ලංකාවේදී කොරෝනා රෝගී තත්වය හඳුනාගැනීමට ප්‍රතිදේහ ජනක පරික්ෂා කිරීමේ උපකරණ(Rapid Antigen Test Kit) කට්ටල දකුණු කොරියාවෙන් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.මෙය සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව තිබෙන බව මාධ්‍ය හමුවක් කැදවමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
මෙම පරික්ෂණ ක්‍රමය මගින් ලංකාවේදී කෝවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමට හැකිදැයි නිගමනය කිරීමටසෞඛ්ය අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කර එහි නිර්දේශ ලබාගැනීමට කටයුතු සූදානම් කරතිබූ අතර,
මූලික ගැටළුව වන්නේ එවැනි කමිටුවක නිර්දේශ පැය 48ක් වැනි කාලයක් තුළ ලබාදිය හැකිව තිබිය දී එම නිර්දේශ තවමත් ලබාදී නැත්තේ ඇයිද යන්නයි.
වෛද්‍ය අංශ වල නිර්දේශයකින් තොරව එම වෛද්‍ය උපකරණ ආනයනය කිරීමේ තීරණය ගත්තේ කවරකු විසින්ද?
වෛද්‍ය උපකරණ ලංකාවට සුදුසුදැයි වෛද්‍ය අංශ වල නිගමනයකින් තොරව හදිසියේ විශාල තොග ආනයනය කිරීමෙන් පසුව, එම පරික්ෂාව ලංකාවේ කළ යුතු නැතැයි වෛද්‍ය අංශ නිගමනය කලහොත් ඒවා ආනයනය කිරීමේ වගකීම දරන්නේ කවුරුන්ද?
මේ වනවිට දකුණු කොරියාවෙන් උපකරණ ගෙන්වා ඇත්තේ John Stuart නමැති සමාගමෙන් බව අනාවරණය වී ඇත.තවද කඩිමුඩියේ මේවා ගෙන්වීමේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ වෙළඳ කලාපවල සහ වෙනත් කම්හල්වල සේවක සේවිකාවන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙනයාම සදහා ඔවුන්ට මෙම පරීක්ෂණය සිදුකර සේවයට යෙදවීම සදහාය.
එසේම වාර්තාවන ආකාරයට පරික්ෂණ කට්ටල ලක්ෂ ගණනක් ආනයනයකර අලෙවි කිරීමේ ප්‍රතිලාභයද එහි ආනයනකරු සමාගම විසින් උපයාගැනීමට නියමිතය.
නිසි සෞඛ්‍ය නිර්දේශයකින් තොරව ගෙන්වන මෙම වෛද්‍ය උපකරණ යොදාගෙන සේවකයන් සදහා ප්‍රතිදේහ ජනක පරික්ෂාව සිදුකිරීමට යාමේදී ඉන් අතුරු ආබාධ තත්වයන් ඇතිවුවහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද?ධනපති සමාගම්වලට හා ධනකුවේර ව්‍යාපාරිකයන්ගේ ලාභ අරමුණු වෙනුවෙන් වැඩකරන ජනතාවගේ ජීවිත මේසේ අවධානමේ හෙළීමට ඉඩදී අප බලාසිටිය යුතුද? මනුෂ්‍ය ජීවිත වලට වඩා සමාගම් වල ලාභය ආරක්ෂාකිරීමට උත්සකු වන මෙම සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට ඔබ එකගවන්නේද?
0 comments:
Post a Comment