සියලූ දෙනාට
පෙනෙන පරිදි සියලූම පාසල්වල ප‍්‍රදර්ශණය කර ඇති මෙම පුවරුව දකින ඔනෑම අයෙකුට සිය
දරුවාගේ පාසල පිළිබදව ඇතිවන මමත්වයක් අව්‍යාජවම පැන නගියි. අධ්‍යාපන පරමාර්ථ හා
දරුවන් එතරම් ම අප ජීවිත සමග බැදී පවතී. මව්පියන්හට උරුම අපරිමිත දුක් කන්දරාව සිය
දරුවන්ට උරුම නොවීමට නම් ඉගැන්වීම් කටයුතු නිසිලෙස කළ යුතු බව තරයේ ඔවුන් විශ්වාස
කරනු ලබයි. පීඩිත භාවයෙන් මිදීමට අධ්‍යාපනය ලැබිය යුතු බව එයම ආයුධය බව අවිඤ්ඤාණික
දැනීමක් ඇත.
නිදහස් අධ්‍යාපන
පනත සම්මත කිරීමෙන් අපේක්ෂිත ප‍්‍රථිපලයද මෙයම විය. එහෙත් එවකට සිටී පාලක පක්ෂය
නියෝජනය කල එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බන්ඩාරනායක, ඩී.එස් සේනානායක වැනි
නූතන ජන සමාජයේ වීරයන් නිදහස් අධ්‍යාපන පනත සම්මත වීම වැළැක්වීමට කල හැකි සියලූ දේ
කිරීමෙන් බලාපොරොත්තු වූයේ දේපල හිමි පංතියට අවශ්‍ය පරිදි සාමාන්‍ය වැසියන් පීඩාවට
පත්කරමින් ඔවුන්ගේ පංතියට පාලනය කල හැකි පිරිසක් නිර්මාණය කරගැනීමයි. එම
බලාපොරොත්තු සඵල කරගත නොහැකිවීමෙන් පාලකයන් පසුබැස්සේද නැත. ඔවුන් අධ්‍යාපනය
දෘෂ්ටිවාදයක් ලෙස භාවිතා කරමින් ජනතාව
පීඩාවට පත් කරමින් සිටී. එහි එක් පැතිකඩක් මේ ඔබේ දරුවාගේ පාසලයි, මෙය රැක ගැනීම
අපේ යුතු කමක් යැයි කරලියට පැමින තිබේ. මෙය පාලකයන්ගේ වංචනික උපාය මාර්ගයකි. අධ්‍යාපනය
පිළිබදව රාජ්‍ය ප‍්‍රතිපත්තියේ යථාර්තය හෙළි වීම වැළැක්වීම සදහා යෙදූ කදිම උපායකි.
වර්තමානයෙන්
මොහොතකට වෙන්ව අතීතයට යා හැකි නම් පාසල්
සමය තරම් සුන්දර මතක සටහන් පිරුණු යුගයක්
මෑත කාලය දක්වාම මතක පොත්වල සටහන් ඇත. මතක චිත‍්‍ර අතර ඩෙස්-පුටු පුරවාගත්
ලොරි රථයක් පාසල් ගේට්ටුවෙන් ඇතුලූ වෙනවාත් සමග ඒ පසුපස ඇදෙන, උද්දාමයෙන්
පිරුණු ළමා-ළපටින්ගේ මුහුණු අමතක නොවේ. එහෙත් 1990-2000 වර්ෂයෙන් පමන පසු
එවැනි දසුන් දුර්ලභය. ඒ වෙනුවට අද එක් අතකින් දරුවාගේ අත ද අනෙක් අතින් ඩෙස් එකක්, පුටුවක් ගත්
මවක් හෝ පියෙක් දැකිය හැකිය. දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී ගුරුවරයාට ආචාර කිරීමට
බුලත් හුරුල්ලක් වෙනුවට පංති කාමරයට අවශ්‍යය යැයි කලින් දැනුම් දුන් ලිස්ට් එකට
අනුව බඩු-භාණ්ඩ,පොත්-පත්,මලු රුගෙන එන
මව්පියවරු දැකිය හැක. ආයාශයෙන් නගාගත් සිනාවක් සහිත ඒ මුහුණු පාසල තුළ දී වියදම් වූ මුදල්, එවා සොයාගත්
ආකාරය,ගෙවා දමන
අකාරය,පිළිබදව කථාබහ
පාසල් වලට ළමුන් ඇතුලත් කරන දිනවල සුලභ දසුණක්ය. මේ ගෙවීගෙන යන කාලය ද එවන්
කාලයකි. 2017 වර්ෂය සදහා
පලමු වසරට ළමුන් ඇතුලත් කරගන්නා කාලයයි. එබැවින් මෙම තත්වයන්ට අදාළ ජීවමාන සාක්‍ෂ්‍යය
නිතර අසන්නට,දකින්නට හමුවේ.
පලමු වසරට ළමුන්
ඇතුලත් කළ මොහොතේ පටන් ගෙවන්නට ඇත. පාසල් සංවර්ධන සමිතිය තුළ එක එක යෝජනා සම්මත
වේ. තාප්පය ගැසීම, තීන්ත ගෑම, දොර ජනේල්
සැකසීම ආදි වියදම් අනිවාර්ය ගෙවීම්ය. යෝජනා විදුහල්පති හිතවතුන්ය. තම දරුවාට
අගතියක් වේයැයි බියෙන් යෝජනා වලට විරුද්ධ වීම්, මුදල් ගෙවීම් පැහැර හැරිය නොහැකිය. මුදල් නොගෙවු
පිරිසගෙ නම් ප‍්‍රසිද්ධියේ උදැසන රැස්වීමේ දී කියවීමෙන් අපහසුවට පත්වන්නේ දරුවන්ය.
පසුගිය දිනක මහනුවර කින්ස්වුඩ් විදුහලෙහි ළමුන් 100කට විභාග ලිවීම
අත්හිටුවා තිබිණි. ඒ සඳහා හේතු වී ඇත්තේ පාසල් සංවර්ධන සමතියට අදාළ මුදල්
නොගෙවීමයි. මෙම පීඩාව දරාගත නොහැකි මව්වරු පියවරු නොයෙක් තීරණවලට එලඹෙති ගත් බොහෝ
තීරණ ඛෙදාන්තයකි. බොහෝ දරුවන්ගේ ජීවිත ඉන් අනාථ වී ඇත. එවැනි සිදුවීම් කිහිපයක්ම
පසුගිය දිනවල වාර්ථා විය.
පසුගිය දිනෙක
ආදරනීය මවක් මාතර, නිල්වලා ගගට
පැන සියදිවි නසා ගැනීමට තැත් කළේය. ගස් කැපීම ජීවිකාව කරගත් පියෙක් ගස් කපන
කියතෙන්ම ගෙළ කපාගෙන සියදිවි නසාගෙන තිබිණි. 2017 වර්ෂයට අදාළ පොත්පත්
ආදිය මිලට ගැනීමට නොහැකි විම ඊට හේතු වී තිබුණි. මුදල් ගෙවීමට වත්කම් ප‍්‍රමානවත්
නැත. මුදල් නොගෙවීම
නිසා දරුවන්ද පාසල් නොයයි. එහෙත් පාසල් වලින්
මුදල් අයකිරීම නීතිගත කරන ලදී.
මේ ඔබේ
දරුවාගේ පාසලයි. මෙය රැක ගැනීම අපේ යුතු කමයි. යනුවෙන් කළඑළි
බැස්සේ මෙම තත්වයයි. එහි තරම කෙතරම් ආශ්වාදජනකද කියාතොත් මව්පියවරු පාසල රුකගැනීම
වෙනුවෙන් දිවි පුදකරති. එසේ සිදු කිරීමට බල කර ඇත. පාසල තුළ භෞතික -මානව සම්පත්
සංවර්ධනයෙන් රජය ඉවත් වී ඇත. සැබවින්ම අධ්‍යාපනය සම්බන්ද වගකීමෙන් රජය ඉවත්වෙමින්
ඇත. ඒ සදහා පුද්ගලික අංශයට, ආයෝජකයන්ට
ආරාධනය කර ඇත. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින්, විකුණමින් ඇත. මේ මොහොතේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය එයයි. පාසල
පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස සලකන්නේ ඒ ප‍්‍රතිපත්තිය මත පිහිටමිණි. සැබවින්ම රජය
සිදුකරන්නේ ගුරුවරුන්ට පඩි ගෙවීම පමණි.
පසුගිය දින
කිහිපය පුරාවට පාසල් අසල උද්ඝොෂණ දැකිය හැකි විය. ඊට ප‍්‍රධාන වී තිබු සටන් පාඨ
බොහොමයක් ගුරුවරුන් සම්බන්ධයෙනි. ගුරුවරුන් ඉල්ලා ඇතැම් තැන්වල පාරට බසින ලද
මව්පියන්, තවත් තැනක බොහෝ
අපහසුතා මධ්‍යයේ දරුවන්ට උගන්වමින් සිටි
ගුරුවරයා මාරු කිරීමට විරුද්ධව උද්ඝොෂණය කළ බවත් වාර්ථා විය. රැකියා විරහිත
උපාධිධාරීන් 29000කට අධික ප‍්‍රමාණයක්
ඇතැයි සංඛ්‍යාත්මක ගණන් බැලීමක් සහ රාජ්‍ය අංශය තුළ පරිපාලනය හා අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයෙහි
පුරප්පාඩු 35000 ඇතැයි අධ්‍යාපනය
භාර ඇමතිවරයාගේ ප‍්‍රකාශය තුළින් හෙළි වන්නේ රජය අධ්‍යාපනය පිළිබදව දරණ ස්ථාවරයයි.
එය තවදුරටත් පැහැදිළි වන සිදුවීමක් මාතර, මාවරල පොලිස් බල ප‍්‍රදේශයේ
පාසලක ගුරුවරයෙකු මාරු කිරීමට විරෝධය පලකළ මව්පියන්ට නඩු පවරන ලද බව පසුගිය දින
වාර්තා විය.
එක් අන්තයක
රැකියා විරහිත උපාධිධාරින් රැකියා ඉල්ලමින් අරගලයක නියුතු අතර, අනෙක් අන්තයේ
පාසල් දරුවන් හා මව්පියන් ගුරුවරුන් ඉල්ලමින් අරගලයක නියුක්ත වේ. එහෙත් පුදුම විය
යුතු නැත. මන්ද මේ මොහොතේ පාලකයන්ගේ ප‍්‍රතිපත්තිය මත ඔවුන්ගේ ක‍්‍රියාවන් පදනම්
වන බැවිනි. අධ්‍යාපනය විකිණිය හැකි වෙළද භාණ්ඩයක් කිරීමේ නව ලිබරල් ආර්ථික
දේශපාලණික උපාය මාර්ගය පාලකයන් ක‍්‍රියාත්මක කරමින් සිටී. එහි එක් එක් පැතිකඩ විවර
කරමින් සිටී. ඒ සදහා රාජ්‍ය අධ්‍යාපනය පිළිබදව ජනතා මතය විකෘති කළ යුතුය. නිදහස් අධ්‍යාපනය
ස්ථාපිතව ඇතිතාක් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කල නොහැකිය. මෙවර අයවැයෙන් ඒ සදහා
සාධනීය මැදිහත් වීමක් සිදුකර තිබේ. ගිය වර්ෂයට සාපේක්‍ෂව බිලියන 106ක් අධ්‍යාපන
අමාත්‍යාංශයෙන් කපාහැර තිබේ. එහි ප‍්‍රථිපළ ලෙස දරුවන්ගේ පාසලට ඩෙස් පුටු සෑදිම
වැනි අත්‍යවශයය මූලික කටයුතු පවා දරුවන්ගේ මව්පියන්ට ඉටු කිරීමට සිදුව ඇත. රජය ඒ
වගකීමෙන් නිදහස් වෙමින් ඇත. මෑත දිනක සිරිමල්වත්ත විදුහලෙහි දරුවන් ඉගෙන ගනිමින්
සිටින අතරතුරම වහල කඩාගෙන වැටී දරුවන් කිහිප දෙනෙකු තුවාල ලැබීය. අවශ්‍යය ගුරු
පුරප්පාඩු සම්පූර්ණ නොකර සිටීමෙන් රජයේ පාසල් පද්ධතිය වැසීයාමට, ස්වයං මරණයට
යවමින් සිටියි. රජයේ පාසල්වල පහසුකම් අසම්පූර්ණ වීමෙන් එවා සම්පූරණ කරගැනීමට
මව්පියන්ගෙන් මුදල් අයකිරීමට සිදුවීමත් මුදල අධ්‍යාපනය ලැබීමෙදී සාධකයක් වන විට
අදාළ ගෙවීම් කළ නොහැකි බොහෝ මව්පියන්ගේ දරුවන්ට පාසල තහනම් ප‍්‍රදේශයක් වීම
වැලැක්විය නොහැක. ඔබේ දරුවාගේ පාසලේ ගෙවීම් කල නොහැකි නම් ඔබට දී ඇති විකල්පය
වන්නේත් සියදිවි නසාගැනීම හැර අන් යමක් නොවේ. එසේ නැතිනම් බල්ලන් මරා හෝ සල්ලි
සොයා ගත යුතුය. දරුවාගේ ඉගෙනීම වෙනුවෙන් මව්වරුනට ඇග විකිණිම හෝ පිටරට වහල් සේවය
ඇත. පියවරුනට සොරකම, මැරකම ආදී
නොයෙක් ඉසව් විවෘතව තිබේ. එසේත් නොමැති නම් දරුවන්ටත් වස පොවා තමනුත් වස බී දිවි
තොරකර ගත යුතුය. අර්ධ වශයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය නොවුනු මොහොතක මෙවැනි සිදුවීම්
වාර්තා වන පසුබිමක අනාගතයේදී නිළ ඇදුම සහ පෙළ පොත් ද මිලට ගැනීමට සිදුවෙනු ඇත.
පාසල් ක්ෂේත‍්‍රය තුළ දහසක් ගැටලූ තිබියදී, එකී ගැටලූවලින් පීඩාවටපත් දරුවන්ට, ගුරුවරුන්ට හා
දෙමව්පියන්ට, අධ්‍යාපන
ඇමතිවරයා ප‍්‍රමුඛ ගැටලූව ලෙස හදුනාගත් දැනට පවතින පාසල් නිළ ඇදුම, වෙනුවට
ඉදිරියේදී නොයෙක් වර්ණ වලින් සමන්විත නිළ ඇදුමක් යෝජනා කරයි. අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු
පාලකයන්ගේ දැක්ම, අධ්‍යාපන
ක්ෂේත‍්‍රයෙ අනාගතය පිළිබද කදිම මිම්මකි. එබැවින් ඔබේ දරුවාගේ පාසලයි, මෙය රැක ගැනීම
අපේ යුතු කමක් යැයි පවසන දෘෂ්ටිවාදයෙන් එලියට බැස නිදහස් අධ්‍යාපනය දිනාගැනීමට, අධ්‍යාපනය
වෙළද භාණ්ඩයක් කිරීමට එරෙහි අරගලයට පණ දිය යුතුය.....
0 comments:
Post a Comment