලේ මෙවන් විපතක් සිදු නොවේ. මන්ද
එය පුත්තලමේ සිදුවීමට තිබූ බැවිනි. තවදුරටත් මීතොටමුල්ලේ කුණු දැමීමට නොහැකිය.
පාලකයන් නැවතත් අධිකරණයට මුවා වී කරදියාන, දොම්පේ, වත්තල හා කොටිකාවත්තට කුණු ගෙනයයි. තව ටික
කලකින් අපිට මෙලෙසින් ම කරදියාන, දොම්පේ, වත්තල හා කොටිකාවත්ත ගැනද කතාකරන්නට සිදුවේ. කුණු තැනින්
තැනට ගෙනයාම වෙනුවට කැලි කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය
කිරීමේ වැඩපිළිවෙළක් ගැන පාලකයන් හිතන පාටක් පෙනෙන තෙක්මානයේ නැත.
මෙරට පාලකයන්
හැසිරෙන්නේ ලොකයේ කුණු ඇති එකම රට ලංකාව ලෙසිනි. ප‍්‍රශ්නය කුණු නොවේ. ඒවා ප‍්‍රතිචක‍්‍රීකරණය
කිරීම හරහා නිසි පරිදි පරිසරයට බැහැර කිරීමට ක‍්‍රමවේදයක් නොමැතිවීමයි. මහජන
විරෝධතා හමුවේ ආණ්ඩුව හැසිරෙන්නේ මෙය නොදන්නා ළදරුවකු සේය. කැලි කසල ප‍්‍රතිචක‍්‍රීකරණයට
ගෙනා විශේෂඥ මත හමස්පෙට්ටියට විසිකරමින් කුණු ප‍්‍රශ්නය බ්ලූමැන්ඩල් සිට
මීතොටමුල්ලටත් පසුව කරදියාන, දොම්පේ වැනි තැන්වලටත් මාරුකරමින් ඉන් ගැලවීමට වෙර දරන
ආණ්ඩුව කැලි කසල ප‍්‍රතිචක‍්‍රීකරණයට නැති මුදල් කෝටි ගණනින් වියදම්කර මැති
ඇමතිවරුන්ට වාහන ගෙන්වීම මගින් ඔවුන් මෙයට දක්වන උනන්දුව මොනවට කියාපායි.
2011 සිට නැගි මහජන විරෝධය
තුට්ටුවකට මායිම් නොකළ පාලකයන් අද කුණු කන්දේ වැළලූනු ජනතාව ගැන කිඹුල් කඳුළු
හෙළයි. නමුත් ජනතාව පවසන්නේ ”මුන් මිනී පෙට්ටියෙනුත් ගසා කෑවා” කියාය. ඉතිහාසය
නැවත ලියවෙමින් තිබේ. ධනවාදයට මිනිස් ජීවිත අදාළ නොවන බව පැවසීමට තවත් උපහැරන අවශ්‍ය
නොවේ. ලාභය අරමුණු කොටගත් ධනවාදය කිසිදා පරිසරය ආරක්ෂා නොකරයි. ධනවාදය මිනිසා හා
පරිසරය එකට බැඳි හුය විනාශ කරමින් සිටී. පෘතුවිය කෙමෙන් මිනිස්වාසයට නුසුදුසු
පරිසරයක් වෙමින් තිබේ. මේ සියල්ල දෙස නිහඩ ව බලාසිටීමට අපට බල කෙරී ඇත.
මළවුන්ට හා
අවතැන්වූවන්ට සාධාරණය ඉල්ලා කරන අරගලය සියලූ බාදක මැද ඉදිරියට ඇදෙමින් තිබේ. නමුත්
නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටුනොවන බව අප සියලූ දෙනා මතක තබාගත
යුතුව තිබේ. අපට මැරුණු මිනිසුන්ට හා විනාශවූ දේපළට වන්දි ගෙන මේ අරගලය අවසන් කළ
හැකිය. නමුත් කුණු ගැටලූව ඉන් අවසන් නොවේ. කුණු ගැටලූව මුල්කරගෙන සැම තැනම අරගල
සිදුවුවද එහි කිසිඳු ඒකමතික භාවයක් දැකිය නොහැකිය. තමන්ගේ ප‍්‍රදේශය බේරී අනෙකාට
කුමක් වුවද අපට ප‍්‍රශ්නයක් නෑ යැයි සිතා කරන අරගලවලින් පළක් නොවේ. තම කොටහ
බේරාගැනීමට යාමෙන් අපට කිසිදා කුණු ගැටලූවට විසඳුම් ලද හැකි නොවේ. තවත් මිනිසුන්
පිරිසක් මෙවැනිම කුණුකන්දකට බිලිවීමට ප‍්‍රථම සියලූ දෙනා එක්ව ආණ්ඩුවට බලපෑම්
කිරීම මගින් මෙය විසඳා ගත යුතු ය. එසේ නොමැති නම් අපේ දරු මුණුපුරන්ටද මෙම ගැටලූව
මෙලෙසින් ම බාරවෙනු ඇත.
0 comments:
Post a Comment