මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කල යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ඒ අනුව 2c හා 1S සමර්ථය යන අවම ප්‍රමිතිය බවට පත් වේ.
මේ කලබලයේ අවම ප්‍රමිති සම්මත කරගන්නේ කුමටද?
වෛද්‍ය උපාධි සඳහා අධ්‍යාපනය ලැබීමට මේ වන විට ප්‍රධාන වශයෙන් බඳවා ගැනීම් සිදු කරනුයේ මෙරට රජයේ වෛද්‍ය පීඨ 8 සඳහාය. ඊට අමතරව වෛද්‍ය සභාවේ අනුමැතියට සහිත විදෙස් විශ්වවිද්‍යාල වල උපාධි ලාභීන් ERPM විභාගයට මුහුණ දීමෙන් අනතුරුව වෛද්‍ය වෘත්තියට ඇතුලත් කර ගැනේ. රජයේ වෛද්‍ය පීඨ වලට බඳවා ගැනීමේදී සෑම වසරකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් අවම සුදුසුකම් (කඩඉම් ලකුණු) නිර්ණය කරනු ලබන අතර වෛද්‍ය පීඨ වලට සිසුන් බඳවා ගැනීම සිදුවන්නේ අනුවයි. එසේ නම් හදිසියේ තවත් අවම ප්‍රමිතියක් සම්මත කරගැනීමේ වුවමනාවක් නැත.
එසේ අවශ්‍ය වන්නේ රජයේ වෛද්‍ය පීඨ වල බඳවා ගන්නා ක්‍රියා පිළිවෙතට පිටින් වෛද්‍ය උපාධි ලබාදෙන ආයතන පවතින්නේ නම් පමණි. දැනට මෙරට තුල වෛද්‍ය උපාධි ලබා දෙන කිසිඳු පෞදගලික ආයතනයක් නොමැත.
සයිටම් ගැටලුව පවතින කාල වකවානුවේ රනිල් මෛත්‍රී ආණ්ඩුවද කඩිමුඩියේ මෙම අවම ප්රමිතීන් ගැසට් කිරීමට උත්සාහ ගනු ලැබුවේ ද පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පාර කැපීම සඳහාය.
විදෙස් විශ්විද්‍යාල වල අධ්‍යාපනය සඳහා පිටත් වන යන අයවලුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වල ගැටලුවක් පවතී නම් එය පරීක්ෂා කිරීමේ විධිමත් ක්‍රම වේදයක් සකස් කිරීම වෙනම කාරණයකි. නමුත් මේ අවම ප්‍රමිතිය ප්‍රකාශ කිරීමේ අරමුණ එය නොවන බව පැහැදිලි වන්නේ දැනට අවම සුදුසුකම් නිර්ණය කිරීමේ පොදු ක්‍රම වේදයක් පවතිද්දී මෙය ප්‍රකාශ කිරීමයි.
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය විනාශ වන්නේ අවම ප්‍රමිතිය ගැසට් නොකිරීමෙන් නොව අවම ප්‍රමිතිය ගැසට් කර අධ්‍යාපනය විකිණිමට පාර කැපීම හරහාය.
එසේ නම් කල යුත්තේ අධ්‍යාපනය විකිණීම නවතා රජයේ වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීමට අදාල ප්‍රතිපාදන වැඩි කිරීමයි. නමුත් 2021 සඳහා ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන රු බිලියන 40 කින් කපා දමා ඇත.
එසේ නම් අධ්‍යාපනය සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිය. කලක් තිස්සේ අධ්‍යාපනය විකිණිමට නීත්‍යානුකූල භාවයක් ලබා ගැනීමට නොහැකිව සිටි ආණ්ඩුව ක්‍රමයෙන් එම බාධාවන් ඉවත් කර ගනිමින් සිටී
0 comments:
Post a Comment