Tuesday, October 16, 2018

වේදිකාව මත ර`ග දැක්වෙන දේශපාලන නාට්‍ය වෙනුවට වේදිකාවේ තිරය පිටුපස සිදුවන්නේ කුමක්ද?


01. ෙමි මොහොතේ රෙටි පවතින දේශපාලන තත්වය, පෙරටුගාමි සමාජවාදී පක්ෂය කොහොමද විග‍්‍රහ කරන්නේ?

මේ වෙලාවෙ පවතින දේශපාලන තත්වය  මොකක්ද කියලා කිව්වට පස්සේ පොදුවේ මතුපිටින් පේන දේවල් ටිකක් තියනවා. ආණ්ඩුව ඇතුළේ ප‍්‍රතිවිරෝධයක් තියෙනවා රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රීපාල සිරිසේන අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලෙ ප‍්‍රතිවිරෝධයක් තියෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර, මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය තුළ නැවත ප‍්‍රතිවිරෝධයක් තියෙනවා මහින්දගේ කණ්ඩායම සහ ගෝඨාභයගේ කණ්ඩායම කියලා. එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ ප‍්‍රතිවිරෝධය තියෙනවා රනිල්ගෙ කණ්ඩායම සහ සජිත්ගෙ කණ්ඩායම  කියලා.

දෙමළ ජාතික සන්ධානය තුළ පවා ප‍්‍රතිවිරෝධයක් තියෙනවා. සම්බන්ධන්, සුමන්දිරම් පාර්ශවය සහ විග්නේශ්වරන්ගෙ පාර්ශවය විදියට. සාමාන්‍ය දේශපාලනය ගැන ගොඩක් අය වටහා ගන්නේ මේ වේදිකාව උඩ යන නාට්්‍යය. ඒ නාට්‍යයේ තියෙන්නෙ  හැම කෙනාම අනිත් කෙනාට විරුද්ධව කඩුව උස්සගෙන  ගනු කඩුව එනු සටනට කියල සටන් කරන අභියෝග කරන  තත්ත්වය තමයි පේන්න තියෙන්නෙ. වේදිකාව උඩ ඒ සටන අරගලය පේන්න තියෙද්දි වේදිකාව පිටුපස වෙන්නෙ මේ ඔක්කොමලා අතට අත දීල බදාවැළදගෙන එකම ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. ඔවුන් පහුගිය අවුරුද්දේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත එන වෙලාවේ මේ ඔක්කොම එකට එකතුවෙලා ඒකට අත ඉස්සුවා. ඊට පස්සේ ඒ මැතිවරණය කල්දාන්න  ඕන වෙනකොට සීමා නිර්ණය කමිටුවේ වාර්තාවට පස්සේ ඒ   වාර්තාව පාර්ලිමේන්තුව එක්කෙනෙක් වත් නැතුව සියලූදෙනා  විරෝධය පළ කලා. ජනතා විමුක්ති පෙරමුණ වගේ එකක් විරුද්ධව ජන්දය දෙන්නෙත් නැතිව පක්ෂව දෙන්නෙත් ඇතිව මගඇරල ගියා.

කොතලාවල ආරක්ෂශක විශ්වවිද්‍යාල පනත වගෙ  නිදහස් අධ්‍යාපනයට අතිශය හානිකර පනතක් එද්දි පාර්ලිමෙන්තුවෙ එක මිනිහෙක් හිටියෙ නෑ ඒකට විරුද්දව අත උස්සන්න. මේ ඔක්කොම එකට එකතු වෙලා අත ඉස්සුවා. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රශ්න අහන්නේ නැතුව බෑ කියන්නෙත් නැතුව වැසිකිලියේ පාර්ලිමේන්තු ආපනශාලාව හැංගිලා හිටිය.

  එතකොට දැන් තියෙන තත්වය තමයි තිරය පිටුපස තියෙන්නෙ. එකගතා, සම්ම්මුති සහ බදා වැළදගැනීම්. එහෙම වෙන අතර පේ‍්‍රක්ෂකාගාරයට මොකද වෙලා තියෙන්නෙ. දැන් මාධ්‍ය හරහා මේ එකිනෙකාගෙ කඩු ෆයිට් දිහා බලාගෙන ඉන්න පේ‍්‍රක්ෂකාගාරය ඉතාම බරපතල ජීවන අර්බුධයකට ඇදවැටිල තියෙනවා. බරපතල සංස්කෘතික අර්බුධයකට ඇදවැටිල තියෙනවා. මහා දැවැන්ත පාරිසරික විනාශයක් විසින් මුළු මිනිස් සංහතියෙම අවසානය ලගා කරන තත්වයක් ලෝකය පුරා ඇතිවෙමින් තිබෙනවා. ඒක නිසා අපි හිතනවා වේදිකාව මත රග දැක්වෙන දේශපාලන නාට්‍ය වෙනුවට වේදිකාවේ තිරය පිටුපස සිදුවනේ කුමක්ද? වේදිකාව මත සිදුවන දේවල් දිහා බලාගෙන 
ඉන්න පේ‍්‍රක්ෂකයාත් එයාගෙ තත්වය මොකද්ද කියන එක පිළිබදව සංවාදය පෙරටගත යුතුයි කියලා. ඒ නිසා වර්තමාන දේශපාලන තත්වය කුමක්ද කියල ඇහුවට 
පස්සෙ සාමාන්යෙන් සාකච්ඡුා වෙන්නෙ 
වේදිකාව උඩ යන නර්ථනය. ඒ වෙනුවට තිරය පිටුපස සහ පේ‍්‍රක්ෂකාගාරය තුළ සිදුවන සංවාදය පෙරට ගතයුතුයි. 

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට එම සංවාදය පෙරට ගැනීම සදහා, ඒ පැත්තට ආලෝකය එල්ල කිරීම සදහා කළයුතු කටයුතු කරමින් ඉන්නවා. ඒවා වේදිකාවේ පිටුපස සහ පේ‍්‍රක්ෂකාගාරය අදුරේ ගිලිලා තියෙන්නෙ. ආලෝකකරණය කරල තියෙන්නෙ වේදිකාව මතුපිට විතරයි. ඒ නිසා එම ආලෝක කදම්භයන් වේදිකාව පිටුපසට සහ පේ‍්‍රක්ෂකාගාරය වෙත යොමුකිරීම තමයි අපේ දේශපාලන අරමුණ විදියට තියෙන්නෙ.

02. වර්තමානයේ පොදු ජනතාවට විශේෂයෙන් අභියෝග වන ගැටලූ මොනවද?

අභියෝග සහ ගැටළු ගණනාවක්ම තියෙනවා. අපි ලොකු ආර්ථික විද්‍යාත්මක සමාජ් විද්‍යාත්මක න්‍යායන් පැත්තකින් තිබ්බොත් රටේ සාමාන්‍ය ජනතාව සියලූදෙනාට දැන් දැනෙමින් යනවා දැන් ජීවත්වෙන්න බැහැ කියලා. ජීවන බර අධිකයි, ජීවත්වෙන්න බෑ. ජීවත්වීම වෙනුවෙන් ඉතා අධික කාලයක් වැඩ කිරීමට සිදුවෙලා තියෙනවා. ඒක විසින් විවේකය විනෝදාස්වාදය, සමාජ ඇසුර, පවුලෙ මිනිස්සු ඇසුර, මිතුරන් ඇසුර, සියලූ සමාජීය සම්බන්ධතා, මානව සම්බන්ධතා අතහරින්න වෙලා  තියෙනවා. දැන් මිනිස්සු තිරිසන් සතුන් ගානට ඇද වැටෙන මට්ටමට සංස්කෘතියෙන් ඈත්කරල තියෙනවා. එහෙම කරලත් සල්ලි හෙව්වට පස්සෙ ඒකෙන් අඩුමගානෙ අවම පෝෂණ මට්ටමවත් සපුරගන්න බෑ. දැන් මෑතකදි කියල තියෙනවා අර ඉස්කෝලෙ උගන්වන විදිහෙ සමබර ආහාර වේල ගන්න නම්, මාසෙකට හතර දෙනෙක්ගෙ න් යුක්ත පවුලක් අඩුමගානෙ ආහාර සදහා පමණක් රුපියල් 25000ක් වියදම් කරන්න  ඕන කියලා. කිසිම පවුලක් ආහාර සදහා 25000ක් වියදම් කරන්නෙ නෑ. ඒ කියන්නෙ නිශ්චිත වශයෙන්ම නියමිත පෝෂණ මට්ටමට අඩුවෙන් තමයි අපේ රටේ ජනතාව ජීවත්වෙන්නෙ. එතකොට ඒ තත්වය විසින් සෞඛ්‍ය ප‍්‍රශ්ණ ඇතිකරල තියෙනවා. ඒ තත්වය විසින් සමාජීය ප‍්‍රශ්ණ ඇතිකරල තියෙනාවා. අනිත් ඇත්තෙන් මිනිස්සු මුහුණදෙමින් ඉන්න මහා පීඩනය විසින් මානසික රෝග, අපරාධ, සියදිවිනසාගැනීම් බහුල වෙලා තියෙනවා.

ලංකාවෙ සමාජය මුහුණදීල තියෙන තත්වය ගැන වෙන මොකුත් උදාහරණ  ඕන නෑ, අගමැතිතුමා පාර්ලිමේන්තුවෙදි කිවුවා ජනගහනයෙන් 40%කගෙම දෛනික ආදායම රුපියල් 300ට වඩා අඩුයි කියලා. ඒ අතර සමීක්ෂණ වාර්ථා සදහන් කරනවා ප‍්‍රකෝටිපතියන් වැඩිම වේගයකින් වර්ධනය වන නගර අතර කොළඹ නගරයට දෙවන ස්ථානය හිමිවෙලා තියෙනවා කියලා. ඔන්න ඔහොම විශමතාවයක් තමයි රට ඇතුළෙ තියෙන්නෙ. තවත් පැත්තකින් ගත්තට පස්සෙ සුවපතිල කියල සෞඛ්‍ය ඇමතිල කිරුළු පළදද්දි රටේ හදුනා නොගත් වකුග ඩු රෝගයක් මගින් ජනතාව දස දහස් ගණනින් මියයමින් ඉන්නවා. ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් පවා නැහැ. 
අධ්‍යාපනය මුළුමණින්ම විනාශ වෙලා. ශිෂ්‍යන්ට අධ්‍යාපනය ප‍්‍රශ්ණයක් බවට පත්වෙලා අර්බුධයක් බවට පත්වෙලා ශිෂ්‍යන්ට ජීවිතය එපාවෙන තත්වයට අධ්‍යාපනය පත්වෙලා තියෙනවා.

ශිෂ්‍යයො මුහුණදෙන ලොකුම ප‍්‍රශ්ණය නවක වධය කියල තමයි කතා කරන්නෙ.  නමුත් අපේ රටේ ජනතාව දන්නවා ගම් වල ශිෂ්‍යයො ඉන්නවා,ගම වල ඉන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යගෙන් අහල බලන්න ඒ ගොල්ලන්ට තියෙන ප‍්‍රශ්ණය මොකද්ද කියල. ඒ ගොල්ලන්ට තියෙන ප‍්‍රශ්ණ මහ විශාල ප‍්‍රමාණ්යක් තියෙනාවා. ඒකට මේ ලොකු සමීක්ෂණ කරන්න  ඕනත් නෑ, ඒකට වාමාංශිකයො විමසන්න  ඕනත් නැහැ, ගමේ ඉන්න ශිෂ්‍යගෙන් අහල බලන්න එයාට තියෙන ප‍්‍රශ්ණය නවකවදයද, නැනිනම් වෙන ප‍්‍රශ්ණයක්ද තියෙන්නෙ කියල. ඉතින් ඒක නිසා මේ මාධ්‍ය විසින් ඔසවන් යන ප‍්‍රශ්ණ නෙවෙයි ජනතව ඉතාම බරපතල අර්බුධයක ගිලිලා තියෙනවා.

 අපේ රටේ වැඩිහිටි ජනගහණයෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයකුට මානසික රෝගී තත්වයක් තියෙනාවා. ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ දෙවන ස්ථානයට පත්වෙලා තියෙනවා. මේ සියල්ල විසින් පෙන්වන්නෙ සමාජයක් ලෙස අප බිදවැටෙමින් පවතිනවා, සමාජයක් ලෙස විනාශවෙමින් පවතිනවා. ඒ නිසා මේක නැවත සමාජයක් ලෙස ගොඩනගන්නේ කොහොමද? එක ත්මයි අප ඉස්සරහා තියෙන අභියෝගය විදියට තියෙන්නෙ.

03. ජනමාධ්‍යය, ධනේශ්වර හා සුලූ ධනේශ්වර පක්ෂ 2020 ගැන ලොකු ප‍්‍රචාරණයක් 
ගෙනියනවා. ඒ ගැන සහ 2020 ගැන ඔබ පක්ෂයේ අදහස කුමක්ද?

ඇත්තටම අපේ අදහස තමයි ඔය විස්සයි විස්ස කියන මහ මැතිවරණයෙන්, ,ජනාධිපතිවරනයෙන් රටේ ජනතාව මුහුණදෙන තත්වයන්ගේ කිසිදු වෙනසක් සිදුවෙන්නේ නැහැ. මොකද දැන් සාකච්ජාවෙමින් තියෙන්නෙ ජනාධිපත්වරණ අපේක්ෂකයා කවුද?එක කාලයක් කිය කිය හිටිය ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ එනවා කියල ,ඊට පස්සෙ ගෝඨා එනෝ..ගෝඨා එනෝ..කියල හැමෝම කෑ ගහන්න පටන්ගත්තා. ධනේෂ්වර පක්ෂ, සුළු ධනේශ්වර පක්ෂ සේරම කෑගහන්න ගත්තා. රොහාන් පල්ලෙවත්ත කියල කෙනෙක් එනවා එයා මුළු ලංකාවෙම ණය එකදවසින් ගෙවන්න පුළුවන් විදියෙ කෝටිපතියෙක් කියල. එයා එක සම්මුඛ සකච්ජාවයි පත්තරේට දුන්නෙ ඔක්කොමල දැනගත්තා ණය ගෙවන්න නෙවෙයි මිනිහට අඩුමගානෙ ව්‍යාපාරයක් කරගෙන යන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නැහැ. 

ඊට පස්සෙ සුපිරිතරු සංකල්පයක් එකපාරටම ඉස්සරහට ඇවිල්ලා   කිවුවා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය එනවා කියල රාවයක් ගියා, ඊටපස්සෙ අර පහුග
ියකාලෙ වාචාල විදියට කෑගහල වෙනත් අයට අපහාස කරල ජනප‍්‍රියතාවයට පත්වෙච්ච ක‍්‍රප‍්‍රකට වෙච්ච නාගානන්ධ නීතීඥ්වරය ජනාධිපතිවරණයට එනව කියල සාකච්ජා ගියා. අවසානයේ දී හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවා දේශපාලනයට එනව කියල කටකතා ගියා.මේ ඔක්කොම අස්සෙ මහිද රාජපක්ෂ ඉස්සරහට ඇවිල්ල කියනවා එයාට නැවත වතාවක් ජනාධිපතිවරණයට පෙනී ඉන්න පුළුවන්ද කියල ශේෂ්ඨාධිකරණයේ මතය විමසනවා කියල. එක්සත් ජාතික පක්ෂය දැන් අපිට හැංගිමුත්තන් සෙල්ලමක් දීල තියෙනවා.

අර සැගවුණු අමුත්තා තේරීම වගේ අවුරුදු උත්සව වල, එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ද එන්නෙ නොවන කෙනෙක්ද කියල දැන් අපෙන් අහමින් ඉන්නවා.දැන් මේ ඔක්කොම ඇතුළෙ හදන සාකච්ජාව ත්මයි ජනාධිපතිවරණයක් ආවොත් අපේක්ෂකයා කවුද කියන එක. මෙතන ප‍්‍රශ්ණය අපේක්ශකයා කවුද කියන එක නෙවෙයි. මෙතන ප‍්‍රශ්ණය තමයි කවුරුහරි ඒ එන අපේක්ෂකයා දියත් කරන ප‍්‍රතිපත්ථිය මොකද්ද කියල. හැමදාම 2015ත් වුණෙත් ඒකනෙ. රටේ ප‍්‍රතිපත්තිමය සංවාදය මුළුමණින්ම යටපත් කරල ඒ වෙනුවට මූණුමරුව පිළිබදව සංවාදයක් ආව. ඒකෙ ප‍්‍රතිඵලය තමයි, ඉතිහාසයේ අපි දැකල තියෙන විසුළුකාරීම තත්වය පසුගියකාලෙ ඇතිවුණා, මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය රනිල් වික‍්‍රමසිංහ මහත්තය එකතුවෙලා ආණ්ඩුවක් හැදීම ඇතුලෙ.
ඒ අර්බුධය පාවිච්චි කරමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍ර විරොධී, ජාතිවාදී කල්ලිය නැවත බලයට ඒමට උත්සාහ කරමින් ඉන්නවා.

 මේ ආණ්ඩුවේ නව ලිබරල් ප‍්‍රතිපත්ථිය සම්බන්ධව ගොඩනැගී ඇති ජනතා විරෝධය තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට දැන් මේ වගේ තත්වයක් තියෙද්දි අපි ජනතාව සැලකිළිමත් වෙන්න  ඕන ජනාධිපතිවරණයට එන අපේක්ෂකය කවුද කියන එක නෙවේ, ඒ එන අපේක්ෂකයගේ ප‍්‍රතිපත්ථිය මොකද්ද කියන එකයි. නැතිනම් 2015 දි වගේම නැවත ප‍්‍රථිපත්ටි මාරුවක් වෙනුවට මූණු මාරුවක් බවට පත්වෙනවා. දැන් මේ විනාශකාරී ජනතා විරෝධී සමාජ ද්‍රෝහී ප‍්‍රතිපත්ථිය, මේ සමාජ ආර්ථික සංස්කෘතික ප‍්‍රතිපත්ථිය, මේ නවලිබරල් ධනවාදී ප‍්‍රතිපත්ථිය ඉදිරියට ගෙනයන්න කවුද එන්නෙ කියන එක අදාලම නෑ. කවුරු ආවත් ඉතාම ප‍්‍රචණ්ඩ ආකාරයෙන්,ජනතාවගේ අයිතීන් විනාශ කරමින් බුල්ඩෝසර් කරමින් තමයි මේ ප‍්‍රතිපත්ථි ක‍්‍රියාවේ යොදවන්නෙ. ඒ නිසා දැන් ප‍්‍රශ්නෙ විස්සයි විස්සෙ මොකද වෙන්නෙ කියල ඇහුවොත් එහෙම එන්නෙ කවුද අපේක්ෂකයො කවුද කියන සංවාදය වෙනුවට කුමන ප‍්‍රතිපත්තියද පෙරට ගතයුත්තේ කියන දේශපාලන සංවාදය ආරම්භකල යුතුව තිබෙනවා. සමාජගත කලයුතුව තිබෙනවා. මේ දිනවල අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ ප‍්‍රතිපත්ථිමය සංවාදය සමාජගත කිරීම සදහා අපේ උපරිම පරිශ‍්‍රමය දරමින් ඉන්නවා.

04. ෙමි පවතින ආර්ථික අර්බූදය විස`දන්න සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුාවක් මතුකරමින් තියෙනවා. ඒක විකල්පයක්ද?

ඇත්තටම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සංවාදය 2020 දී නිර්මාණය කිරීමේ හැකියාව අහෝසිවෙලා තියෙන්නෙ. ඒක කරන්න යන අයට ඒක තේරෙන්නෙ නැත්ද දන්නෙ නෑ, එහෙම සාකච්ජාවක් තමයි 2015 දි නිර්මාණය කලේ. මොකද ලෝකයේ දේශපාලන විකල්ප විදියට මොනවද තියෙන පාරවල් කියල ගත්තොත්, කොල්ලකාරී නවලිබරල් පාර තියෙනවා, තව දශක ගණනාවක යුද්ධයකට රට ඇදගෙන යා හැකි ජාතිවාදී ,ආගම්වාදී, ගෝත‍්‍රවාදී  විනාශකාරී මාවත තියෙනවා, ඊටපස්සෙ ඔය කියන ඊනියා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර තියෙනවා. අනික් පැත්තෙන් වාමාංශික දේශපාලනය සමාජවාදී මාවත තියෙනවා.

 එතකොට දැන් මේ වෙද්දි නවලිබරල් ප‍්‍රතිපත්ථිය සහ ජාතිකවාදී ප‍්‍රතිපත්ථිය කියන්නෙ එකම කාසියක දෙපැත්ත වගේ මේ දෙකටම ජනතාවගේ කිසිදු සරල ප‍්‍රශ්ණයක්වත් විසදන්න බෑ කියන එක තහවුරුවෙලා ඉවරයි. 2015 දී ඔය කියන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඔය කියන ලිබරල් ප‍්‍රතිපත්ථිය කියන එක ඉස්සරහට ගෙනාවෙ යහපාලනය නීතියේ ආධිපත්‍ය වංචා¥ෂණ වැළැක්වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ සටන් පාඨ ගෙනාවෙ ලංකාවෙ ජන සමාජය ඇතුළෙ එවැනි විභවයක් ඇති කියල හිතාගෙන, හැබැයි 2015 ඉදල මේ ගෙවිච්ච අවුරුදු තුන හමාර ඇතුලෙ ඔප්පුවෙලා තියෙනවා තවදුරටත් ලිබරල් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතක් කියල එකක් නෑ කියලා, ඉතුරිවෙලා තියෙන්නෙ ඒ ගෝල්ලන්ට එක්කො නවලිබරල් පාර නැතිනම් ජාතිකවාදී පාර ඒ නිසා දැන් 2020 දි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියල සංවාදයක් නෑ. 

සමහර අය, දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ උත්සාහ කරනවා වාමාංශික මුහුණුවරකින් ලිබරල් අදහස් ගේන්න, නමුත් ඒක පවා සාර්ථක නෑ. කිසිම සමාජ ආකර්ශණයක් එන්නෙත් නෑ. ඒ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සමාජ ප‍්‍රජාතත්ත‍්‍රවාදය අවසන්. දැන් තෝරග න්න තියෙන්නෙ ජනතාවට එක්කො කොල්ලකාරී නව ලිබරල් ප‍්‍රතිපත්ථිය ,එහෙම නැතිනම් මිනීමරු විනාශකරී ජාතිකවාදී ප‍්‍රතිපත්ථිය. එහෙම නැතිනම් පහල පාංතික ජනතාවගේ ජීවිත ඒ අයගෙ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික දේශපාලනයේ මාවත. අපි හිතනව ඔය මාවත් තුනෙන් වාමාංශික දේශපාලනයේ මාවත තෝරාගැනීම පැත්තට සමාජය තල්ලූ කරන එක සමාජයට ඒකට  ඕන කරන ප‍්‍රඥාව ,ඉවසීම සහ ධෛර්ය්‍ය සපයන එක තමයි පෙරටුගාමීන්ගේ කාර්ය්‍ය. එහෙම නැතිව නව ලිබරල් එකට විරුද්ධව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ තවත් එවැනි දක්ශිනාංෂික වැඩපිළිවෙලක් ඔසවා තැබීම නෙවෙයි.

05. එසේනම් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන විකල්ප වැඩපිළීවෙළ සහ ප‍්‍රතිපත්තිය කොහොම එකක්ද? 

ඇත්තටම මේ මොහොතේදි අපි උත්සාහ කරන්නෙ නෑ සමහර වාමාංශික දේශපාලනික පක්ෂ පවා උත්සාහ කරන එක එක ක්ෂේත‍්‍ර වල විශේෂඥයො කැදවල, ඔය ඊනියා විද්වතුන් කියන අය කැදවල ඒ ගොල්ලන්ගෙ කමිටු හදල මේ ප‍්‍රශ්ණ වලට උත්තර හොයන්නෙ කොහොමද කියල බලන්න. ඇත්තටම එහෙම අවධියක් නෙවෙයි අපි දැන් මේ මුහුණ දීල ඉන්න අවදිය. එකක් තමයි රාජ්‍යයේ මූලික ප‍්‍රතිපත්ථිමය පදනම් කියන එක නිරවුල් කල යුතුයි. ඒ සදහා මැදිහත් වියයුතුයි. උදාහරණයක් ලෙස ආර්ථිකය ගත්තොත් බදු ප‍්‍රතිපත්ථිය කුමක් වියයුතුද?විදේශීය වෙළදාම පිළිබද ප‍්‍රතිපත්ථිය කුමක්ද? ආර්ථිකයේ සැබෑ වටිනාකම් උත්පාදනය කරන නිශ්පාදන ක්ෂෙත‍්‍රය සහ ඒකට අදාල සේවා ක්ෂෙත‍්‍රයන් සහ ඒකට අදාල නොවන මූල්‍ය සේවා ක්ෂෙත‍්‍රයන් අතර සමතුළනය පවත්ව ගන්නෙ කොහොමද.? ඔන්න ඔය ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබාදිය  
යුතුයි. 

පාරිසරික ක්ෂෙත‍්‍රය ගත්තොත් එහෙම දැවැන්ත මෙගා සංවර්ධන ව්‍යාපෘති කියන ඊනියා සංවර්ධන ව්‍යාපෘති නිසා සිද්ධ වන විනාශයට එරෙහි විකල්ප සංවර්ධන වැඩපිළිවෙළ මොකද්ද කියල තීරණය කරන්න  ඕන. ජාතිවාදයට ජාතික පීඩනයට එරෙහිව ඊට වඩා වෙනස් වැඩපිළිවෙලක් මත සමාජය එකමුතු කරන්නෙ කොහොමද? සමාජය සමගි කරන්නෙ කොහොමද? කියන එක අපි සාකච්ඡුා කරන්න  ඕන. ජනතාවගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කියන්නෙ ඔය දක්ශිණාංෂික දේශපාලඥ්යන් විසින් උපුටා දක්වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණද එතනින් එහා ගිය සමාජ් ආර්ථික නෛතික දේශපාලනික පාරිසරික සහ සංවර්ධන සාමානාත්මතාවයද ඒ පිළිබදව ප‍්‍රතිපත්ථිය නිරවුල් කලයුතුව තියෙනවා.

 ඉතින් ඒ වගේම අපි හිතනවා මේ ප‍්‍රශ්ණ විසදන්න පුළුවන් මේ ප‍්‍රශ්ණ වලට ගොදුරු වූ පහළ පාංතික ජනතාව සමාජයේ තීන්දු තීරණ ගන්න තැනට හවුල් කිරීමේන්.
උදාහරණයක් ලෙස කෘෂිර්මාන්තය සදහා ප‍්‍රතිපත්ථිය කුමක්ද කියල තීරණය කරන්න කෘෂිි විද්‍යාඥ්යො විතරක් එකතු කරල කමිටු හදල හරියන්නෙ නෑ. ගොවියන්ගෙන් විමසන්න  ඕන කෘශිකර්මාන්තයේ ප‍්‍රශ්ණ විසදන්න  ඕන කොහොමද කියල, සහල්, එළවළු පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙ න් විමසන්න  ඕන මොන විදියකටද මේ ප‍්‍රශ්ණ විසදන්නෙ කියල .ඒකට තමයි අර විශේෂඥ දැනුම එකතු කරන්න  ඕන. ප‍්‍රවාහන ප‍්‍රතිපත්ථිය තීරණය කිරීමේ ස්ථාන වල ප‍්‍රවාහන සේවකයන් සහ මගීන් නියෝජනය කරන පිරිස් ඉන්න  ඕන. ඉතින් අපි සමාජවාදය කියල කියන්නෙ මේ සියලූ දේවල් පිළිබදව රාජ්‍ය ප‍්‍රතිපත්ථි තීරණය කිරීමට පහත මාලයේ ජනතාව සමාජයේ පහළ පඃන්තියේ ජනතාව සම්බන්ධවෙන සහභාගීවෙන එක. 
ජන සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක්. ඉතින් ඔන්න ඔය ප‍්‍රතිපත්ථිමය පදනම සකස් කිරීම ඇරෙන්න ඒක එක ක්ෂෙත‍්‍ර සම්බන්ධයෙන් සන්වර්ධන සැළසුම් හදනව කියන එක දැන් අප සමාජයක් ලෙස මුහුණදීල ඉන්න කිසිදු ප‍්‍රශ්ණයක් විසදෙන්නෙ නැහැ .ඒ නිසා ඉදිරි කාලයේ ඇතිවන ප‍්‍රථිපත්තිමය සඃන්වාදය ඉලක්ක කරගෙන අපි පෙරටුග ාමී සමාජවාදී පක්ෂය ලෙස මෙන්න මේ මූලික ප‍්‍රඨ්්‍යඉපත්තිමය පදනම් ලිහා ගන්නෙ කොහොමද? ඒවට අදාල සමාජය විශේෂයෙන් වැඩකරන පඃන්තිය එළඹිය යුතු ආස්ථානයන් මොනවද කියන එක දැවන්ත සමාජමය සඃන්වාදයක් සම්මජ්ගත කරන්න බලාපොරොත්ටුවෙන් ඉන්නවා. ඒ සදහා දැනටමත් කෘතියක් සකස්කෙරෙමින් පවතිනවා. ඒ කෘතිය එළිදැක්වීම එය පදනම් කරගෙන සමාජයේ සියළු ක්ෂේත‍්‍ර කරා විහිද යන සම්මන්ත‍්‍රණ වැඩමුළු එවැනි සඃන්වාද මාළාවන් හරහා මේක සමජගත කරන්න ඒ සදහා සමාජ බලයක් ගොඩනගන්න උත්සාහ කරමින් ඉන්නවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩපිලිවෙළ ඒක. ඒක හුදු 2020 ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක උපායමාර්ගික වැඩපිළිවෙලක්. ඒක මේ පවතින සමාජය වඩා හොද සමාජයක් කිරිම සාදහා ඒක කරන්න මේ ඉන්න මිනිස්සු මීටවඩා දේශපාලනික, මීට වඩා ප‍්‍රඥාසම්පන්න, මීටවඩා විචාරශීලී මිනිස්සු බවට පත්කරන්න කරන දේශපාලනයක්.

පුබුදු ජයගෙඩ සහොදරයා     අධ්‍යාපන ලේකම්     පෙරටුගාමී සමාජවාදී පක්ෂය

0 comments:

Post a Comment