මේ වන විට ලංකාවේ ප්‍රදේශ කිහිපයක් ඇත්තේ නිරෝධායන ඇදිරි නිතියට යටත්වය.කෝවිඩ් 19 පළමු රැල්ලෙන් පසුව මුහුණදෙන මෙම තත්වය අද වන විට වඩාත් දරුණු අතට පත්වෙමින් පවති.
පසුගිය මාසය තුළදී පමණක් ආසාදිතයන් 9000කට අධික ප්‍රමාණයක් හමුවී තිබෙන අතර සති දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ දී එකොළොස්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ලාභ කදු ගොඩගැසිමේ අරමුණෙන් සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව නොතකමින් ගෙන ගිය කර්මාන්තශාලා අද ජිවිත රැසක් අවධානමට ලක් කර ඇත.නිරෝධායන නීති ක්‍රියාත්මක කරන්නේ යැයි පවසමින් රජය සාමාන්‍ය ජනතාව වෙත දැඩි මර්ධනකාරී ප්රතිපත්ථියක් අනුගමනය කලද ව්‍යාපාරිකයන් කෙරේ අනුගමනය කලේ ඔවුන්ගේ ලාභ ආරක්ෂා කිරීමේ ප්‍රථිපත්තියකි.ඇතැම් අවස්ථාවල වසංගතය පවා තම ව්‍යාපාරික හිතවතුන්ට ලාභ ඉපයීමේ අවස්ථා නිර්මාණය කරදීමට යොදාගත්තේය.විදෙස්ගතව පැමිණ නිරෝධායනය වන්නන් හෝටල් වල නිරෝධානයට ලක්කිරීමේ සිට ඇන්ටිජෙන් පරීක්ෂණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ආනයනයේ සිට මෙය නිරීක්ෂණය කලහැක.එම නිසා රෝගය මෙතෙක් දුරට ව්‍යාප්ත වීමේ වගකීම රජය නිෂ්චිතව භාර ගත යුතුය. රෝගය සමාජ ගත වී තිබියදී පවා කරුණු වසන් කරමින් ගෙන ගිය ප්‍රතිපත්තිය අද සමාජයේ දැඩි විවේචනයට ලක් වෙමින් පවති.
සමාජ නියදියන් වශයෙන් ගෙන PCR පරික්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව පෙර සිට රාජ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉස්මතු කළහ. නමුත් ප්‍රමාණවත් පරීක්ෂණ සිදු නොකිරීමේ අතුරු ප්‍රතිඵලය වුයේ ජිවිත රාශියක් අවදානමේ දැමීම නොවේද. මෙම පරික්ෂණ ප්‍රමාදවීමට හේතුව විමසු විට අණ්ඩුවේ නියෝජිතයන් සදහන් කරනු ලැබුවේ IDH රෝහලේ ඇති PCR යන්ත්‍රය දෝෂගත වී පරික්ෂණ කිරීම ප්‍රමාද වූ බවය. එමෙන්ම එම රෝහලෙන් PCR පරීක්ෂණයට අවශ්‍ය උපකරණ කල් ඉකුත් වීමේ සිදු වීමක්ද අපට දේශීය නාලිකා ඔස්සේ අසන්නට ලැබුණි.මෙම තත්වය යටතේ නුදුරේදී දින 14ක නිරෝධානය කාල සීමාව අවසන් කරන පෑලියගොඩ සහ මිනිවන්ගොඩ පොකුරුවල ආශ්‍රිතයන් හැටදහසක් පමණ නැවත සමාජගත කිරීමට පෙර PCR පරීක්ෂණ සිදුකරන්නේ කෙසේද?
එමෙන්ම ඉයේ දින සිදු වූ මරණ 5 මරණින් පසුව හදුනා ගැනුණ රෝගින් වේ.PCR පරීක්ෂණ සිදුකර ඔවුන් කොවිඩ් ආසාදිත බව හදුනාගෙන තිබුණේ නම ඔවුන්ගේ ජීවිත බේරාගැනීමටද හැකියාවක් තිබුණි.මේ අහිමි වන ජීවිත සම්බන්ධව වගකීමක් ගන්නේ කවුද? මෙම තත්වයට මුහුණදීම සදහා වගකියයුතු රජයක් ලෙස සෞඛ්‍ය සේවයට ප්‍රථිපාදන වැඩිකර පහසුකම් පුළුල්කර එතෙක් පෞද්ගලික රෝහල් යොදාගෙනිමින් හෝ නොමිලේ PCR පරීක්ෂණ සිදුකර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කඩිනමින් කටයුතු කලයුතු නොවේද? නමුත් මෙවර අයවැයෙන්ද සෞඛ්‍ය ප්‍රතිපාදන බිලියන 20කට වඩා කප්පාදුවී ඇත.
0 comments:
Post a Comment