Tuesday, September 18, 2018

පොතක් අරගෙන, සෙල්ෆියක් ගහලා..?


ඉතිං ෙමි ඇරඹුම හුදු සෙල්ෆියක් ගැන කතා කරන්න නම් නෙමෙයි. ජේ ආර්ලා වැපිරූ ( විවෘත ආර්ථීකයේ* බීජවල නිර්වින්දනීය අස්වනු ගැන කතා කරන්න.  සාහිත්‍යය, කලාව කන්නද? සාහිත්‍යය, කලාව ඉගෙනගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න පුලූවන්ද? කියලා එදා ජේ ආර්ලා ඇහුවා. එහෙම ඇහුවා විතරක් නෙමෙයි රසවින්දනය අහිමි, සියලූ හැගීම් විකුණන්න, විකිණෙන්න හැකි ගෙඩාක් මිනිස්සු නිර්මාණය කළා,

විවෘත ආර්ථිකයෙන් අවුරුදු 40 ට පස්සේ අපිට අත්වෙලා තියෙන ඉරණම කොච්චර ෙඛිදනීයද කියලා හිතලා බලන්න  ඕන තරම් උදාහරණ තියෙනවා. ෙමි ගෙවෙන්නේ සැප්තැම්බරයයි. සැප්තැම්බරය කිව්වාම එකපාරටම ඔලූවට එන්නේ, ආාාා... ෙමි සාහිත්‍ය මාසෙනේ කියලා.. දැන් ඉතිං හැම එකකටම ( අම්මට, තාත්තට, ආදරේ කරන්න, පැළ හිටවන්න තව ගොඩාක් තියෙනවා* දින, මාස වෙන්කරලනේ තියෙන්නේ.

ආදරය, පේ‍්‍රමය, දයාව, මනුෂ්සත්වය, සාහිත්‍යය, කලාව, ක‍්‍රීඩාව, වනෝදය සහ සංස්කෘතිය ඇතුලූ සියල්ලෙන්ම අපිව ඈත් කරලා. නරුමයෙක් වෙන්න කියලා බල කරන ආර්ථීකයකට තල්ලූ කරලා. ආදරය ඇතුලූ මුලින් කිව්ව ජීවිතය දින, මාස වලට වෙන්කරලා, ඒ හැගීම් අපිටම විකුණනවා. ධනවාදේ ඔහොම තමයි. ධනවාදෙට කරන්න පුලූවන්කම තියෙන්නෙත් ඒක විතරයි.

ඉතිං මෙහෙම කියාගෙන එනකොට කෙනෙක්ට හිතෙන්න පුලූවන් සාහිත්‍ය මාසේ පොත් ප‍්‍රදර්ශනයකට ගිහිල්ලා, පොතක් අරගන්න එකටත් පට්ට විෙවිචනයක්නේ ෙමි කරන්නේ කියලා. නැහැ ෙමි හුදු විෙවිචනයක් විතරක් නෙමෙයි. අපි ටිකක් නැවතිලා හිතලා බලමු.

පරිභෝජනවාදී සමාජය ඇතුළේ අපිටත් තියෙනවා, අපිත්  කියවනවා, අපි පට්ට පොරවල් කියන සුලූ ධනේශ්වර හා මැද පංතික මිනිසුන්ගේ හිස්කම පුරවන්නක් බවට සාහිත්‍යය මාසේ පත්වෙලා. ඒ හිස්කම සමාගම්කාරයෝ පොත් වෙළදපොළ ඇතුළේ මහා ලාභයක් බවට පත්කරගෙන ඉවරයි.

පොදුජනයාට විෙවිකය අහිමි කරපු ධනේශ්වරය ඇතුලේ සාහිත්‍යයි, මිනිස්සු අතරයි තියෙන්නේ ලොකු පරතරයක්. කම්කරුවන්ට කියවනවා කියන එක පිස්සුවක් මොකද දවසේ වැඩිවෙලාවක් ධනපතියන්ට කඹුරන්න වෙලා තියෙන්නේ. ඉතිං කොහෙද කියවන්න, රසවි`දින්න වෙලාවක්. ගොවියෝ ගත්තත් එහෙම තමයි. ඔවුන්ගේ ජීවිතයයි සාහිත්‍යයි අතර තියෙන්නේ ලොකු පරතරයක්. ශිෂ්‍යයන් තරුණයන් ගත්තත් එහි ලොකු වෙනසක් නැහැ. තමන් ඉගෙන ගන්න විෂය නිර්දේශය හැර බාහිර කලාවන්, සාහිත්‍ය රසවිදින්න වෙලාවක් කොයින්ද? එහෙම තිබුනත් එවැනි සංස්කෘතියකට අපි ගොඩාක් දුරින් ඉන්නේ.

ඒ අතරේ සාහිත්‍යයට නැඹූරු සමාජයකුත් අපි දකිනවා. එත් ඒක කොතරම් සංස්කෘතික එකක්ද කියන එක නම් ප‍්‍රශ්නයක්. එක එක දිනවලට එක එකදේ විනිණෙන සමාජයක, සාහිත්‍යයටත් අත්වෙලා තියෙන්නේ ඒ ඉරණමම තමයි, ටෙ‍්‍රන්ඞ් එකට ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චිකරනවා වගේ සාහිත්‍යය මාසේ පොත් ප‍්‍රදර්ශනවලට ගිහිල්ලා පොතක් දෙකක් අරගෙන සෙල්ෆියක් ගහලා බුකියට දාලා ඒ කතාව අහවර කරනවා. එහෙම නැත්නම් පොත් මිටියක් අරගෙන ගෙදර අල්මාරියේ තැම්පත් කරලා තියනවා. අප එතනින් ඔබ්බට යායුතුව ඇත.

ඉතිං ෙමි සටහන නිමා කරන්න කලින් අපි ඔබට පුංචි යෝජනාවක් කරනවා. වඩා මානුෂීය සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීම අනිවාර්යෙවි. එය ගොඩනැගීමට නම් සංස්කෘතික ජනසමාජයක් ගොඩනැගිය යුතු වෙනවා. එහෙම නැතිව එම සමාජය ගොඩනැගීම  අසීරුයි. මොකද පාලකයන්ට  ඕන වල්වැදුන සමාජයක්. එතකොට තමයි ඔවුන්ට පුලූවන් වෙන්නේ තමන්ගේ රූකඩ විදිහට ජනතාව නටවන්න. එබැවින් සටන් සගයිනි, වඩා සංස්කෘතික ලෝකයක් ගොඩනැගීමෙදි හා පරිවර්තනීය ලෝකයක් ගොඩනැගීමට කලාවෙන් සාහිත්‍යයෙන් බොහෝදේ කල හැකිය. පුෂ්කින්ලා, මායාකවුස්කිලා වගේම තෝල්ස්තෝයිලත් මෙ සමාජයට ඔන කරනවා. ඒ වගේම එවැනි නිර්මාණ රසවිදින සමාජයකුත් අපට  ඕන. ඒනිසා පොතපත කියවන සාහිත්‍යය රසවිදින සමාජය වඩා පුලූල් කිරීමෙ වැඩපිළිවෙළට අප මැදිහත් යිය යුතුය. ගෙදර, මිත‍්‍රයින්,  කාමර සගයින්, වැඩපොළ, බස්රිය, ගොවිපළ ෙමි හැම තැනකටම පූර්ව සංස්කෘතිය ගෙනයායුතුව ඇත. එබැවින් ඒ වෙනුවෙන් කලහැකි උපරිමය අපි කරමු.

0 comments:

Post a Comment